මේ වෙනකොට අයහපත් කාලගුණ තත්ව නිසා ගොඩක් ජීවිතවලට බලපෑම් එල්ල වෙලා..
දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් පවුල් 27,751ක පුද්ගලයින් 92,471 පීඩාවට පත්ව සිටිනවා..
ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය සදහන් කළේ මේ හේතුවෙන් අර්ධ නිවාස හානි 320ක් වාර්තා වන බවයි..
වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල කළමනාකරණ අංශයේ අධ්‍යක්ෂක ඉංජිනේරු එච්.එම්.ජී.එස්.ඩි හේරත් කියා සිටියේ ප්‍රධාන ජලාශ 73න් 48ක් තවදුරටත් වාන් දමමින් පවතින බවයි..
මේ අතර ගතවූ පැය 24 තුල වැඩිම වර්ෂාපතනය වන මිලිමීටර 110 ගාල්ල - හිනිදුම ප්‍රදේශයෙන් වාර්තා වී තිබුණා..
දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් වගාවන් රැසකට හානි සිදුව ඇති බව අනුරාධපුරය - විලච්චිය - මැදවල්ගම ගොවින් පවසනවා..