Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Feb
08
"අම්මා එළියට ගියත් බිම වැටුණා... මම අම්මා බේරගන්න බදා ගත්තා" - මවගේ ඝාතනය ගැන දියණිය හෙළිකළ ඇඟ හිරිවැටෙන කතාව...

- "අම්මා එළියට ගියත් බිම වැටුණා... මම අම්මා බේරගන්න බදා ගත්තා" - මවගේ ඝාතනය ගැන දියණිය හෙළිකළ ඇඟ හිරිවැටෙන කතාව...Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

10 Views
මේ සිද්ධිය පසුගිය දිනවල බොහෝ දෙනෙක් කම්පාවට පත් කරපු පුවතක් වුණා..


මේ කියන්න යන්නේ අන්න ඒ සිද්ධිය වූ අවස්ථාවේ ඇගේ දියණියන් දුටු සාක්ෂි ගැන කතාවක්.

“තාත්තා හොරෙන්ම රෑ වෙලා අපේ ගෙදරට ඇවිත් ගියා කියලා දැන ගත්ත හින්දා අපේ ගෙදර හිටිය අම්මයි මමයි නංගියි මහත්තයාගේ නංගීයි මගේ අවුරුදු 3 හමාරක් වූ දරුවයි අපි ඔක්කොම කාමරවල නැතුව සාලෙට ගිහින් නිදා ගත්තා. ඒත් රෑ එකහමාරට විතර ගෙදර ජනේලයක් කඩාගෙන තාත්තා අපි නිදාගෙන හිටිය තැනට ආවා. ඇවිත් අම්මව ඇදලා අරන් එයාගේ අතේ තිබුණු පිහියෙන් අම්මට ඇනගෙන ඇනගෙන ගියා. මම අම්මා බේරගන්න එයා බදා ගත්තා. එතකොට තාත්තා මටත් පිහියෙන් ඇන්නා..” යැයි දියණියගේ නිවසේ නිදා සිටි බිරිඳ පිහිවලින් කපා කොටා හිසට ගලක් අතහැර දමා මැරූ සිද්ධියේ මහෙස්ත්‍රාත් පරීක්ෂණයේ දී මියගිය කාන්තාවගේ වැඩිමහල් දියණිය වන සඳුනි භාග්‍යා රුවන්පතිරණ ප්‍රකාශ කළා..

සිද්ධියෙන් මියගොස් තිබුණේ ගයනි දිල්රුක්ෂි කුමාරි නමැති 40 හැවිරිදි තිදරු මවක්… නාවලපිටිය දොලොස්බාග මාර්ගයේ සෙම්රොක් ප්‍රදේශයේ නිවසක දී මෙම සිද්ධිය සිදුවී තිබුණා..

ඇය හා සැමියා වන එරන්ද රුවන්පතිරණ නාවලපිටිය පල්ලේගම ප්‍රදේශයේ පදිංචිව සිටියත් පවුල් ආරවුලක් මත මාස තුනක් මොවුන් වෙන්ව සිටි බව මෙහිදී අනාවරණය වුණා…

තවදුරටත් කරුණු දැක්වූ සාක්ෂිකාරිය මෙසේ පැවසුවා..

“අටට විතර තාත්තා හොරෙන් අපේ ගෙදරට ඇවිත් බිත්තියට මුවා වෙලා ඉන්නවා මම දැක්කා. මගේ මහත්තයා කොළඹ වැඩට ගිහින් හිටියේ. මේ නිසා අපි පොලිසියේ 119 ට කතා කරලා අපි ගෑනු පමණයි ගෙදර ඉන්නේ කවුද ඇවිත් ඉන්නවා කිව්වා…

පොලිසිය නවයට විතර අපේ ගෙදරට ආවා.. ඊට ඉස්සර වෙලා රෑ හතයි තිහට විතර අපට අඩි ශබ්දයක් ඇසුණා.. අපි ඔක්කොම එළියට ගිහින් ටෝච් ගහලා බැලුවා.. ඒත් කවුරුවත් හිටියේ නෑ.. අපි මේ ගැනත් පොලිසියට කිව්වා.. පොලිසියත් වටපිට හොඳට බලලා කවුරුවත් නැති නිසා ආපහු යන්න ගියා..

