මේ කියන්න යන්නේ තවමත් කිසිම තොරතුරක් සොයාගන්න බැරි ගුවන් ගමනකට අත්වූ බිහිසුණු අනතුරක් ගැන ඇසෙන කතාවක්..
ඇලස්කාවේ නෝම් නගරය ආසන්නයේදී මගීන් දස දෙනෙකු රැගත් ගුවන් යානයක් අතුරුදහන් වී තිබෙනවා...
විදෙස් වාර්තා සදහන් කළේ, බේරින් ගුවන් සේවයට අයත් යානයක් මෙලෙස අතුරුදන් වී ඇති අතර, සිද්ධිය වන අවස්ථාවේ යානය තුළ මගීන් 09 දෙනෙකු සහ නියමුවා සිට ඇති බවයි..
කෙසේ වෙතත්, එරට නිලධාරීන්ට අනුව අදාළ ගුවන් යානය කඩා වැටීමට ඉඩ ඇති බව සදහන්..
මේ වන විට සෝදිසි මෙහෙයුම් ආරම්භ වී ඇති අතර, ඊට කාලගුණයෙන් බාධා එල්ල වී ඇති බව ද විදෙස් වාර්තා සදහන් කළා..