පසුගිය දිනවල පාස්පෝට් සමබන්ධ ගැටලු බොහොමයක් ගැන කතා වුණා..
මේ කියන්න යන්නෙ අන්න ඒ ගැන ඇසෙන අලුත්ම ආරංචියක්..
විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීම පිළිබඳව පවතින ගැටලුව මාස දෙකක් ඇතුළත සාමාන්‍ය තත්ත්වයට පත්වනු ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල ප්‍රකාශ කළා..
ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සමග මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු පිළිබද අමාත්‍යංශයේදී ඊයේ පැවති සාකච්ඡාවකට එක්වෙමින් ඔහු කියා සිටියේ දෛනිකව නිකුත් කෙරෙන විදෙස් ගමන් බලපත්‍ර ප්‍රමාණය වැඩි කිරීමටද තීරණය කර ඇති බවයි..