ගමේ ගොඩේ අහල පහළ නිවැසියන් වූ කමල් හා සුසිලා කුඩා කාලයේ සිට එකට හැදී වැඩී උස් මහත් වුණු ගැටවර වියේ පසුවෙන නිසා දෙදෙනා පෙම්වතුන් බවට පත්වීමට වැඩි කාලයක් ගත නොවීය.
එහෙත් දෙපැත්තේම මවුපියෝ හා වැඩිහිටියෝ එයට එකහෙලාම විරුද්ධ වූහ.
එහෙත් මොවුන්ගේ ප්‍රේමය දිනෙන් දින දලු කොළ, රිකිලි දා වැඩිවුණා මිස අඩුවක් වුණේ නැත. මේ අතර කමලාට තම මව්පියෝ මඟුල් කපුවෙකු මගින් මඟුලක්ද කතාකර ගත්හ.
එහෙත් සුසිලා නිහඬව සිටියේ තම යටි සිතේ කැමති අරමුණු කරගෙන දැයි කිසිවකු දැන නොසිටියද මංගල දිනය පවා තීන්දු විය.
තවදුරටත් බලා සිටීමේ තේරුමක් නැති බව වටහාගත් පෙම්වතුන් ගමෙන් පලායාමට තීරණයක් ගත්හ.
එදින වැසිබර රාත්‍රියක් වූ අතර පාන්දර ත්‍රිරෝද රථයක් රැගෙන කමල් සුසිලාගේ නිවස අසල රැඳී සිටියේය.
කල්තියා සූදානම් කරගත් තම ඇඳුම් කැඩුම්, රන් ආභරණ ඇතුළු මිල මුදල් රැගෙන තමා කමල් සමග යන බවත් සොයා නොබලන ලෙසත් දන්වා මවුපියන්ට දන්වා ලිපියක් ලියා තම මේසය මත තබා නිදි යහනේ කොට්ට දෙකකට රෙද්ද පොරවා කිසිවකුට නොහැගෙන පරිද්දෙන් ඇය අඳුරේම ත්‍රීවිලරයට ගොඩවී කමල් හා ගමෙන් පලා ගියාය.
උදේ තම දියණිය අවදිවී නැති බව දුටු මව කාමරයට ගොස් බැලූවිට කොට්ට දෙකකට රෙද්ද පොරවා කෙල්ල අතුරුදන් වී ඇති බව දුටුවාය.
ඇයගේ ලිපිය කියවා බලා කරුණු කාරණා වටහාගත් දෙමහල්ලෝ ''වෙච්ච දේට මක් කොරන්නදැයි'' හිත හදාගෙන මඟුල නොකෙරෙන බව මනාලයාගේ මව්පියන්ට දැනුම් දුන්හ.