Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Feb
08
යකඩ මල් පෝච්චියකින් හිසට පහර දීලා... කඹුරුපිටියම එකම මළගෙයක් කළ ඛේදවාචකයේ ඇඟ කිළිපොලා යන කතාව... ඝාතනයට දින කිහිපයකට පෙර ගුරුවරිය කළ දේකුත් හෙළිවෙයි...

- යකඩ මල් පෝච්චියකින් හිසට පහර දීලා... කඹුරුපිටියම එකම මළගෙයක් කළ ඛේදවාචකයේ ඇඟ කිළිපොලා යන කතාව... ඝාතනයට දින කිහිපයකට පෙර ගුරුවරිය කළ දේකුත් හෙළිවෙයි...Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

5 Views
සමාධි අයේෂා ගමගේ 34 හැවිරිදි අවිවාහක තරුණියකි. ඇය මාස කිහිපයකට ඉහතදී ගුරු පත්වීමක් ලැබ මාර/දික්වැල්ල විජිත මධ්‍ය මහා විද්‍යාලයේ සේවයට එක්වූවාය. ඒ ඉංග්‍රීසි ගුරුවරියක ලෙසිනි.

කඹුරුපිටිය නගරයේ – මාතර පාරේ අංක 130 දරන ස්ථානයේ පදිංචිව සිටි සමාධි පවුලේ බාල දියණිය වූවාය. පියා ජීවතුන් අතර නැත. මව තුරුලේ හැදී වැඩුණු ඇයට වැඩිමහල් සහෝදරියක සහ සහෝදරයෙකු සිටින අතර සහෝදරිය විවාහවී මාතර ප්‍රදේශයේ වෙනම පදිංචිව සිටින්නීය.

අයේෂාගේ මව සහ අවිවාහක වැඩිමහල් සහෝදරයා අයේෂා පදිංචි මහගෙදරම පදිංචිව සිටිති. සහෝදරයා නිවසට යාබදව හෝටලයක් පවත්වාගෙන යන ව්‍යාපාරිකයෙකි.

අයේෂා සිප්සතර හදාරා වැඩිදුර අධ්‍යයන කටයුතුවල නියැළුණේ ඉංග්‍රීසි භාෂාව හැදෑරීමට ප්‍රමුඛත්වය ලබා දෙමිනි. ඇය ඉංග්‍රීසි භාෂාව සහ ඉංග්‍රීසි සාහිත්‍යය පිළිබඳ ඩිප්ලෝමා ගණනාවකට හිමිකම් කියූ අති දක්ෂ ගුරුවරියක කිවහොත් එය අතිශයින්ම නිවැරදිය.

තම නිවෙසේ කොටසක උසස් අධ්‍යාපන ආයතනයක් ද ඇරඹූ ඇය තවත් ගුරුවරුන් පිරිසක් සමඟ එක්වී ප්‍රදේශයේ දූ දරුවන්ට ‘අත්වැල‘ක් සපයමින් අධ්‍යාපනික කටයුතු කරගෙන ගියාය. ඊට අමතරව මාර්ගගත (ONLINE) ක්‍රමය ඔස්සේ විවිධ ප්‍රදේශවල වෙසෙන දරුවන්ට ඉංග්‍රීසි භාෂා අධ්‍යාපනය ලබා දුන්නාය.

පළමුවන ශ්‍රේණියේ සිට 11 වැනි ශ්‍රේණිය දක්වා ඉංග්‍රීසි පන්ති සහ වට්ස්ඇප් සමූහ කණ්ඩායම් පන්ති පැවැත්වීම ද, පාසල් සිසුන් සහ වැඩිහිටියන් සඳහා වට්ස්ඇප් සමූහ කථන (SPOKEN ENGLISH) පන්ති, 6 ශ්‍රේණියේ සිට 13 වැනි ශ්‍රේණිවල සිසුන් සඳහා වට්ස්ඇප් මඟින් ඉංග්‍රීසි සාහිත්‍ය පන්ති මෙන්ම තනි සිසුන් සඳහා වට්ස්ඇප් මඟින් පන්ති ද පවත්වාගෙන ගිය ඇය උත්තර පත්‍ර පරීක්ෂකවරියක ලෙස ද සේවය කළාය.

ඉකුත් ජනවාරි 30 වැනි දින අයේෂාගේ 34 වැනි ජන්ම දිනය උදාවී තිබිණි. ඇය ඉතා ප්‍රීතියෙන් යුතුව තමන්ට දුරකතන ඇමතුම් ලබා දෙමින් සුබ පැතූ සැමට සිනහසෙමින් පිළිතුරු සැපයුවේ තම ජීවිතයේ අවසාන හෝරාව ළංව තිබෙන බව හෝ තම ජීවන මගෙහි අවසාන උපන්දින සැමරුම මෙය වේ යැයි සිහිනයකින් හෝ නොසිතමිනි.

