ලෝක වෙළෙඳපොළේ තෙල් මිල ඉහළ යාමේ ප්‍රවණතාවක් මේ වන විට පෙන්නුම් කරනවා.
ඒ කැනඩාවට සහ මෙක්සිකෝවට ජනපති ට්‍රම්ප් විසින් පැනවූ 25%ක තීරුබද්දත් සමගයි.
කැනඩාව සහ මෙක්සිකෝව අමෙරිකා එක්සත් ජනපදයට බොරතෙල් සපයන ප්‍රධාන සැපයුම්කරුවන් දෙදෙනෙක්.
කැනඩාව සහ මෙක්සිකෝව සමග අමෙරිකා එක්සත් ජනපදය තාවකාලිකව හෝ එකඟත්වයකට පැමිණීම නිසා තෙල් මිල යම් අන්දමකින් ස්ථාවර වී ඇති බව වෙළෙඳපොළ විශ්ලේශකයන් පෙන්වා දෙනවා.
මේ අතර අමෙරිකාව විසින් චීනයට පැනවූ 10%ක තීරුබද්ද ක්‍රියාත්මක වීමත් සමග අමෙරිකානු WTI බොරතෙල් මිල 2%කින් පමණ කැපී පෙනෙන ලෙස අද පහත වැටුණා.
ඒ අනුව WTI තෙල් බැරලයක මිල ඩොලර් 72කට අඩු මිලකට සටහන් වෙන අතර බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ද 1.2%කින් පහත වැටෙමින් ඩොලර් 75ක් ලෙස සටහන්ව තිබෙනවා.
අමෙරිකාවේ බදු මෙන්ම චීනය විසින් අමෙරිකානු බොරතෙල් සහ LNG අපනයනයන්ට පැනවූ 15%ක බද්ද ද මීට හේතු වී ඇති බව වෙළෙඳපොළ විශ්ලේෂකයන් පෙන්වා දෙනවා.