ඔහුගේ ජීවිතයේ තව බොහෝ බලාපොරොත්තු තිබෙන්නට ඇති... ඒත් දැන් ඒ හීන හැම දෙයක්ම බොඳවෙලා ගිහින්..
කඩවසම් තරුණයෙකු වුණු ඔහු මේ වගේ අවාසනාවන්ත ඉරණමකින් මියැදේවි කියලා කිසිවෙකුත් හිතන්න නැතුව ඇති.. 25 හැවිරිදි චානුක දේශාන් හේරත්, තවමත් අවිවාහක කඩවසම් තරුණයෙක්..
ඉපලෝගම රණජයපුර ප්‍රදේශයේ දී අද සිදුවූ යතුරු පැදි අනතුරකින් ඔහු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.. චානුක විසින් ඉපලෝගම රණජයපුර මංසන්ධීයේ සිට රණජයපුර නිවාස සංකීර්ණය දෙසට ධාවනය කරමින් තීබු නවීන පන්නයේ යතුරු පැදියක් වේගය පාලනය කර ගැනිමට නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන මාර්ගය අසල වූ ගසක වැදිමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි පොලිසිය පවසන්නේ...
ඔහු ඉපලෝගම රණජයපුර ප්‍රදේශයේ පදිංචිව තරුණයෙක්... අනතුරින් පසු බරපතළ තත්වයේ සිටි එම තරුණයා රෝහල් ගත කිරීමේදී මිය ගොස් තිබෙනවා...
පොලිසිය සඳහන් කළේ මිය ගිය තරුණයා ශ්‍රී ලංකා යුධ හමුදාවේ ලාන්ස් කෝප්‍රල්වරයෙකු ලෙස රාජකාරීකරමින් සිටි අයෙක් වන අතර ඔහු ගනේමුල්ල ප්‍රදේශයේ කඳවුරකට අනියුක්තව සේවය කරමින් සිට ඇති බවයි..
