Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Feb
08
සෞන්දර්ය විෂයයන් සහ සෞඛ්‍යය විෂය නිර්දේශවලින් ඉවත් වේවිද..? මෙන්න ඒ ගැන ඇසෙන අලුත්ම ආරංචිය මෙන්න...

- සෞන්දර්ය විෂයයන් සහ සෞඛ්‍යය විෂය නිර්දේශවලින් ඉවත් වේවිද..? මෙන්න ඒ ගැන ඇසෙන අලුත්ම ආරංචිය මෙන්න...Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

4 Views
සෞන්දර්ය විෂයයන් සහ සෞඛ්‍යය විෂය නිර්දේශවලින් ඉවත් කරනවා ද? ඒ ගැන විවිධ කතාබහ මැවුනත් මේ කියන්න යන්නේ එම විශයන් ගැන ඇසෙන අලුත්ම කතාවයි..  

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණය තුළින් කිසිසේත් සෞන්දර්ය විෂයයන් සහ සෞඛ්‍ය හා ශාරීරික අධ්‍යාපනය ඉවත් නොකරන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවා..

2026 සිට ක්‍රියාත්මක කරන නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ දැනුවත් කිරීම හා අදහස් ලබා ගැනීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යංශය, ජාතික අධ්‍යාපන ආයතනය, විභාග දෙපාර්තමේන්තුව යන අයතනයන්හි නිලධාරීන් සහ ජාතික ජන බලවේගයේ අධ්‍යාපන ප්‍රතිපත්ති කමිටු නියෝජිතයින් පිරිසක් සමග අද (08) අරලියගහ මන්දිරයේ පැවති සාකච්ඡාවකදී අදහස් දක්වමින් අග්‍රාමාත්‍යතුමිය මේ බව සඳහන් කළා...

අධ්‍යාපන ක්‍රමයේ පවතින දුර්වලතා මගහරවා ගනිමින් නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සිදු කරන ආකාරය සහ මේ වනවිට ඒ වෙනුවෙන් ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳව මෙහිදී සාකච්ඡා කර තිබෙනවා...

විෂයමාලා ප්‍රතිශෝධනය සහ විෂය අන්තර්ගතය, අධ්‍යාපන හා පාසල්වල සිදුවිය යුතු යටිතල පහසුකම් සංවර්ධනය, ගුරු පුහුණුව සහ ආකල්ප සංවර්ධනය, අධ්‍යාපන, ක්ෂේත්‍රයේ සිදු විය යුතු වෘත්තීය සංවර්ධනය, ඇගයීම් ක්‍රමවේද ප්‍රතිසංස්කරණය, අධ්‍යාපන ප්‍රතිපත්ති සකස් කිරීම ඇතුළු කරුණු ගණනාවක් පිළිබඳව මෙහිදී සාකච්ඡා කර ඇති බවයි වාර්තා වන්නේ...

එමෙන්ම අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සිදු කිරීමේදී පුර්ව ළමාවිය සංවර්ධනය, ප්‍රාථමික අධ්‍යාපනය, ද්විතීයික අධ්‍යාපනය, තෘතියික හා වෘත්තීය අධ්‍යාපනය යන අංශවල අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සිදුවිය යුතු ආකාරය පිලිබඳව මෙහිදී අවධානය යොමු වූ අතර පූර්ව ළමාවිය 1 ශ්‍රේණිය සිට 6 ශ්‍රේණිය දක්වාත්, 6 ශ්‍රේණිය සිට 9 ශ්‍රේණිය දක්වාත් 10 ශ්‍රේණියේ සිට 13 වන ශ්‍රේණිය දක්වාත් අධ්‍යාපනයේ සිදුවිය යුතු ප්‍රතිසංස්කරණ පිලිබඳව ජාතික අධ්‍යාපන ආයතනයේ නිලධාරීන් මෙහිදී කරුණු පැහැදිළි කර තිබෙනවා...

"Transform education, transform Sri Lanka" තේමා කරගනිමින් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සිදු කිරීම කෙරෙහි මෙහිදී සියලු දෙනාගේ එකඟතාවය පළ කර ඇති බවයි වාර්තා වන්නේ...

අධ්‍යාපන හා උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න, වෘත්තීය අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය නලින් හේවගේ, බුද්ධ ශාසන, ආගමික කටයුතු සහ සංස්කෘතික අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි, කාන්තා සහ ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ්, කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ, පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් රාජපක්ෂ ඇතුළු මැති ඇමතිවරුන්, අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් නාලක කළුවැව සහ අධ්‍යාපන අමාත්‍යංශය, ජාතික අධ්‍යාපන ආයතනය, විභාග දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් නිලධාරීන් පිරිසක් ද මෙම අවස්ථාවට සහභාගී වී තිබෙනවා...
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post




.
Malak
Master Sir
Master Sir
Wathsunu
Paata KUrullo
Ahas
Bambarek Awith
akurata yana welawe
Sihina Genena Kumari
Raja Gedara
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top