මේ කියන්න යන්නේ හොඳම මිතුරා නිසා ඔහුගේ ජීවිතයට වුණු විපතක් ගැන කතාවක්..
ඔහු ඇත්තටම මේ වගේ දෙයක් නම් ඇගෙන් බලාපොරොත්තු වෙන්න නැතුව ඇති..
ඔහු යුරෝපීය රටක රැකියාවට යන බව මේ අඹ යහළුවා දැනගෙන හිටියේ කාලයක සිටමයි... ඒ දෙන්නා ගොඩක් වෙලාවට කාලය ගත කළේ එකටමයි... මේ අලුත් රැකියාවෙන් ඉහුට ලැබෙන වැටුප ගැනද මේ මිතුරා කළින්ම දැනගෙන හිටියා...
මේ සමගම අඹ යහළුවා කඩිමුඩියේ සිය මිතුරාගේ කනේ තැබූවේ අපූරු අදහසක්... ඒ සිය මිතුරාගේ කල වයස හරි බැවින් ඔහුට කරකාරයක් කරදීම ගැනයි.. රට යන්න කලින් සුදුසු සහකාරියක සොයා දී විවාහය ලියාපදිංචිය පමණක් සිදු කිරීමේ යෝජනාවද ඔහුගෙන්මයි... මේ මවුපියන්ද මේ යෝජනාව හිස මුදුනින්ම පිළිගත්තා..
ඒ අනුව මිතුරාගේ හඳහන මවුපින්ගෙන් ඉල්ලාගත්තේ මිතුරාට ගැළපෙන තැනක් ගැන අඹයා දන්නා බව කියමින්.. මිතුරාටම ගැළපෙන මැස්සෙක්වත් වසා නැති චරිතවත් රූමත් කතක් හොඳ තැනක ඉන්නා බව කියමින්.. අඹ යහළුවා මේ කතගේ සහ මිතුරාගේ හඳහන් දෙක මිතුරාගේ මවුපියන්ට ගෙනත් දුන්නේ ඒවා තකට තක ගැළපෙන බව කියමින්.. ඒ සමගම ඇයගේ ඡායාරූපයක් ද මේ මවුපියන්ට පෙන්නුවා...
අඹ යහළුවා පෙන්වූ වාත්තු කළා වැනි ඇයගේ ඡායාරූපයට මිතුරා පමණක් නොව මවුපියන්ද එක පයින්ම කැමති වුණා... ඒ ඇයගේ රූප සොභාවත්, ගති ගුණත්, වාසනාව පිරි වතත් නිසායි.. දෙපාර්ශ්වය මේ විවාහයට කැමති වුණා... ඔහුට විදෙස් ගතවීමට තිබුණේ තවත් දින කිහිපයක්.. දෙපාර්ශ්වයේම එකඟතාව මත මේ විවාහය ලියාපදිංචි කිරීම පමණක් සිදුවුණා..
ඔහු රට ගියේ ඉන් පසුවයි... අඹ යහළුවාට තම භාර්යාව රැකබලා ගැනීමට අවසර ලබා දු ඒ මිතුරා, එවන මුදල්, ත්‍යාග සිය භාර්යාවට ලැබීමට ඔහු සැලැස්වූවේ අඹයා හරහායි..
කාලය කෙමින් ගෙවී යමින් තිබුණා.. භාර්යාව විදෙස්ගතව සිටින සැමියාට රසම රස ලෝකයක් මවා පෙන්නුවා.. විදෙස් රැකියාවෙන් නිවාඩුවට ගම රට ආ පසු ඔහුට සලකන විදිහ, යන ගමන් බිමන්, ගත කිරීමට යන සුන්දර ස්ථාන කියමින් ඇය නිතර නිතර දුරකතනයෙන් මල් කැඩුවා.. ඊට සමගාමීව ඇයට යුරෝපා රටින් එන තෑගිභෝග ද දෙගුණ තෙගුණ වුණා..
භාර්යාව අඹ යහළුවා සමග රෝන්දේ ගසන බව විදෙස්ගතව සිටි ඔහුගේ කනේ තැබුවේ වෙනත් මිතුරන්ය.. ඒවා සනාථ කිරීම ඡායාරූප සහිතවය.. සාක්ෂි සහිතවය.. ඒ සම්බන්ධයෙන් කරුණු කාරණා සොයා බැලූ ඔහුට තම භාර්යාව අඹ යහළුවා සමග රෝන්දේ ගසන කතාව හරියට හරි බව සනාථ කර ගත්තා..
ඒ විතරක්ම නොව තමාගේ හඳහනට ඇයගේ හඳහන සකසා ඇති බවද සහතික කර ගත්තා.. ඔහුත් ඇයත් මීට පෙර පෙම්වතුන් ලෙසද කාලය ගතකොට ඇති බවද ඔහු ප්රත්යක්ෂ කර ගත්තා..
අඹ යහළුවා තමා දැමීමට ගැඹුරු වළක් කපා ඇති බව ඔහුට අවබෝධ වුණා... වළේ බාගෙට වැටුණු තමා ඉන් ගොඩට ඇවිත් ඔහු එම වළටම දැමීමට ඔහු කටයුතු කළේ ඔහුගේ දැනුමත් උපයෝගී කරගෙනයි... ඒ අනුව ඔහු අඹ යහළුවාට තෑගි පාර්සලයක් යැව්වා... එහි මංගල ගමනට යන කතකට අවශ්‍ය යට ඇඳුමේ සිට ඇඳුම් පැලඳුම්ය.. පාර්සලය ඇතුළේ මිතුරාටත් වෙන්ඩ සිටි භාර්යාවටත් සුබ පතන ලිපියක්ය..