මුහුණු පොත ඔස්සේ 30 වැනි දින ඇගේ උපන් දිනයට විවිධ සුබ පැතුම් සිතුවම්වලින් සුබ පැතූ අයේෂාගේ මිතුරු මිතුරියන්ට පසුදින හිමිදිරි උදෑසන හදවත් කම්පා කරවන කනගාටුදායක පුවතක් අසන්නට ලැබිණි. ඒ අ‍යේෂා පහරකෑමකින් ඝාතනය වී ඇති බවට ලැබුණු අනපේක්ෂිත වූ අමිහිරි පුවතයි.

හෝරා කිහිපයකට පෙර ඇයට සුබ පැතූ ඥාති හිතමිතුරන්ට සිදු වූයේ එම පුවත සැලවීමත් සමඟ ඇයට නිවන් සුව ප්‍රාර්ථනා කරමින් මුහුණු පොතේ සටහන් තබන්නටත් ඇය පදිංචිව සිටි නිවෙස දෙසට ඇදී එන්නටත්ය. මුහුණු පොත පරිශීලනය කරනඅය පවා මවිතයට පත්කරවමින් මේ ඝාතන පුවත රට පුරා පැතිරි ගියේ ක්ෂණයකිනි. මුළු කඹුරුපිටියම එකම ‘මළගෙය‘ක් බඳු වන්නට ගතවූයේ තත්පර ගණනකි.

31 වැනි දින උදෑසන 5.00ට පමණ කඹුරුපිටිය පොලිස් ස්ථානයේ දුරකතනය නාද විය. රාජකාරියේ නිරතව සිටි පොලිස් නිලධාරියා එම ඇමතුමට සවන්දී කඩිනමින් ඔහු තම ස්ථානාධිපතිවරයාට මෙම සිද්ධිය සැල කර සිටියේය. අසල්වැසියෙක් විසින් පොලීසිය වෙත ලබා දුන් දුරකතන ඇමතුමෙන් දන්වා තිබුණේ අයේෂා නමැති ගුරුවරියට පහරදීමක් සිදුවී ඇති බවයි.

කඹුරුපිටිය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක මනෝජ් ගුණවර්ධන සහ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක අජිත් මෙන්ඩිස් ඇතුළු පොලිස් නිලධාරීන් පිරිසක් කඩිනමින් අයේෂා පදිංචිව සිටි අංක 130 දරන ස්ථානයට ගියේ මේ පිළිබඳ විමර්ශනය කිරීම සඳහාය.

පොලිස් නිලධාරීන් පිරිස එම නිවෙසට යනවිට අයේෂා ඝාතනය වී ලේ විලක් මැද නිවෙසේ සාලයේ වැටී සිටියාය. ඇයට පහර දුන් බවට සැක කෙරෙන යකඩ පෝච්චියක් සහ පිහියක් ඇය අසලම බිම වැටී තිබිණි. අයේෂාගේ හිසට යකඩ මල් පෝච්චි පහර වැදී තිබූ අතර පපු ප්‍රදේශයට පිහියකින් ඇන තිබූ බව අනාවරණය වී තිබුණි.

ඇගේ සිරුරට නුදුරින් සාලයේ වෙනත් තැනක ඇගේ මව වැටී සිටියාය. ඇය හුස්ම ගන්නා බැවින් වහාම ඇයව කඹුරුපිටිය රෝහලට යැවීමට පියවර ගැනිණි. දියවැඩියා රෝගයට පාවිච්චි කරන ඖෂධයක් අධික ලෙස පානය කිරීම නිසා ඇය සිහිසුන්ව සිටි බව රෝහල් ආරංචිමාර්ග තහවුරු කර තිබිණි.

පොලිස් ස්ථානාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් විමර්ශනයේ යෙදුණු පොලිස් නිලධරයෝ පිරිස අපරාධය සිදුවී තිබෙන මෙම ස්ථානයට කිසිවකුට ඇතුළුවීමට තිබූ ඉඩකඩ අසුරා දැමූහ. මූලික පොලිස් පරීක්ෂණ කටයුතු ආරම්භ කෙරිණි. මාතර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි විකුම් ගිනිගේ සහ සහකාර පොලිස් අධිකාරි මහේෂ් පෙරේරා යන නිලධාරීන් දැනුම්වත් කළ ස්ථානාධිපතිවරයා මහේස්ත්‍රාත් පරීක්ෂණ කටයුතු සඳහා අදාළ අංශ ද දැනුම්වත් කරමින් මාතර අපරාධ පරික්ෂණාගාරයේ නිලධාරීන් ද ගෙන්වා ගැනීමට කටයුතු කරන ලදි.

