Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Feb
08
"ඔයට වැටුණ අය ගොඩ අරගෙන බලන කොට ඇපල් වර්ගයේ මගේ ෆෝන් එක නෑ...මම දුක් විඳලා එකතු කර ගත් සල්ලිවලින් ඒ ෆෝන් එක ගත්තේ" - බදුලු ඔයේ ගිලුණු රියේ ජීවිත 7 බේරාගත් ළහිරු කියන කතාව...

- "ඔයට වැටුණ අය ගොඩ අරගෙන බලන කොට ඇපල් වර්ගයේ මගේ ෆෝන් එක නෑ...මම දුක් විඳලා එකතු කර ගත් සල්ලිවලින් ඒ ෆෝන් එක ගත්තේ" - බදුලු ඔයේ ගිලුණු රියේ ජීවිත 7 බේරාගත් ළහිරු කියන කතාව...Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

7 Views
දිනය – 2025 ජනවාරි 31 දා...

වේලාව – සවස පහ පසුවී විනාඩි තිහක් පමණ... 

ස්ථානය – බදුල්ල – කොළඹ ප්‍රධාන මාර්ගයේ හාලිඇළ උඩුවර නිල්බෝවිල ප්‍රදේශය...

එය වැසි දවසකි. ඒ සන්ධ්‍යාවේදී ද වැස්ස මහ හඬින් ඇදහැලෙමින් තිබිණි. වැස්ස වෙලාවට කොහොමත් පාර ලිස්සනසුලුය. ඒ වන විට බදුල්ල දෙසින් පැමිණි මෝටර් රථයක් කුමක් හෝ හේතුවක් නිසා මාර්ගයෙන් ඉවතට පැන බදුලු ඔයට පෙරළිණි. සිදු වූයේ කුමක්ද කියා කිසිවකුට හෝ සිතාගත නොහැකි විය. මේ අවස්ථාවේ පාරේ ගමන් කරමින් තිබූ මෝටර් රථයක සිටි අයෙක් මේ සිදු වීම දුටුවේය. ඔහුට තමා යන්නට පැමිණි ගමන ද අමතක විය.

දියතලාව මහා විද්‍යාලයේ සංවර්ධන නිලධාරියකු ලෙස සේවය කරන වීරසූරියගේ මහේෂ් රවින් සේනාරත්න සිද්ධිය අපට විස්තර කළේ මෙසේය:

“අපි වෙනත් ගමන් යන්නයි අවේ. මාත් එක්ක තව දෙන්නෙක් වාහනයේ සිටියා. අපි එක් වරම දැක්කා වාහනයක් නැති වෙලා යනවා වගේ. අපට හිතාගන්න බැරි වුණා මොකක්ද වුණේ කියලා. මට හිතුණා වාහනේට මොකක් හරි අනතුරක් වුණා කියලා. අපි වාහනේ නතර කරලා බැලුවා. එතකොටයි දැක්කේ වාහනේ ඔයට පෙරළිලා කියලා. අපි හැමෝටම කලින් ළහිරු මල්ලි තමයි එතැනට ගියේ. මම වාහනෙන් බැහැලා ගිහින් බැලුවා. ඒත් ඒ පල්ලමට බහින්න විදිහක් නැහැ. ඒත් මම කොහොම හරි එතැනට ගියා. වාහනේ ලොක් වෙලා තිබුණේ. සිද්ධිය ආරංචි වෙලා අහල පහල අය එන්න ගත්තා. වාහනේ වැටිලා තිබුණ තැනට බොහෝම අමාරුවෙන් ගිය ළහිරු මල්ලි ඇතුළේ ඉන්න අය එළියට ගන්න බැලුවා. ඔහු වාහනේ විදුරුවක් කඩලා දොර ඇරගත්තා. මුලින්ම පොඩි අය එළියට ගත්තා. පස්සේ ගැබිනි කාන්තාවක් එළියට ගත්තා. අපි ඒ හැමෝවම රෝහලට ගෙනිච්චා.”

එදින බදුලු ඔයට වැටුණ රථයේ සිටි කුඩා දරුවන් සහ වැඩිහිටියන් බේරාගත් ආර්.ඇම්. ළහිරු ඉමේෂ් සාන්ත ජෝන් ගිලන් රථ හමුදාවේ පුහුණු නිලධාරියකු ලෙස කටයුතු කරන්නෙකි. ජීවිත ගණනාවක් බේරාගැනීමට හැකිවීම ගැන ඔහු අපට පැවැසුවේ මෙලෙසිනි:

“එදා එයාලව බේරගන්න යන වෙලාවේ මගෙ ජංගම දුරකතන දෙකයි, පර්ස් එකයි සාරද මල්ලිගෙ අතට දුන්නා. මහේෂ් අයියයි, සාරද මල්ලියි අපේ උදවුවට ආවා. එයා පර්ස් එක සාක්කුවේ දාගෙන දුරකතන දෙක වාහනේ සීට් එක උඩ තියලා ඇවිල්ලා තිබුණේ. ඔයට වැටුණ අය ගොඩ අරගෙන ඒ කටයුතු කරලා ඉවවර වෙලා බලන කොට මගෙ ඇපල් වර්ගයේ ෆෝන් එක නෑ. ඒවා පරිස්සම් කර ගන්න ඕන කියන එක මගෙ ඔළුවේ තිබුණේ නැහැ. මට ඕනැ වෙලා තිබුණේ විපතට පත් වුණ අයව බේරගන්න විතරයි. මම දුක් විඳලා එකතු කර ගත් සල්ලිවලින් මේ ෆෝන් එක ගත්තේ. ඒ වුණාට මට ඒ වෙලාවේ මතක් වුණේ විපතට පත් වෙච්ච අය බේරගන්න විතරයි..”ඔහු පවසන්නේ කනගාටුවෙනි.

