Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Feb
08
කොලෙස්‌ටරෝල් පිරුණු රුධිර නාලිකා පිරිසිදු කරගන්න මේ ආහාර වර්ග ආහාරයට ගන්න...

- කොලෙස්‌ටරෝල් පිරුණු රුධිර නාලිකා පිරිසිදු කරගන්න මේ ආහාර වර්ග ආහාරයට ගන්න...Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

11 Views
නිරෝගීව ඉන්න, නිතර ව්‍යායාම කරන්න, ගුණදායක දේවල් කන්න, ශරීරයට අහිතකර දේවල් කෑමට ගන්න එක අඩු කරන්න කියලා කොයි තරම් කිව්වත් අපේ වැඩි දෙනෙක්  ඕක ගාණකට ගන්නේ නෑ. 


තව එකක් කෑවට මොකද වෙන්නේ කියලා හිත හිත දිගටම කල් මරනවා. අන්තිමේදී අමාරු වෙලා දොස්තර කෙනෙක් ලගට ගිහින් බය වෙලා ගෙදර ඇවිත් තමයි පෝෂණය ගැන හොයන්නේ.

ඒත් ඒ වෙන කොට කොලෙස්ටරෝල් පිරිලා ලෙඬේ වැළඳිලා ඉවරයි. ලෙඬේ හැදුනට පස්සේ පරිස්සම් වෙන එකේ ලොකු ප්‍රයෝජනයක් නැහැ. කණගාටුවට කරුණ ඔය ටික වැඩි දෙනෙක්ට තේරෙන්නේ නැති එකයි.
 
කොලෙස්ටරෝල් වැඩි වීමේ අනිවාර්ය ප්‍රතිඵලය තමයි ඒවා රුධිර නාල මත තැන්පත් වෙලා ඒ නාල සිහින් කරන එක. ලේ නාල කියන්නේ අපේ ඇගේ හැම දෙයක්ම තැනකින් තැනකට ගෙනියන ප්‍රධානම ප්‍රවාහන ක්‍රමය කිව්වොත් වැරැද්දක් නැහැ.

පෝෂක, ඔක්සිජන්, ජලය වගේ හැම දෙයක්ම ශරීරයේ සෑම ෙසෙලයකටම බෙදා හරින්නේ ලේ වලින්. ඒත් ඒවා ඇතුලේ කොලෙස්ටරෝල් හිර වුණාම මේ වැඬේ හරියට සිද්ධ වෙන්න බැරි වෙනවා. ඉතින් හදවත වැඩි පීඩනයකින් ලේ පොම්ප කරලා කොහොම හරි දිගටම රුධිර ගමනය තියා ගන්න බලනවා. මේකෙන් වෙන්නේ හදවත අනවශ්‍ය විදිහට වෙහෙසට පත් වෙලා හෘදයාබාධ ඇති වෙන එකයි.
 
කලින් කිව්වට ගණන් ගත්තේ නැති අය දැන් මේ ලෙඩෙන් බේරෙන්න ක්‍රම හොයනවා ඇති. අපි මේ කියන්න යන්නේ ඒ වගේ අයට තමන්ගේ රුධිර නාල වල තැන්පත් වුණු කොලෙස්ටරෝල් දිය කරලා හරින්න පුළුවන් ආහාර කිහිපයක් ගැනයි. මේවා නිතරම ආහාරයට ගත්තොත් ඔබට කොලෙස්ටරෝල් නිසා ඇති වන රෝග වලින් මිදෙන්න ලොකු අවස්ථාවක් තියෙනවා.
 
සුදු ළූණු
සුදු ළූණු කියන්නේ අපි කවුරුත් ආසාවෙන් කෑමට ගන්න දෙයක්. කෑම වර්ග රසවත් කරන්න, විශේෂයෙන් බැදපු ආහාර වලට හොඳ රසයක් එන්න සුදු ළූණු කදිමයි. රසය කොහොම වුණත් ගුණය අතින් නම් සුදු ළූණු බොහොම ඉදිරියෙන් ඉන්නේ. විවිධ පරීක්ෂණ ගණනාවකින් තහවුරු වෙලා තියෙනවා සුදු ළූණු කියන්නේ කොලෙස්ටරෝල් මට්ටම පහත හෙලන්න හොඳම කෑම වර්ගයක් බව.

මේ නිසා වැඩි වැඩියෙන් සුදු ළූණු කෑමට එකතු කර ගන්න. දැනටමත් ඔබේ කොලෙස්ටරෝල් ප්‍රමාණය අධිකයි නම් දිනපතාම සුදු ළූණු බික් 4ක්වත් කෑමට ගන්න බලන්න. අමුවෙන්ම කන්න හරි, උණු වතුරෙන් තම්බලා හරි කන්න පුළුවන් නම් වැඩිය හොඳයි. ඒ වගේම ගෙදර කෑම වලට දාන සුදු ළූණු ප්‍රමාණය වැඩි කර ගන්න. මේකෙන් ඔබට සැලකිය යුතු ගුණයක් ලබා ගන්න පුළුවන්.
 