අයේෂා වැටී සිටි සාලයේ තිබී ඇගේ මව විසින් ලියන ලද ලිපියක් නිලධාරීන්ගේ ඇස ගැටිණි. එම ලිපිය මඟින් 74 හැවිරිදි ඇගේ මව හෙළිකර තිබුණේ තමන් විසින් තම දියණියව ඝාතනය කළ බවට හැඟෙන ලිපියකි. එම ලිපිය ද පොලිස් භාරයට ගැනිණි. එම පවුලේ දේපළ පිළිබඳ ආරාවුල් මතුවී තිබුණේ අද ඊයේක සිට නොවේ. දිගු කාලයක් තිස්සේ දේපළ සම්බන්ධයෙන් යම් යම් ආරාවුල් තිබී ඇති බවත් තම අධ්‍යාපන ආයතන ගොඩනැඟිල්ල නවීකරණය කිරීම සඳහා අයේෂා විසින් කොන්ත්‍රාත්කරුවන් කිහිප දෙනෙකුගෙන් මිල ගණන් කැඳවා ඇති බව ද ඇගේ සහෝදරයා මෙම කටයුත්තට විරුද්ධවී ඇති බව ද මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබුණි.

මෙම ඝාතනය සම්බන්ධයෙන් 36 හැවිරිදි වැඩිමහල් සහෝදරයාව සැකපිට පොලිස් අත්අඩංගුවට ගැනිණි. පොලිස් අත්අඩංගුව මත කඹුරුපිටිය මූලික රෝහලෙහි ප්‍රතිකාර ලබන මවගේ අතක සුළු කැපුම් තුවාලයක් ඇති බව රෝහල් ආරංචිමාර්ග සඳහන් කර තිබුණි. ඉකුත් 01 වැනි දින කඹුරුපිටිය මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි අයේෂාගේ මව ද සැකපිට අත්අඩංගුවට ගැනිණි.

මහේස්ත්‍රාත් පරීක්ෂණය මාතර ප්‍රධාන මහේස්ත්‍රාත් ඉන්ද්‍රජිත් බුද්ධදාස විසින් පවත්වා මරණකාරියගේ පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා කඹුරුපිටිය මූලික රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා වෙත මෘත ශරීරය යැවීමට නියෝග කෙරිණි. මහේස්ත්‍රාත්වරයාගේ නියෝගයකට අනුව කඹුරුපිටිය මූලික රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරි ඩී.සී. ප්‍රියනාත් පිළිබඳ අයේෂාගේ පශ්චාත් මරණ පරීක්ෂණය පවත්වන ලදුව මොට ආයුධයකින් හිසට පහරදීමකින් අධික ලෙස රුධිරය වහනය වීම නිසා සිදුවී ඇති මරණයක් බව ප්‍රකාශ කර තිබුණි.

මෙම ඝාතනය සිදුවූ ඉකුත් 31 වැනි දිනම සැකපිට අත්අඩංගුවට පත්වූ අයේෂාගේ වැඩිමහල් සොහොයුරා සහ අනතුරුව රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අත්අඩංගුවට ගත් ඇගේ මව ද අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 11 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි.

මාතර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි විකුම් ගිනිගේ ගේ උපදෙස් මත සහකාර පොලිස් අධිකාරි මහේෂ් පෙරේරාගේ අධීක්ෂණයෙන් කඹුරුපිටිය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක මනෝජ් ගුණවර්ධනගේ මෙහෙයවීමෙන් අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක අජිත් මෙන්ඩිස්, උප පොලිස් පරීක්ෂක සිසිර කුමාර, මංජු කුමාර, සැරයන්වරුන් වන (55944) විතාරණ, (3392) රත්නායක, කොස්තාපල් (86364) මුතුකුමාරණ ඇතුළු නිලධාරීහු පරීක්ෂණ කටයුතු සිදු කරති.

විජිත සල්ගාදු
– අකුරැස්ස මධ්‍යම විශේෂ
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post




.
Malak
Master Sir
Master Sir
Wathsunu
Paata KUrullo
Ahas
Bambarek Awith
akurata yana welawe
Sihina Genena Kumari
Raja Gedara
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top