මේ කියන්න හදන්නේ හද සසල වන කතාවක්...
සැමියා එල්ලකළ පොරෝ පහරක් නිසා බරපතල තුවාල ලැබූ තිදරු මවක වන කාන්තාවක් මියගොස් තිබෙනවා.
තුවාල ලැබූ කාන්තාව පුත්තලම මූලික රෝහලට ඇතුලත් කර ප්‍රතිකාර ලබමින් සිටියදී මරණයට පත්ව ඇති බවයි වාර්තා වන්නේ.
පියෙකු විසින් සිය දියණියට හා බිරිඳට එල්ල කළ තියුණූ ආයුධ ප්‍රහාරයක් නිසා මෙසේ බිරිඳ මියගොස් ඇති බවයි පොලිසිය පැවසුවේ.
මෙලෙස අවාසනාවන්ත ලෙස ඝාතනයට ලක්ව ඇත්තේ පුත්තලම කල්අඩිය, මී ඔය ප්‍රදේශයෙ 50 හැවිරිදි තිදරු මවක්.
පවුල් ආරවුලක් හේතුවෙන් ප්‍රහාරය එල්ලකර ඇති බවයි පුත්තලම මූලස්ථාන පොලිසිය පවසන්නේ.
පවුල් ආරවුලක් හේතුවෙන් සැමියාගෙන් වෙන්වි සිටි මෙම තිදරු මව මැද පෙරදිග ගෘහ සේවයට ගොස් මීට මාසයකට පෙර ලංකාවට පැමිණ ඇති බවත් එහිදී වැඩිමහල් දියණිය සමග ඇගේ නිවසේ වාසය කරමින් සිට ඇති බවත් පැවසෙනවා.
එහි දී අවස්ථා කිහිපයක් දියණියගේ නිවසට පැමිණි සැමියා තමන් සමග වාසයට නිවසට පැමිණෙන ලෙස දන්වා තිබෙනවා.
ඔහු නිරන්තරයෙන් මත්පැන් පානය කර අඬදබර කිරීම නිසා කාන්තාව එහි යාම ප්‍රතික්‍ෂේප කර ඇති බව පැවසෙනවා.
මේ අතර ඊයේ (07) දියණියගේ නිවසට කඩා වැදුණු සැකකරු පොරෝවක් ගෙන බිරිද පසුපස එලවමින් පහර දී තිබෙනවා.
එහිදී මව බේරා ගැනීමට ගිය 30 හැවිරිදි දියණියට ද පොරෝවෙන් පහර දී බරපතල තුවාල සිදුකර ඇති බවයි පොලිසිය පවසන්නේ.
සැකකරු පලා ගොස් ඇති අතර, ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන ක්‍රියාත්මකයි