ජාතික විදුලිබල පද්ධතියේ සමතුලිතතාවය පවත්වාගෙන යාමට හැකිවන පරිදි කිසිදු සැලැස්මක් පසුගිය කාලය තුළ ක්‍රියාත්මක කර නොමැති බව බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි පවසනවා.
පසුගිය රජයයන්ගේ සැළසුම් රහිතකමත් අදූරර්දර්ශී වැඩපිළිවෙලත් විදුලිය බිද වැටීමට හේතුව බවයි ඔහු සඳහන් කළේ.
අද දින පෙරවරුවේ පානදුර විදුලි උපපොළේ සිදු වූ හදිසි තත්වයක් තුළින් මතු වූ අසමතුලිතතාවයක් නිසා රටපුරා විදුලිය ඇණහිටීමක් සිදු වුණා.
ජතික විදුලි පද්ධතියේ ස්ථාවරභාවය පවත්වා ගෙන යාම කෙරෙහි හොදින් සැළකිලිමත් නොවී අදූරර්දර්ශී ලෙස කටයුතු කළ පෙර රජයන්ගේ ක්‍රියා කළාපයත්, තාක්ෂණය පිළිබද වැටහීමක් නැති දුර්වල මගපෙන්වීමත් මේ තත්ත්වය උදාකරන්නට හේතු වූ බව මූලික විමර්ශනවලින් පෙනී යන බව අමාත්‍යවරයා සඳහන් කළා.
එහිදී ඔහු පැවසුවේ මේ තත්ත්වයට හේතු වුණු කරුණු ගැඹුරින් විමසා බලා නැවත මෙවන් තත්වයක් උදා නොවීමට අවශ්‍යය පියවර ගන්නා බවයි.
