Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Feb
05
"ආ නාමල් පුතාගෙ යාලූවෙක්ද?" - නාමල් පුතාගේ නම විකුණා ඇන්ටිට කලන්තේ හැදෙන්නම වැඩේ කළ නන්නාදුනන තරුණයා...

- "ආ නාමල් පුතාගෙ යාලූවෙක්ද?" - නාමල් පුතාගේ නම විකුණා ඇන්ටිට කලන්තේ හැදෙන්නම වැඩේ කළ නන්නාදුනන තරුණයා...Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

5 Views
වසර දහඅටක් තිස්සේ අසනීපයකින් බැට කමින් සිටින  කාන්තාවකට තමා සන්තකයේ තිබූ අවසාන සේසත ද කොල්ලකෑමේ සිද්ධියක් වාර්තා වෙන්නේ බස්නාහිර දිශාවෙනි.

සිය සැමියා රැකියාව සඳහා පිටත්ව ගිය විට දිවා කලට නිවසේ මෙම කාන්තාව කල් ගෙවන්නේ සිය රෝගී තත්වය නිසා ඇතිවන අපහසුතා මධ්‍යයේ තනිපංගලමේය. සැමියා පාන්දර අවදි වී උයා පිහා රැකියාවට යන්නේ ඇයට වැඩක් පලක් කර ගැනීමට අපහසු නිසාය.

ඇය නිවසේ තනිව වෙසෙන බව දැනගත් වයස 31 ක් පමණ වන නාඳුනන තරුණයකු පැමිණෙන්නේ මෙම කාන්තාවගේ සහෝදරයාගේ පුතා පිටරට සේවය කරන ස්ථානයේ රැකියාව කරන බව පවසමිනි.

ගේට්ටුව ළඟ නතර වන තරුණයා කාන්තාව ඇමතුවේය. ‘ආන්ටි ‘‘මම ඩුබායි ඉඳල ආවේ. ආන්ටිගෙ අයියගෙ පුතා මගෙ යාලුව. ආන්ටිව බලල එන්න කිව්ව නිසයි රට ඉඳල ආපු ගමන් මම මෙහෙ ආවෙයි’’ පැවසීය.

‘‘ආ නාමල් පුතාගෙ යාලූවෙක්ද?’’
ඥාති පුතාගේ නමද කාන්තාවගේ කටින්ම පිටවීම තරුණයාට පහසුවක් විය.

‘‘ඔව් ඔව් ආන්ටි එයා තමයි මගෙ යාලුව. අපි දෙන්න එකට පිට රට වැඩ කරන්නෙ. ඉන්නෙ එක කාමරේ’’ කීවේය. කාන්තාවද තරුණයාට නිවසට ඇවිත් වාඩි වෙන්න කියා ආරාධනා කර වංහූං අසන්නට විය.

‘ඔව් ආන්ටි ආන්ටිට අසනීප වුණ බව නාමල් කීව. ආ ආන්ටි මේක තියාගන්න බේත් ගන්න. මෙතන රුපියල් විසිපන් දාහක් තියනවා’ යයි තරුණයා පැවසීය.

‘අනේ එපා පුතා සල්ලි තියනව. බේත් ගන්න පුතාලත් රට රටවල වැඩ කරල මහන්සි වෙලා ගන්න සල්ලිනෙ එපා එපා තියා ගන්න’ කියූ කාන්තාව ‘ඉන්න මං තේ එකක් හදාගන එන්නම්’ කීවාය.

‘ආන්ටි මමත් එන්නම්’ තරුණයා කාන්තාව පසුපස මුලුතැන්ගෙය දෙසට ගියේය. එසැනින් ඔහු නිවසේ නිදන කාමරයට නෙත් යොමා එහි තිබූ කැටයම් අල්මාරිය දැක මෙසේ පැවසීය.

‘‘ආන්ටි මමත් අලුතෙන් ගෙයක් හැදුව අර වගේ අල්මාරියක් මටත් ගත්තනම් හොඳයි. අපි ටිකක් අල්මාරිය බලමු’ ද කියා කාමරය තුළට ඇතුළු විය අල්මාරියේ යතුරු කටේ යතුර තිබෙනවා දැක මෙසේ පැවසීය. ‘ආන්ටි මේක ඇතුළ හොඳට ඉඩ ඇති නේද ටිකක් ඇරල බලමුද?’

කාන්තාවද අල්මාරිය විවෘත කර ඇතුළ පෙන්වුවාය. එසැනින් එහි රන් අබරණ පෙට්ටියක් ඇති බව ඔහු දුටුවේය.

‘යමු තේ බොන්න’ යයි පැවසූ කාන්තාව පසුපස ගිය තරුණයා නිවසේ පසුපසට ගොස් වටපිට බැලුවේ අසල නිවසක කවුරුන් හෝ ඇත්දැයි සැක හැර ගනු අටියෙනි.

කිසිවකු නොදුටු තරුණයා නැවත ගෙට ඇතුල් වූයේ ‘ආන්ටි මට කෝපි ටිකක් හදන්න’ යයි පවසමිනි.

ඔහුගේ අරමුණ වූයේ කාන්තාව තේ සෑදීම පමා කිරීමය. නිදන කාමරයට හොර රහසේ ඇතුල් වී රන් භාන්ඩ සියල්ල කලිසම් සාක්කුවේ දමා ගනිමින් ඉස්තෝපුවට පැමිණ ඉඳගත්තේ කාන්තාව කෝපි රැගෙන එන තුරුය.

කෝපි රැගෙන පැමිණි කාන්තාව තරුණයාට එය පිරිනමා නැවත ඥාති පුතාගේ විස්තර අසමින් සිටියේ ඔහු කෝපි කෝප්පය රස බලමින් සිටින අතරවාරයේය.

කෝපි පානය කර අවසන් වූ තරුණයා ‘‘එහෙනම් ආන්ටි මම ගිහින් එන්නම්’ කියා කාන්තාවට දණ ගසා වැඳ ‘ආන්ටි ආයෙ අනිත් සැරේ රට ඉඳල එනකොට ඇවිත් යන්න එන්නම්’ කියා නික්ම ගියේය.

කාන්තාවට සැකයක් මතු වී නිදන කාමරයට එබී බලා අල්මාරියේ දොර තරමක් විවරව තිබෙනු දැක අල්මාරිය ඇර බැලුවාය. සිය රන් ආභරණ නොමැති බව දුටු කාන්තාව කතා කර ගැනීමට පවා නොහැකිව ක්ලාන්ත වූවාය. ලක්ෂ විස්සකට වඩා වැඩි රන් අබරණ සියල්ල අර තරුණයා සොරාගෙන ගොස් තිබිණි. නැවත සිහි එලවාගත් ඇය හඬමින් සැමියාට දුරකතන ඇමතුමක් දී සිදූවූ සිද්ධිය විස්තර කළාය.

ඉන්පසු නීතියේ පිහිට පැතූ ඔවුන්ට තවමත් අර තරුණයා ගැන හෝඩුවාවක් ලබාගැනීමට නොහැකි වී ලු.
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post




.
Malak
Master Sir
Master Sir
Wathsunu
Paata KUrullo
Ahas
Bambarek Awith
akurata yana welawe
Sihina Genena Kumari
Raja Gedara
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top