Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Feb
04
පිටගැස්ම යනු ඔබ සිතනවාට වඩා භයානක රෝගයක්. මලකඩ නැති ඇණයක් ඇණුනත් පිටගැස්ම හැදෙන්න පුළුවන්... මෙන්න බලන්නකෝ විස්තරේ...

- පිටගැස්ම යනු ඔබ සිතනවාට වඩා භයානක රෝගයක්. මලකඩ නැති ඇණයක් ඇණුනත් පිටගැස්ම හැදෙන්න පුළුවන්... මෙන්න බලන්නකෝ විස්තරේ...Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

187 Views
පිටගැස්ම  ඔබ සිතනවාට වඩා හුඟාක් භයානක රෝගයක් කියලා දන්නවාද? 

අපි පොඩිකාලේ ඉඳලාම පිටගැස්ම ගැන අහලා තියෙනවා... මලකඩ ඇණයක් ඇනුන වෙලාවට එහෙම බය වෙන්නේ ඒකයි... ඉතිං අද කියන්න හදන්නේ පුට ගැස්ම ගැනයි...

පිටගැස්ම වැළඳීමෙන් 60% පමණ පිරිසක් ඇතැම්විට මියැදෙන්නට පවා පුඵවන්.

නමුත් එදා මෙන් අද පිටගැස්ම රෝගීන් දක්නට ලැබෙන්නේ නැහැ...

හේතුව සෞඛ්‍ය සේවාව මඟින් පිටගැස්ම වැළඳීම වැළැක්වීමට කලක් තිස්සේ ආරම්භ කර තිබෙන ප්‍රතිශක්තිකරණ එන්නතයි.

පිටගැස්ම රෝගය ඇතිවන්නේ ක්ලොස්ට්‍රීඩියම් ටෙටනි නම් බැක්ටීරියාවෙන්.

පසෙහි දක්නට ලැබෙන මෙම බැක්ටීරියාව බහුල වශයෙන් ජීවත් වන්නේ සත්ව මළ (ගොම) වලින් පොහොර කරන ලද කෘෂිකාර්මික ගෙවතු හා බිම්වලයි...
මීට අමතරව දූවිලි සමඟ මිශ්‍ර වී නගර මධ්‍යයන්හි සෙසු ගොඩනැගිලි තුළත් අහුමුළුවල නිර්වායු තත්ත්වයන් යටතේ ටෙටනස් රෝග කාරක බැක්ටීරියාව ජීවත් විය හැකියි...

බැක්ටීරියාව වැඩෙන්නේ ඔක්සිජන් වායුව නැති පරිසරයන්හිදී... ඔක්සිජන් වායුවට නිරාවරණය වූ විට ක්ලොස්ටට්‍රීඩියම් ටෙටනි බැක්ටීරියාව විනාශ වී යයි.

අප සිරුර තුළට බැක්ටීරියාව ඇතුලු වූ විට එය වැඩෙන්නේ එම ස්ථානයේ ඔක්සිජන් නොමැති නම් පමණි. යම් කටුවක් වැනි දෙයක් සිරුරේ ගැඹුරට ඇනුණු විට ඇතිවන තුවාලය ප්‍රදේශයේ රුධිර සංසරණයට අඩු නම් හෝ යම් තුවාලයක් වූ විට ඒ අවට පටක විනාශ වී යාමෙන් රුධිර සංසරණය ඇණහිටී නම් එම ස්ථානයේ ඔක්සිජන් සාන්ද්‍රණය අඩු වන නිසා පිටගැස්ම බැක්ටීරියාව ලෙහෙසියෙන් වර්ධනය වෙනවා..

මෙසේ වර්ධනය වන ටෙටනස් බැක්ටීරියාව විසින් විෂ ස්‍රාවයන් හෙවත් ටොක්සීනයක් නිපදවයි. එය ඉතාමත් අන්තරාකාරීයි... ටෙටනස් ටොක්සීනයෙන් මිලි ග්‍රෑමයකින් දහයෙන් පංගුවකට හොඳින් වැඩුණු මිනිසෙකු මරා දමන්න පුළුවන්..

ටෙටනස් බැක්ටීරියාව වර්ධනය වූ තුවාලයේ සිට ටොක්සීනය ස්නායු දිගේ සුසුම්නාවට හා මොළයට ගමන් කරනවා... ටොක්සීනය ස්නායු තුළට ඇතුල් වූ පසු කිසිවක් කළ නොහැක. කිසිදු ඖෂධයකින් හෝ වැක්සීනයකින් ඒවා විනාශ කිරීමට හෝ උදාසීන කර දැමීමට නොහැක.

පිටගැස්ම විෂබීජය හෙවත් ක්ලොස්ට්‍රීඩියම් ටෙටනි බැක්ටීරියාව සිරුරට ඇතුලු වී දින 6 -10 අතර කාලයකදී සාමාන්‍යයෙන් රෝග ලක්ෂණ මතු වේ. (කලාතුරකින් මෙය එක් දිනකින් හෝ මාස කිහිපයකින් වුවද විය හැක) බොහෝ රෝගාබාධවලදී මෙන් හිසරදය, ඇගේ පතේ රුදාව හා උණ පළමුවෙන් මතු වේ.

රෝගයේ විශේෂිත වූ ලක්ෂණ මතු වන්නේ ඊළඟටයි... එනම් පිටගැස්ම විෂ ස්නායුගත වී ඒවා උත්තේජනයේ හේතුවෙන් ඇති වන සිරුර පුරා දක්නට ලැබෙන පේශීන්ගේ හැකිලීමයි. මෙම පේශි හැකිලීම හොඳින් දක්නට ලැබෙන ස්ථානයකි හකුපාඩ. කට හැරීමට නොහැකි තරමට හකු තද වෙයි. මෙම තත්ත්වය (Lock jaw) නමින් හඳුන්වනු ලැබෙනවා..