රෑ එකහමාරට විතර ඇවිත් තාත්තා අම්මට පිහියෙන් අනිනකොට එයා ළඟ හිටපු මගේ මහත්තයාගේ අවුරුදු 16ක් වූ නංගි කුස්සියට ගිහින් සොරඬියක් ගෙනත් තාත්තාගේ ඔළුවට ගැහුවා.. එතකොට එයා මේ නංගිගේ පස්සේ පැන්නුවා.. එයා කුස්සියේ දොරෙන් එළියට දිව්වා. එතකොට මම මගේ අඬ අඬා හිටියා දුව වඩා ගත්තා.. එතකොට අම්මා නැගිටලා ගෙයින් එළියට දිව්වා.. තාත්තා එයා පස්සේ පැන්නුවා. අම්මා ගේ වටින් ඇවිත් කුස්සියේ දොර වහගත්න බැලුවත් බැරිවුණා.. එයා අම්මගේ කොණ්ඩෙන් අල්ලාගෙන ආයෙත් පිහියෙන් අනින්න පටන් ගත්තා.. එතකොට එයා ගෙනාව පිහිය කැඩුණා..“

මෙහිදී සාක්ෂි දුන් මියගිය අයගේ 15 හැවිරිදි බාල දියණිය මෙසේ පැවසුවා..

“තාත්ත අපේ කුස්සියට ගිහින් තව පිහියක් ගෙනාවා.. ඒකෙන් එයා අම්මව තව කැපුවා.. අම්මා එළියට ගියත් බිම වැටුණා.. එතකොට බලු කූඩුව ළඟ තිබුණු ලොකු ගලක් අරන් අම්මගෙ ඔළුවට අත ඇරියා..

අපි දුවලා ගිහින් අහල පහළ අයට මේ ගැන කිවුවා.. කඩේ අයටත් කිව්වා.. ඒත් කවුරුවත් ආවේ නෑ.. පස්සේ තාත්තා ආව ත්‍රීවීලර් එකෙන් යනවා දැක්කා. එයා එතන හිටිය අයට කිවුවා ගෑනි මැරුවා වගේ තොපිත් මරනවා කියලා.. මම දැන් පොලිසියට යන්නේ කියලා එයා ගියා..''

පොලිසියට භාර වූ මෙම පුද්ගලයා එහිදී ප්‍රකාශ කර ඇත්තේ තමා බිරිඳ සමග සමථයකට ඒමට හිතාගෙන දුවගේ ගෙදරට ගියත් ඇය තව කෙනකු එක්ක දුරකථනයෙන් කතා කර කර හිටපු නිසා කේන්තිට පියෙන් ඇන්න බවයි.. බිරිඳගේ අනියම් සම්බන්ධයක් නිසා තමා අමනාපෙන් සිටි බව ද මොහු ප්‍රකාශ කර ඇත.. මොහුගේ ප්‍රකාශ සාවද්‍ය බව ද අනාවරණය වී තිබෙනවා..

මෙම පුද්ගලයා පළමු වරට 4 වැනිදා රාත්‍රී 8.30 ට පමණ එම නිවසට පැමිණි අවස්ථාවේ හසු වීම නිසා නැවත මඟ නවතා තිබූ ත්‍රිරෝද රියෙන් නාවලපිටිය නගරයට ගොස් මත්පැන් පානය කර යළි අලුයම එකයි තිහට පමණ මෙසේ එම නිවසට ගොස් මෙම අපරාධය සිදුකොට ඇති බව ද අනාවරණය වී තිබෙනවා..

මෙහි මහෙස්ත්‍රාත් පරීක්ෂණය නාවලපිටිය මහෙස්ත්‍රාත් ලසන්ජී රත්නායක මෙනවිය විසින් පවත්වන ලදී. එහිදී අධිකරණ වෛද්‍ය සුසන්ත හේරත් මහතා ද පැමිණ සිටියා..

පශ්චාත් මරණ පරීක්ෂණය නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය අයි. එල්. රත්නායක විසින් පවත්වා තිබුණා..

ඇගේ සිරුරේ ඇනුම් හා කැපුම් තුවාල සියයක් පමණ නිරීක්ෂණය වී ඇත. එම පිහි පහරවල්වලින් මොළය කොටස් පවා කැපීගොස් තිබූ බව අනාවරණය වී තිබුණා..

හිසට කළුගලක් අතහැරීම නිසා මුහුණ සම්පූර්ණයෙන්ම විනාශ වී ගොස් ඇති අතර, කැපුම් තුවාල හා අධික රුධිර වහනයෙන් මෙම මරණය සිදුව ඇති බව නිගමනය කර තිබුණා..

මෙම සැකකරු යුද හමුදාවේ විශ්‍රාමික ලාන්ස් කෝප්‍රල්වරයකු බව ද හෙළි වී තිබුණා..
දිවයින පුවත්පත ඇසුරෙන්

Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post




.
Malak
Master Sir
Master Sir
Wathsunu
Paata KUrullo
Ahas
Bambarek Awith
akurata yana welawe
Sihina Genena Kumari
Raja Gedara
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top