Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Feb
07
සරාගී රූ රටා මවන ඇය ඇත්තටම මොන වගේ යුවතියක්ද..? ඇය ඒ ගැන කී කතාව මෙන්න...

- සරාගී රූ රටා මවන ඇය ඇත්තටම මොන වගේ යුවතියක්ද..? ඇය ඒ ගැන කී කතාව මෙන්න...Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

32 Views
මේ තරම් සුන්දර රුවක් හිමි ඇය කවුද..?

මේ කියන්න යන්නේ අන්න ඇය ගැන ඇසෙන කතාවක්.. 

මියෝනා ද සිල්වා.. ඇය ගැන මේ දවස්වල ගොඩක් දෙනෙක් කතා වෙන්නේ ඇයගේ අලුත්ම කලා කටයුතු නිසා කිව්වොත් හරි..

ඒ වගේම නිතර දෙවේලේ සරාගී රූ රටා මවන මේ යෞවනිය ඇත්තටම මොන වගේ කෙනෙක්ද..?

මේ ගොඩක් දෙනෙක් කතා කරන මියෝනා ගැන පුවත්පතක පළවූ සංවාදයක්..

මියෝනාට අනුව මියෝනා කවුද?

සමහරු හිතනවා මම පොෂ් ඉංග්‍රීසි කතාකරන තුන්වේලම තරු පහේ හෝටල්වලින් කනබොන සුඛෝපභෝගී ජීවිතයක් ගත කරන කෙනෙක් කියලා. හැබැයි මම සරලව සාමාන්‍ය විදිහට සාමාන්‍ය මිනිස්සු එක්ක ජීවත්වෙන අනිත් අය එක්ක තරහා ගන්නෙ නැතුව ඊර්ෂ්‍යා කරන්නෙ නැතුව නිතරම සුහදශීලීව ඉන්න කෙනෙක්. සරලව කිව්වොත් පෙට්ටි කඩෙනුත් කෑම කාලා මහපොළොවේ මිනිස්සු එක්ක ජීවත්වෙන කෙනෙක්.

පහුගිය දවස්වල පැවැත්වුණ Mrs. Sri Lanka World 2024 තරගයේදී මියෝනා සැරසිලා හිටිය ඇඳුම ගැනත් සමාජ මාධ්‍යවල කතාබහ වෙනවා...

නිළියක් වෙන්න කලින් ඉඳලා මම නිරූපිකාවක් විදිහට කටයුතු කරනවා. ඉතින් පහුගිය දවස්වල පැවැත්වුණ Mrs. Sri Lanka World 2024 තරගය නරඹන්න මම ප්‍රවීණ ඇඳුම් නිර්මාණ ශිල්පී අරෝෂ් ජයනාත අයියට කියලා ඇඳුමක් නිර්මාණය කරගත්තා. ඒක ටිකක් උඩුකය පපු ප්‍රදේශය විවෘතව සහ කකුල් පෙනෙන විදිහට පළපු අලුත් විදිහෙ ඇඳුම් විලාසිතාවක්. ඉතින් ඒ විලාසිතාවට මාව ලස්සනයි කියලා ගොඩක් දෙනෙක් කිව්වා. ඒ වගේම විලාසිතා ගැන මාව විවේචනය කරපු අයත් උන්නා. ඕනම කෙනෙක්ට ඕන දෙයක් කියන්න පුළුවන් නිසා ඒ ගැන මම අදහස් දක්වන්නේ නැහැ. මම කැමැති විදිහටයි මම අඳින්නේ. කොහොමටත්ඇඳලාඉන්නේ හැකි නිසා කවුරුත් ඒ ගැන වැඩිය හිතන්න එපා.

Mrs. Sri Lanka World 2024 තරගය නරඹන්න ඇවිත් මියෝනා නිරුවත පෙන්නනවා කියලා විවේචන තිබුණා...

නිරූපිකාවක් විදිහට කලාත්මකව විලාසිතා කරනවා මිසක නිරුවත එළියට පෙන්නන්න මම කවදාවත් උත්සාහ කරන්නෙ නැහැ. නිරූපණය කියන්නෙ මොකක්ද කියලා දන්නෙ නැති අය තමයි මම නිරුවත පෙන්නනවා කියලා විවේචනය කරලා තිබුණෙ. නිරූපිකාවක් විදිහට තැනට සුදුසු විදිහට ඕනෑම විලාසිතාවක් කරනවා. ඉතින් Mrs. Sri Lanka World 2024 තරගය විශේෂ උත්සවයක් නිසයි ඒ විදිහෙ ආකර්ෂණීය ඇඳුමක් ඇන්දෙ.