බඩෙහි (උදරයෙහි) පිහිටි පේශිද තද වෙයි. අවසානයේදී පිටෙහි පිහිටි පේශීන් අධික ලෙස සංකෝචනය වන නිසා පිට සහ ගෙල දුන්නක් ලෙස පිටිපස්සට නැමෙයි. යම් උත්තේජනයක් කළ පමණින් පේශි දැඩිව සංකෝචනය වන නිසා පිටගැස්ම පිටුපසට නැමී යයි.. පිටගැස්ම නැමැති නම එම රෝගයට සිංහලයන් විසින් භාවිතා කරන්නට ඇත්තේ ඒ නිසයි. මුහුණෙහි පේශීන්ගේ සංකෝචනය නිසා මුහුණේ අමුතු සිනහවක් මතු වුණා සේය. මෙය ලතින් භාෂාවෙන් (Risus Sar Donicus) නමින් හඳුන්වයි.

හුස්ම ගැනීමේ අපහසුතාව ද තදින් රෝගියාට දැනෙයි. විෂ මඟින් මොළයේ ක්‍රියාකාරීත්වය අඩාල කිරීමත් සමඟම එමඟින් පාලනය වන හෘද ස්පන්දන වේගය අඩු කර දමයි. රුධිර පිඩනය අඩු හෝ වැඩි වී යයි. උෂ්ණත්වය එකවර ඉහළ යයි.

මළකඩ සහිත ඇණයක් හෝ කටුවක් ඇනුණොත් පිටගැස්ම හැදෙනවා යයි විශ්වාසයක් අප අතර ඇත..ඇණයක මලකඩ තිබුණු පළියට පිට ගැස්ම හැදෙන්නෙ කොහොමද? එහි ක්ලොස්ට්‍රීඩියම් ටෙටනි නමැති බැක්ටීරියාව තිබුණොත් පමණයි පිටගැස්ම හැදෙන්නෙ.

පිරිසිදු ඇණයක හෝ ඉදිකටුවක වුවත් පිටගැස්ම විෂබීජය තිබුණොත් එය මලකඩ අල්ලා නැති වුණත් පිටගැස්ම හැදෙන්න පුළුවන්. එදා අශ්ව ගාල්වල වැටී තිබුණු පරණ මලකඩ කාපු අශ්ව ලාඩං කකුලේ ඇනීමෙන් ඒවායේ වැඩ කළ අයට බොහෝවිට පිටගැස්ම හැදුණා.

එයට හේතුව අශ්ව ගාල්වල ඇති ගොමවල තිබුණු පිටගැස්ම විෂබීජය අශ්ව ගාල තුළ දූවිලි සමඟ විසිරී යාමේ හේතුවෙන් ඒවායේ වැටී තිබුණු මල ඇල්ලූ ලාඩංවලද සැඟවී තිබීමයි. නමුත් පිටගැස්ම විෂබීජය නැති තැනක ඇති මල ඇල්ලූ ඇණයක් හෝ ලාඩමක් අපේ කකුලේ ඇනුණාට පිටගැස්ම හැදෙන්නේ නැති බව දැන් තේරෙනවා ඇති.

පිටගැස්ම රෝගයෙන් වැළකී සිටීම සඳහා එන්නත් හෙවත් ප්‍රතිශක්තිකරණය අද අප රටේ තිබෙනවා. පිටගැස්ම වැළැක්වීම සඳහා ඉතාමත් සාර්ථක එන්නත් තිබෙනවා. හැම දරුවෙකුටම කුඩා කාලයේදී ලබාදෙන ට්‍රිපල්(ත්‍රිත්ව) එන්නත මඟින් පිටගැස්ම හැදීම වැළැක්වෙනවා. ත්‍රිත්ව එන්නත මඟින් වැළැක්වෙන අනෙක් රෝග දෙක නම් කක්කල් කැස්ස සහ ගලපටලයයි.

පිටගැස්ම හැදෙන්නට ඉඩකඩ ඇති හැම කෙනෙකුටම පිටගැස්ම ධූලකාභය හෙවත් පිටගැස්ම එන්නත ලබාදීමට වෛද්‍යවරු හා සෞඛ්‍ය ආයතන පියවර ගනී. තුවාලයක් වී රෝහලකට හෝ වෛද්‍යවරයෙකු වෙත එන සෑම පුද්ගලයකුටම පිටගැස්ම එන්නත කලින් ලබාදී නැත්නම් එය ලබාදීමට පියවර ගන්නේ ඒ නිසයි.

ඔබ දැනටමත් පිටගැස්ම එන්නත් තුනක් ලබාගෙන ප්‍රතිශක්තිකරණය සම්පූර්ණ කර ඇත්නම් අවුරුදු 05කට වරක් පරිපූරක වඩියක් ලබා ගැනීම නුවණට හුරුයි.

මතක තබා ගන්න. පිටගැස්ම එන්නත ලබා දීමෙන් පසු සිරුරේ ගොඩනැගෙන ප්‍රතිදේහ මඟින් පිටගැස්ම විෂබීජය විනාශ කරන්නේ නැත. එමඟින් කරන්නේ පිටගැස්ම විෂබීජය මඟින් නිපදවන විෂබීජ හෙවත් ටොක්සීනය උදාසීන කිරීමයි.

අන්තර්ජාලයෙන්....
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post




Master Sir
Master Sir
Wathsunu
Paata KUrullo
Ralla Weralata Adarei
Ahas
Bambarek Awith
akurata yana welawe
Sihina Genena Kumari
Raja Gedara
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top