ඉන්දියාවේ ප්‍රකට ව්‍යාපාරික ගෞතම් අදානිගේ බාලතම පුත්‍රයා වන ජීත් අදානි සහ ප්‍රසිද්ධ දියමන්ති වෙළෙන්දෙකු වන ජයිමින් ෂාගේ දියණිය වන දිවා ෂා යන දෙදෙනාගේ විවාහ මංගල්‍යය පසුගියදා පැවැත්වුණා.
ඒ අහමදාබාද් නුවර පිහිටි ෂාන්තිග්‍රාම් හි දී සම්ප්‍රදායානුකූල උත්සවයක් ලෙසින්.