කුළුබඩු කියන්නෙ අපි හැමදෙනාම දන්නා කෑම රස කරගන්න යොදන දෙයක්. කුළුබඩු නොදා කවුරුවත් කෑම කන්නේ නෑ කියලා අපි දන්නවනේ.
ඵතරම් දිවට රසයක් තමයි මේ කුළුබඩු වලින් දෙන්නෙ.කුළුබඩු වෙනුවට ඵක කොළයකින් කුළුබඩු රසය ගන්න පුලුවන් ශාකයක් ගැන ඔබ මීට අසා තිබෙනවාද. ගොඩක් අය ඒ ගැන දන්නෙ නැතුව ඇති.අද ඒ ගැන දැනගමු.
කුරුඳු. ගම්මිරිස්. කරාබු නැටි. සාදික්කා කියන කුළුබඩු හතරේම රස දෙන අපූරු ගස. මේ ශාකයට අපේ රටේ ගොඩක් දෙනෙක් කියන්නේ තුනපහ ගහ කයලා. විදේශ වල අය නම් කියන්නේ All spice plant කියලා.
මේ ගසේ ඇට වලිනුත් මේ ශාකය පැල කරගන්න පුලුවන්.අපි අද කියලා දෙන්නේ මේ පැළය අත්තකින් හදා ගන්නෙ කොහොමද කියලා.
මේ පැළය වගේම අපි අද ඔබට හෝමෝනයක් හදනා හැටිත් කියලා දෙන්න බලාපොරොත්තු වෙනවා. අපි මුලින්ම ඔබට කියලා දෙන්න යන්නේ කොහොමද මේ මුල් අද්දන හෝමෝනය හදා ගන්නේ කියලා.
මේ සඳහා අපට ඕන වෙන්නේ අක්කපාන කොලයක්. මුලින්ම ඔබ අක්කපාන කොලයක් ගෙන හොදින් තලා ගන්න. ඔබට අවශ්‍ය පමණට. තලා ගත්ත කොලේ ඉස්ම ගතිය තමයි අපට ඕන වෙන්නේ. දැන් ඔබට අවශ්‍ය අත්ත කපා ගන්න. මෙය කපාගත යුත්තේ අංශක 35 ක ආකාරයටයි.
ඉන්පසුව ඵම කැපුම ලඟින්ම තියෙන අනවශ්‍ය කොල ටික කපා ඉවත් කරගන්න. ඉන්පසුව ඔබ කලින් හදාගත් අක්කපාන හෝමෝනය මෙම කැපුමෙහි තවරන්න.
හෝමෝනය තවරා ගත් පසු ඵම කැපුම වටේට අලු ස්වල්පයක් තවරා ගන්න. මේ සඳහා අපි අලු යොදා ගන්නේ දිලීර නාශකයක් ලෙස. මෙමගින් මේ පැළය කුනු වීමෙන් ආරක්ෂා කරනු ලබනවා.
ඉන්පසුව ඔබ වැලි වැඩියෙන් යොදා කොම්පෝස්ට් පොහොර දැමූ බාජනයක සිටවිය යුතුයි. ඔබට කුඩා බඳුනක උවද මෙය පැළ කරගන්න හැකියි. මෙය සිටුවා ගත් පසු අනිවාර්යයෙන්ම ජලය ඵක් කල යුතුය.
ජලය ඵක් කල පසු ප්ලාස්ට්ක් මෙගා බෝතලයක් දෙකට කපා මෙම පැළය වැහෙන සේ තබා ගන්න. ටික දවසකින් ඔබට මේ පැළයේ දලු දානු දැකගත හැක.
ඔබ කොහෙන් හෝ මේ අතු කැබැල්ලක් කපාගෙන ඵනවා නම් අනිවාර්යයෙන් සුලං නොවදින සේ ඉටි බෑග් ඵහෙක බහා අරන් ඵන්න.
නැතිනම් අත්ත කැපුම ඇති තැන වියලෙනු ඇත. ඔබේ පැළය සිටුවා අවසානයේ ඵය අව්ව නොවැටෙන සෙවන ඇති තැනක තබන්න.
අද ඔබට කියලා දුන්නේ ඔබේ නිවසට ඉතාමත් වටිනා තුනපහ ගහක් සාදා ගන්නා ආකාරය..
උපුටාගැනීම අන්තර්ජාලයෙන්..