මේ කතාව හැමෝම වගේ උදේ නැගිට්ට ගමන් කියන කතාවක්.
සාමාන්‍යයෙන් බෙල්ලේ මාංශ පේශිවල ඇදීමෙන් ඇතිවන තෙරපීමක් නිසයි උලුක්කුව ඇති වන්නේ.
බොහෝ දෙනෙකුට බෙල්ලේ කැක්කුම ඇතිවීමට බලපාන්නේ දීර්ඝ වේලාවක් රූපවාහිනිය, ජංගම දුරකතන හෝ පරිගණක සමඟ ගත කිරීම නිසයි. ඒ වගේම අනතුරු වලින් පස්සේ කාලයක් ගතවීමත් සමඟ බෙල්ලේ අසාමාන්‍ය කැක්කුම් බලපාන්න පුළුවන්.
බෙල්ලේ කැක්කුම ඇති විය හැකි බරපතළ හේතු මොනවද?
ස්නායු රෝග නිසාත් බෙල්ලේ කැක්කුම වගේම හිස , අත් , පපුව , කොන්ද ආදී ප්‍රදේශ වේදනාවට පත් වෙනවා. ඒ වගේ අවස්ථාකදී උදෑසන අවදි වන විට බෙල්ලේ හෝ උරහිස් දෙපස තදබල ලෙස වේදනාව ඇති වෙනවා. කශේරුකාව ගෙවී යාමත් මෙවැනි තත්වයන්ට හේතු වෙන්න පුළුවන්. ඊට අමතරව අත්වල ඇඟිලි හිරිවැටීම ද සිදු වෙනවා. බර ඔසවන්නන් , දවසම පරිගණකය සමඟ වැඩ කරන අය, දවසේ වැඩි කාලයක් රිය පදවන අය අතර මේ තත්වය බහුලව දකින්න ලැබෙන දෙයක්.
බෙල්ලේ කැක්කුමට නිවසේදී කළ හැකි ප්‍රතිකාර
කැක්කුම් ඇති වූ මුල් දින දෙක තුන තුළ අයිස් කැට කිහිපයක් රෙදි කැබැල්ලක ඔතා ගෙල පෙදෙස හා උරහිස් තවන්න. 4 වන දින හා පස් වන දිනවලත් ගෙලෙහි කැක්කුම අඩු වෙන්නේ නැත්නම් මඳ රස්නය ඇති උණු අළු පොට්ටනියකින් තවන්න.එහෙමත් නැත්නම් රෙදි කැබලි වලින් සාදාගත් පොට්ටනියක් උණු ජලයේ පොඟවා තවන්න. පැරසිටමෝල් වැනි සාමාන්‍ය වේදනා නාශනයක් පැය හයකට වරක් පාවිච්චි කරන්න. නියමිත මාත්‍රාවෙන් ලබාගන්න අමතක කරන්න එපා. අසුනක වාඩි වී ගෙල ඉහළට පහළට හා දෙපසට හරවන සුළු ව්‍යායාම කරන්න. බර එසවීම , ක්‍රීඩා කිරීම , හිස පහතට දමාගෙන කරන කටයුතු ආදියෙන් දින කිහිපයකට වැළකි සිටින්න. කොඳු ඇට පෙළ පමණට වඩා ක්‍රියාකරී වන දෛනික කටයුතු වලින් දින 10 ක පමණ කාලයක් ඉවත් වන්න. නිදා ගැනීමේදි හිස තැබීමට කොට්ටයක් භාවිතා කරන්න එපා. යහනක නිදා ගන්නවා නම් තද මෙට්ටයක් භාවිතා නොකර නිදාගන්න. කොට්ටයක් රහිතව බීම පැදුරක නිදාගැනීම ද ගොඩක් හොඳයි.
වෛද්‍ය උපදෙස් ලබා ගත යුත්තේ මොන වගේ අවස්ථාවලදී ද?
බෙල්ල අවට ප්‍රදේශයේ අසාමාන්‍ය ලෙස ගෙඩී වැනි ස්වභාවයක් තියෙනවා නම්, බෙල්ලේ කැක්කුම සමඟ ගිලීමේ අපහසුතා හෝ හුස්ම ගැනීමේ අපහසුතා ඇත්නම්, බෙල්ලේ කැක්කුම සමඟ අත් පා හිරීවැටීම සිදු වෙනවා නම්, කිසියම් පහරදීමක් හෝ හදිසි අනතුරකට පසුව බෙල්ලේ කැක්කුම නම්, බෙල්ල නැවීම හැරවීම ඉතාම අපහසු නම්, උණත් සමඟ ඇතිවන හිසේ තද කැක්කුමක් ඇත්නම්, බෙල්ලේ කැක්කුම සමඟ වමනය යෑම , අත දිගේ ඇතිවන කැක්කුම , හුස්ම ගැනීමේ අපහසුව ඇති වෙනවා නම්, සාමාන්‍ය ප්‍රතිකර්ම හා සාමාන්‍ය වේදනා නාශකවලින් දින 10-15 අතර ගණනකින් බෙල්ලේ කැක්කුම සුව නොවේ නම්.
ඔයාටත් දවසින් දෙකෙන් හොඳ වෙන්නේ නැති බෙල්ලේ කැක්කුම් තියෙනවා නම්, නිවසේ සිට අත්බෙහෙත් නොකර ඉන්නේ නැතිව වහාම වෛද්‍ය උපදෙස් ලබා ගන්න. එවිට වෛද්යවරයාවෛද්යවරයාවිසින් ඔයාව එක්ස් කිරණ පරීක්ෂාවක් හා MRI පරීක්ෂණය සඳහා යොමු කරනවා. ඒ වගේම මෙම බෙල්ලේ කැක්කුම් අවම කරගන්න නම් පරිගණක භාවිතා කිරීමේදී , බර එසවීමේදී, ඉඳගැනීමේදී සහ වෙනත් කටයුතු වල නිරත වෙද්දී නිවැරදි ඉරියම් භාවිතා කරන්න. එමෙන්ම නිදා ගැනීමේදී තද මෙට්ටයක් සහ සැහැල්ලු කොටයක් යොදාගන්න. ඊට අමතරව මෙම වේදනාවන් සමනය කරගන්න වෛද්‍ය උපදෙස් මත බෙල්ලේ මාංශපේශී ශක්තිමත් කරන නිවැරදි ව්‍යායාම සිදු කරන්නත් ඔයට පුළුවන්.
උපුටා ගැනීමක්