මාළු
මාළු කියන්නේ අපිට බොහොම ගුණදායක කෑම වර්ගයක්. මස් වල අඩංගු තරමටම ප්‍රෝටීන් සහ අත්‍යාවශ්‍ය පෝෂක අඩංගු වුණත් මේදය හා කොලෙස්ටරෝල් මාළු වල තියෙන්නේ ඉතා අඩුවෙන්. මාළු වල තියෙන මේදය ටිකෙනුත් වැඩි ප්‍රමාණයක් ඔමේගා 3 වගේ ශරීරයට හරිම වැදගත් මේද අම්ල. මේවා හදවත් ආශ්‍රිත හැම රෝගයකටම ගුණදායකයි. මධ්‍යම ප්‍රමාණයේ මාළු තමයි වැඩිය හොඳ (අඩි 1-3 දිග) විශේෂයෙන්ම සැමන් මාළු නිතර ගැනීම ශරීරයට ඉතාම හිතකර වෙනවා. පොදුවේ මස් වර්ග කන එක අඩු කරලා මාළු කන එක වැඩි කර ගත්තොත් ඔබට බොහොම කාලයක් ජීවත් වෙන්න පුළුවන්. ලෝකයේ මාළු වැඩියෙන්ම කන රටක් වන ජපානයේ ආයු කාලය මේකට හොඳම සාක්ෂියක්.
 
දෙළුම්
දෙළුම් කියන්නේ හරිම රසවත් වගේම පුදුම ගුණදායක පළතුරක්. ශරීරයේ තියෙන කොලෙස්ටරෝල් දිය කර හරින්න වගේම රුධිර
ගමනාගමනය ක්‍රමවත් කරන්නත් සමත් පෝෂක ගණනාවක් දෙළුම් තුල අඩංගුයි. රුධිරය තුල නයිට්‍රික් ඔක්සයිඞ් නිෂ්පාදනය වෙන්න
දායක වෙන නිසා රුධිර පීඩනය අඩු කරන්නත් බලපානවා. දෙළුම් ගෙඩියක් පුළුවන් හැම වෙලාවකම කන්න බලන්න.
 
කහ
කහ කියන්නෙත් ඉතාම පෝෂ්‍යදායි සංයෝගයක්. මෙහි අඩංගු ප්‍රධාන පෝෂකය වන කර්කමින් (Curcumen) කියන පොලි ෆීනොල් සංයෝගය අපේ ශරීරය තුල අඩංගු අහිතකර කොලෙස්ටරෝල් ප්‍රමාණය 26%කින් අඩු කරන්න සමත් බව පරීක්ෂණ වලින් සොයාගෙන තියෙනවා. මේ නිසා හදවත් ආශ්‍රිත රෝග හැම එකකටම ගුණදායකයි. පිළිකා ඇති වීම වළක්වන්නත් කර්කමින් වලට හැකියාවක් ඇති බව ඔබ දන්නවානේ. ඉතින් හැම ව්‍යංජනයකටම කහ ටිකක් වැඩිපුර දාන්න මතක තියා ගන්න.
 
ඔලිව් තෙල්
ඔලිව් තෙල් කියන්නෙත් ඔමේගා 3 මේද අම්ල වලින් බහුල තෙල් වර්ගයක්. මීට අමතරව ඔලිව් තෙල් වල අඩංගු ඒකසංතෘප්ත (Monosaturated)  මේදය සැලකෙන්නේ අපේ ශරීරයට හිතකර මේද ප්‍රභේදයක් විදිහටයි. මේ නිසා ඔලිව් තෙල් නිතර ආහාර වේලට එක් කර ගත්තාම මස් වර්ග වල තියෙන සංතෘප්ත හා ට්‍රාන්ස් මේදය නිසා ශරීරයට ඇති වන අහිතකර ප්‍රතිඵල වලින් බේරෙන්න පුළුවන්. මේ නිසා ඍජුව වගේම වක්‍රවත් ඔලිව් තෙල් ආහාරයට ගැනීම ඔබේ කොලෙස්ටරෝල් ප්‍රමාණය අඩු කරන්න දායක වෙනවා.
 
අපි මේ කිව්ව ආහාර වර්ග පහ නිතර කෑමට එකතු කර ගත්තොත් ඔබට තියෙන කොලෙස්ටරෝල් අධික තත්වය අඩු කර ගන්න පුළුවන් වෙනවා. ඒ වගේම දැනට ඔබ නීරෝගීව ඉන්න කෙනෙක් වුණත් මේ ආහාර නිතර ගත්තාම ඒ වගේ අනවශ්‍ය රෝග වැළඳීමෙන් ආරක්ෂා වෙන්න පුළුවන්.

පස්සේ කාලෙක දොස්තරලා පොහොසත් කරනවා වෙනුවට දැන්ම නීරෝගීව ඉන්න බැලූවොත් හොඳයි නේද?
උපුටා ගැනීමකි...
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post




.
Malak
Master Sir
Master Sir
Wathsunu
Paata KUrullo
Ahas
Bambarek Awith
akurata yana welawe
Sihina Genena Kumari
Raja Gedara
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top