ළඟදි නිකුත් වෙන්න තියෙන මියෝනා නර්තනයේ යෙදෙන මියුසික් වීඩියෝවක් ගැනත් අඩනිරුවත් චෝදනා එල්ලවෙනවා නේද..?

ෆ්ලෑෂ් බැක් සංගීත කණ්ඩායමේ නායක රොෂාන් ප්‍රනාන්දු ගායනා කරන නර්තනී මියුසික් වීඩියෝවේ මම රඟපෑවා. මේ වෙද්දී ඒ මියුසික් වීඩියෝවෙ පූර්ව ප්‍රචාරක පටය අන්තර් ජාලයට නිකුත් කරලා තියනවා. ඉතින් සමහරක් අය ඒ පූර්ව ප්‍රචාරක පටය නරඹලා නිගමනයට ඇවිත් තියනවා මම ඒ මියුසික් වීඩියෝවෙ අඩ නිරුවතින් නටන සරාගිනියක් කියලා. ඇත්තටම රොෂාන් ප්‍රනාන්දුගේ නර්තනී මියුසික් වීඩියෝව ලස්සන කලාත්මක නිර්මාණයක්. පූර්ව ප්‍රචාරක පටය විතරක් බලලා අඩ නිරුවතින් නටන සරාගිනියක් කියලා තීරණය කරන්නෙ නැතුව සම්පූර්ණ මියුසික් වීඩියෝව නරඹලා තීරණයකට එන්න කියලා මම ඒ අයට ආරාධනා කරනවා. හැම දෙයක්ම මතුපිටින් බලලා තීරණය කරන්න එපා.

මියෝනට නටන්න පුළුවන්ද..?

ඔව්. පුංචි කාලෙ ඉඳලා මම නර්තනය ප්‍රගුණ කරලා තියනවා. Belly dance ශෛලිය තමයි වැඩිපුර ප්‍රගුණ කරලා තියෙන්නෙ. Belly dance කියන්නෙ සංගීත රිද්මයට අනුව උඩුකය සහ ඉඟ ප්‍රදේශය නර්තනයේ යෙදවීම. Belly dance වෙනස් නර්තන ශෛලියක් නිසා මට ඒ ගැනත් විවිධ විවේචන ලැබිලා තියනවා. හැබැයි විවේචනවලින් වැටෙන්නෙ නැතුව දිගටම නර්තන කටයුතු කරගෙන යනවා.

හැමදේටම එල්ලවෙන විවේචනවලට මුහුණ දෙන්නෙ කොහොමද..?

පුංචි කාලෙ ඉඳලා මම හොඳ ආත්ම විශ්වාසයක් ඇතුව ජීවත්වෙන ගෑනු ළමයෙක්. ඉලක්කයක් තියාගෙන නිවැරැදි දේ කරනවා නම් කාගෙවත් විවේචනවලට බයවෙන්න ඕන නැහැ. දිගින් දිගටම එල්ලවෙන විවේචනවලට කලබල වෙන්නෙ නැතුව මුහුණ දෙන හැටි දැකලා දවසක් යාළුවෙක් මට ලස්සන කතාවක් කිව්වා. දළදා මාලිගාවේ ඇතා පිට ධාතු කරඬුව වඩම්මවනකොට දෙපැත්තෙ ඉන්න ඇත්තු දෙන්නා කරදර කරද්දි ධාතු කරඬුව වඩම්මවන ඇතා කලබල වෙන්නෙ නැතුව පරිස්සමින් ධාතු කරඬුව වඩම්මවනවා වගේ මමත් එල්ලවෙන විවේචනවලට කලබල වෙන්නෙ නැතුව ඉලක්කයක් ඇතුව පරිස්සමින් ඉදිරියට යනවා කියලා.

මියෝනාගේ ඉලක්කය මොකක්ද..?

ඕනෑම චරිතයක් කරන්න පුළුවන් චාරිතාංග නිළියක් වෙන එක සහ ශ්‍රී ලංකාව නියෝජනය කරමින් අන්තර්ජාතික රූ රැජන තරගයට ඉදිරිපත්වෙලා ජයග්‍රහණය කිරීම තමයි මගේ ඉලක්කය. ඒ ඉලක්කය ජයගන්න හැදෑරීමකුත් එක්ක හොඳ ආත්ම විශ්වාසයක් මට තියනවා. ඒ නිසා මම මේ ගමන බොහොම පරිස්සමින් යනවා. එන ඕනෑම චෝදනාවකට මුහුණ දීලා ශක්තිමත් කෙනෙක් හැටියට සමාජයට මුහුණ දෙනවා.



අරුණ පුවත්පත ඇසුරෙන්.. 
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post




.
Malak
Master Sir
Master Sir
Wathsunu
Paata KUrullo
Ahas
Bambarek Awith
akurata yana welawe
Sihina Genena Kumari
Raja Gedara
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top