ඔහු දෙදරු පියෙක්.. ඇය තවමත් යොවුන් වියේ පසුවෙන සුරූපී තරුණියක්..
මේ කියන්න යන්නේ ඒ දෙන්නාගේ ආදර කතාව නිසා අවසානයේ හිතාගන්න බැරි අවසානයක් උරුම වුණ ඒ කතාවයි..
ඔහු 52 හැවිරිදි වියේ පසුවන දෙදරු පියෙක්... මේ පුද්ගලයා විසින් 20 හැවිරිදි වියේ පසුවූ තරුණියක් මුහුණුපොත හරහා රවටා රැගෙනගොස් ඇති පුවතක් ගැනයි මේ කියන්න යන්නේ...
ඇයගේ පෙම්වතා ලෙස ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කරමින් මේ පුද්ගලයා කාලයක් තිස්සේ හොඳ රංගනයක නියැලී තිබුණා... 52 හැවිරිදි දෙදරු පියා ෆෙස්බුක් ඔස්සේ තමන් 20 හැවිරිදි වියේ පසුවන බව හැඟවීමට ව්‍යාජ ඡායාරූපයක් යොදාගෙන තිබෙනවා...
එලෙස මුහුණුපොතෙන් පටන් ගත් ඔවුන්ගේ ආදර කතාවට මාස 6ක් පමණ ගතවුණු පසු ඔහුට දිනක ඇය දැකීමට ඕනෑ වෙනවා.. ඒ ආශාව සැබෑවක් කරගන්න ඕන වුණත් වයස වසන් කරන්න උත්සාහ ගන්නා ඔහුට ඒ වෙනුවෙන් වෙනමම උපක්‍රමයක් භාවිත කරන්න සිද්ධ වෙනවා..
ඒ අනුවයි වෙන්කර ගත් දවසක රාතියේදී ඇයට ඔහු ප්‍රදේශයේම පිහිටි බස් නැවතුම්පොළට එන ලෙස ඉල්ලීමක් කළේ.. කියූ වේලාවටම බස් නැවතුමට ආ ඔහු හිස් වැසුමක් හා මුව ආවරණයක් පැළඳ සිටියේ තම අනන්‍යතාවය තහවුරු නොවෙන ලෙස හිඳීමට අවශ්‍ය වූ නිසයි..
අදාළ 20 හැවිරිදි තරුණිය එදා ඔහුව හඳුනා ගත්තේ ඔහු පැමිණි යතුරුපැදියේ අංක තහඩුවෙන්.. කොහොමහරි අවසානයේ ඇයත් , ඔහුත් මේක පුරුද්දක් කරගෙන තිබුණා.. හැමදාමත් රාත්‍රියට පැයක් දෙකක් මේ වගේ ස්ථානයක කාලය ගෙවන්න ඒ දෙන්නා අමතක කලේ නැහැ.. ඇය තවමත් ජීවිතේ ගැන නොතේරෙන වයස.. මේ වෙන්නේ මොකද්ද..? මොහු කවුද..?
ඒ ගැන සොයා බලන්නවත් ඇයට හේතුවක් නොතිබෙන තරමටම ඔහු ඇගේ හිත වෙනස් කරලා.. ඒ අනුවයි තෝරාගත් දවසක ඔවුන් දෙදෙනා මේ වගේ තීරණයක් ගත්තේ.. අදාළ තරුණිය එම පුද්ගලයා සමඟ නිවසින් පැනවිත් ඇති අතර පසුව ඔවුන් දෙදෙනාම පෙම්වතා පැවසූ ස්ථානය වෙත ගොස් තිබුණා... පෙම්වතා මුඛ ආවරණය හා හිස් වැසුම ඉවත් කිරිමෙන් පසුව ඇගේ ඇස් උඩගියා..
ඒ ඔහුගේ රුව හරිහැටි ඒ මොහොතේ දුටු නිසායි.. මේ මුහුණුපොතෙන් දුටු පෙම්වතා නෙවෙයි.. ඔහුගේ සැබෑ රුව දුටු තරුණිය තමා රැවටී ඇතිබව දැනගෙන ඇත්තේ එතනට ගිය පසුවයි.. මෙතරම් දවසක් ඇය කතා බහ කළ තරුණයා තමන්ට වංචාවක් කළ බව දැනගත් පසුවත් ඇයට ගැලවීයාමට විදිහක් තිබුණේ නැහැ... එහිදී තරුණියට එකවරම මතක් වුණේ පොලිස් හදිසි ඇමතුම් අංශයයි..
එම තරුණිය පොලිස් හදිසි ඇමතුම් අංශයට පැමිණිලි කර සිදුවූ දේ කියන්නට වුණා.. තමා මුහුණු පොතේ දැක ආදරය කළ පෙම්වතා නොව තම පියාටත් වඩා වැඩිමහල් අයෙකු තමා රවටා කැඳවා ගෙනවිත් අඹු කමට තබාගෙන තමාට කරදර හිරිහැර කරන බව ඇය පැවසූ පසු ඇයට නීතියේ පිහිට ලැබුණා...
පසුව අදාල පුද්ගලයා පොලිස් භාරයට ගෙන ඇති අතර, එම තරුණියගේ මව්පියන් කැඳවා ඇයව ඔවුන් වෙත භාරදීමටයි පොලිසිය පියවර ගෙන ඇත්තේ.. ඔහුගේ සැබෑ බිරිඳටද පසුව සැමියාගේ මේ හපන්කම් ආරංචි වී තිබුණා..