සයාගී යෞවනයේ කඩවසම් සිහින තරුවක්...
ඔහුට ආදරේ කරන ලස්සන ගෑණු ළමයි ඕනීතරම් ඉන්නවා...
ඒ මිහිරි හඬට කවුද ආදරේ නොකරන්නේ... ඔන්න මේ කියන්න හදන්නේ අපේ සිහින කුමාරයාගේ හිත නතර වුණු ලස්සන හුරතලී ගැන...ම්... එක්කෝ දැන්ම අපට ඒක කියන්න බැහැ..
හැබැයි සයාගිගේ හිතට දැණුනු කෙනා ගැන හොදින්ම දන්නේ සයාගීගේ ෆිට් එක වුණු බෙස්ට් ෆ්රෙන්ඩ් නේසර තමයි... සයාගිගේ ආදරේ දිනා ගන්න නේසර දෙන්නේ පුදුම සපෝට් එකක්... හරි.. හරි.. ඉතිං.. මෙහෙම හොඳම යාළුවෙක් ලැබෙනවා කියන්නේ පුදුම වාසනාවක්...
ඒ අතින් ... සයාගී හරිම ලකී ... ඉතිං.. සයාගීගේ ආදරේ වෙනුවෙන් නේසර කන කට්ට කොහොමද?
සයාගීගේ හිත ගත්තු සීනී බොලේ හරිම ලස්සනයි කියලයි නේසර ආරංචිය දුන්නේ ...
ඒත් ඒ ගැන ලොකු විස්තරයක් දැන්මම කියන්න කැමති නෑ වගේ... හරි.. අපි හිමින් බලාගෙන ඉමුකෝ... කවුද ඒ කියලා...