මේ කියන්න යන්නේ තවත් බිහිසුණු අනතුරක් ගැන දින කිහිපයකට පසු ඇසෙන කතාවක්..
දෙසැම්බර් මාසයේදී දකුණු කොරියාවේදී කඩා වැටුණු මගී ගුවන් යානයේ කුරුළු ගැටීමක් පිළිබඳ සාක්ෂි සොයාගෙන ඇති බව විමර්ශකයින් පවසනවා...
අද ප්‍රකාශයට පත් කරන ලද මූලික විමර්ශන වාර්තාවකට අනුව, ජෙජු එයාර් ගුවන් යානයේ එන්ජින් දෙකෙහිම පිහාටු සහ ලේ පැල්ලම් විශාල ලෙසින් දක්නට ලැබෙන බව සඳහන්...
එම ලේ පැල්ලම් සහ රුධිරය රංචු වශයෙන් පියාසර කරන සංක්‍රමණික තාරාවන් වර්ගයක් වන Baikal tealගේ බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ...
පසු ගිය මස 29 වැනි දා, දකුණු කොරියාවේ Muan ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ සිදුවූ අවාසනාවන්ත ගුවන් අනතුරින් එහි ගමන් ගත් 179 දෙනෙක් ජීවිතක්ෂයට පත් වුණා...
දිවි ගලවා ගත හැකි වූයේ දෙදෙනකුට පමණයි...
එරට ජෙජු ගුවන් සේවයට අයත් 7C2216 දරන එම යානය, තායිලන්තයේ බැංකොක් සිට දකුණු කොරියාවේ, නිරිතදිග පිහිටි ම්යුවන් ජාත්‍යන්තර ගුවන් තොටුපොළ බලා 181 දෙනකු රැගෙන පියාසර කරමින් පැවති අතර ගොඩ බැස්වීමට ආසන්නයේදී මෙම බිහිසුණු අනතුරට මුහුණ දෙනු ලැබුවා...
පිපිරීමට හේතුව ගුවන් යානයේ එන්ජිමට කුරුල්ලෙකු වැදීම නිසා බවයි අනුමාන කර තිබුණේ...
කෙසේ වෙතත් යානය ගොඩ බැස්ස වීමේදී රෝද පද්ධතියේ ඇති වූ දෝෂයක් හේතුවෙන් එය ක්‍රියාත්මක නොවීම නිසා යානය ධාවන පථය දිගේ ඇදී ගොස් ආරක්ෂිත බැම්මේ වැදී අනතුර සිදුව තිබූ බවයි විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ..
එම අවස්ථාවේ යානයේ අඩක් කැඩී ගොස් ගිනි ගැනීමට ලක්ව තිබුණා..
