මේ දේවල් ගැන මේ දවස්වල ලොකු කතාබහක් ඇතිවෙලා කිව්වොත් හරි..
පොල් ප්‍රශ්නයට විසඳුම් ලැබේවිද..? මේ කියන්න යන්නේ අන්න ඒ ගැන ඇසෙන කතාවක්..
ලුණු හිඟයට කඩිනම් පිළියමක් ලෙස ඉන්දියාවෙන් ආනයනය කළ ලුණු මෙටි්‍රක් ටොන් 1485ක පළමු තොගය රැගත් නෞකාව දිවයිනට පැමිණ තිබෙනවා. ඒ අනුව, බහාලුම් 50 ක ලුණු තොග මෙරටට ගෙන්වා ඇති බවයි රාජ්‍ය වාණිජ නීතිගත සංස්ථාවේ සභාපති රවින්ද්‍ර ප්‍රනාන්දු හිරු ප්‍රවෘත්ති කළ විමසීමකදී කියා සිටියේ..
ඉන්දියාවෙන් ලුණු ආනයනය කිරීමට සැපයුම්කරුවන් දෙදෙනෙකුට අවස්ථාව හිමි වූ අතර ඉන් එක් සැපයුම්කරුවෙකුගේ තොගයි මෙලෙස ආනයනය කර ඇත්තේ..
දිවයිනට බලපෑ අයහපත් කාලගුණය සහ තවත් සාධක කිහිපයක් හේතුවෙන් වෙළදපොලේ ලුණු හිගයක් නිර්මාණය වී ඇති අතර, ඊට කඩිනම් පිළියමක් ලෙස ලුණු මෙටි්‍රක් ටොන් 30,000 ක් ආනයනයට පසුගියදා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිවුණා..
මේ අතර වෙළෙඳපොළේ පොල් ගෙඩියක මිල ඉදිරියේදී රුපියල් 250ක් දක්වා ඉහළ යා හැකි බවට වෙළෙඳුන් පවසනවා. පසුගිය මාස කිහිපය පුරා මෙරට වෙළෙඳපොළේ පොල් සම්බන්ධයෙන් ගැටලු රැසක් මතු වූ අතර, වාර්ෂික පොල් අස්වැන්න සැලකිය යුතු අගයකින් පහළ වැටී ඇති බවටයි වාර්තා වුණේ..
පවතින පොල් හිගයට පිළියම් ලෙස පොල් ගෙඩි මිලියන 200ක් ආනයනය කිරීමට ලංකා පොල් කර්මාන්ත මණ්ඩලය රජයෙන් අවසර ඉල්ලා තිබුණ ද තවමත් ඒ සම්බන්ධයෙන් තීරණයක් ගෙන නැහැ. එවන් පසුබිමක මේ වනවිට ඇතැම් ප්‍රදේශවල පොල් ගෙඩියක් රුපියල් 250 ක මිලකට අලෙවි වන තත්ත්වයක් පවතිනවා..
මේ අතර, වෙළදපොලේ පවතින පොල්, සහල් ඇතුලු අත්‍යාවශ්‍ය ද්‍රව්‍යවල හිගය හමුවේ සිය ආපනශාලා වසා දැමීමේ තත්ත්වයක් උදා වී ඇති බවට එම ආපනශාලා හිමියන් ප්‍රකාශ කළා..