ඒ වැසි දින සන්ධ්‍යාවේ බදුලු ඔයට වැටීමෙන් බරපතළ ලෙස හානියට පත් මෝටර් රථය ද ගොඩගැනිණි. අනතුරින් තුවාල ලැබූවෝ බදුල්ල ශික්ෂණ රෝහලට ඇතුළත් කරනු ලැබූහ. සිද්ධිය සම්බන්ධයෙන් අපට අදහස් දැක්වූ බදුල්ල ශික්ෂණ රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයේ ජ්‍යෙෂ්ඨ වෛද්‍ය නිලධාරි, රජයේ වෛද්‍ය නිලධාරි සංගමයේ සහකාර ලේකම් පාලිත රාජපක්ෂ පවසන්නේ මෙවැනි කතාවකි:

“මේ සිද්ධිය වුණාට පස්සේ තමයි අපි දන්නේ අනතුරට පත් වෙච්ච කෙනා අප හඳුනන වෛද්‍යවරයකු බව. කොහොම වුණත් සිද්ධියෙන් පසු ඔවුන් ප්‍රතිකාර සඳහා බදුල්ල රෝහලට ඇතුළත් කළා. මේ අය බේරගත්තේ බදුල්ල දෙසට යමින් තිබූ වාහනයක සිටි තරුණයො තුන්දෙනෙක්. මේ තරුණයන් අතර සිටි ළහිරු මාත් එක්ක කිවුවේ මෙහෙම කතාවක්. එක පාරට වාහනයක් යනවා දැක්කා. එකපාරටම ඒ වාහනේ නැතිව ගියා කිවුවා. ‘හොල්මනක් ද දන්නෙත් නෑ’ කියලා හිතුණත් කිවුවා. කොහොම හරි ඔහු තමන්ගෙ වාහනෙන් බැහැලා බලකොට තමයි දැකලා තිබුණේ පල්ලමට වාහනේ වැටිලා තියෙනවා.

ළහිරු තමන්ගෙම වාහනේ දාගෙන මේ අනතුරට පත් වෙච්ච අයව බදුල්ල රෝහලට රැගෙන ආවේ. සාමාන්‍යයෙන් මිනිස්සු බයයි අනතුරකදි ඉන් විපතට පත් අය රෝහලට ගේන්න‍. හේතුව උදවුවට ආව අයටත් පොලීසි යන්න වෙන නිසා. එහෙත් ළහිරුයි එයාගේ යාළුවෝයි ඒ කිසි දෙයක් ගැන හිතන්නේ නැතිව තමයි බදුලු ඔයට වැටුණ අයට උදවු කළේ. අපි අගය කළ යුත්තේ මෙන්න මේ මිනිස්සුන්වයි. රෝහලේ තියෙන CT ස්කෑන් යන්ත්‍රයත් කැඩිලා තියෙන්නේ. ඒ වුණත් අපි රෝගීන් ටික එදා තියාගත්තා. ඔවුන්ගේ සෞඛ්‍ය හොඳ තත්ත්වයක තිබුණා.

“මේ මාර්ගයේ කොහොමත් සතියට වතාවක් මෙවැනි අනතුරු සිදු වෙනවාමයි. ඒවාට හේතු විදිහට අපිට පෙන්වන්න පුළුවන් අධික බීමත්කම. එහෙමත් නැති නම් රියැදුරුට නින්ද යෑම ආදි හේතු නිසා මෙවැනි අනතුරු සිදු වන්න පුළුවන්. ඒ නිසා මම කියන්නේ තමන්ට නිදිමතක් දැනෙනවා නම් ඒ ගැන සැලකිලිමත් වන්න. විහින් අමාරුවේ වැටෙන්න අවශ්‍ය නෑ නේ.

“අනිත් එක තමයි අපේ මිනිස්සු ඇයි මෙහෙම පිරිහෙන්නේ කියලා හිතෙනවා. මේක මේ අනතුරුට අදාළ එකක් නොවෙයි. එහෙත් අනතුරට පත් වූ අය වෙනුවෙන් උදවු කරන්න එදා වෙලාවට එතැනට පැමිණි ළහිරු කියන තරුණයාගේ ජංගම දුරකතනයත් එදා එතැනදි නැති වෙලා. ඒ තරුණයා තමන්ගෙ වටිනා දුරකතනය පසෙක තියලා තමයි විපතට පත් අයට උදවු කරලා තියෙන්නේ. ඒත් ඒකත් සොරකම් කරලා. අපේ මිනිස්සුන්ට මනුස්සකම නෑ. ඒ තරුණයාගේ ජංගම දුරකතනය ගත්ත කෙනෙක් ඉන්නව නම් එය ඔහුට නැවත ලබාදෙන්න.” වෛද්‍ය පාලිත රාජපක්ෂ පවසයි.

මේ සිද්ධියෙන් අනතුරට පත් වූයේ දියතලාව රෝහලේ සේවය කරන වෛද්‍යවරයෙකි. මේ වෛද්‍යවරයාගේ දරු දෙදෙනා, ගැබිනි සොහොයුරිය, ඇයගේ දරු දෙදෙනා සහ සැමියා අනතුරට පත් සෙස්සෝය.
උපුටා ගැනීම - සිළුමිණ 
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post




.
Malak
Master Sir
Master Sir
Wathsunu
Paata KUrullo
Ahas
Bambarek Awith
akurata yana welawe
Sihina Genena Kumari
Raja Gedara
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top