කොළඹ වරාය භූමියෙන් හමු වූ සමූහ මිනීවළවල් තුළ මේ වන තෙක් සිදු කළ කැණීම්වලින් පුද්ගලයන් 16 දෙනකුගේ ඇටසැකිලි හඳුනාගෙන ඇති බවත්, ඒ අතර කුඩා දරුවන් දෙදෙනකුගේ ඇටසැකිලිද තිබීම විශේෂත්වයක් බවත් පුරාවිද්‍යාඥ, මහාචාර්ය රාජ් සෝමදේව පවසනවා.
මේ සමූහ මිනීවළ ක්‍රමවත් සුසාන භූමියක් නොවන බවද, එම සිරුරු තැන්පත් කර ඇති අයුරින් ඔවුන් ඝාතනයට ලක් වූ ස්වරූපයක් පෙනෙන්නට තිබෙන බවද පැවසූ මහාචාර්යවරයා විද්‍යාත්මක පරීක්ෂා කිරීමකින් අනතුරුව මේ සිදුවීම්වලට අදාළ කාලය නිර්ණය කළ හැකි බවත්, අධිකරණයේ දැනුවත් කිරීම අනුව වාර්තා සපයන බවත් ප්‍රකාශ කළේය.
මේ වන විට ඇටසැකිලි 13ක් හඳුනාගෙන ඇති බවත්, ඊට අමතරව කැඩී බිඳී ගිය කොටස් සැලකිය යුතු ප්‍රමාණයක් හමු වී ඇති බවත් ඔහු කියා සිටියේය.
එසේම තවත් තිදෙනකුගේ පමණ ඇටසැකිලි හඳුනාගැනීමට නියමිත බවද ඔහු පෙන්වා දුන්නේය.
එමෙන්ම මහාචාර්යවරයා පෙන්වා දුන්නේ තඹ මිශ්‍ර යමක් දිය වී යෑමෙන් ඇති වූ පැල්ලමක් කුඩා දරුවකුගේ අතේ තිබුණු බවයි.
කොළඹ වරාය භූමි පරිශ්‍රයේදී පැවැති මේ කැණීම් අවස්ථාවට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් මංජුල රත්නායක සහ වරාය පොලීසියේ ස්ථානාධිපති එච්.එම්.එස්. ජයරත්න මහත්වරුද එක්ව සිටියහ.
උපුටා ගැනීම - දිනමිණ