ශ්‍රී ලංකා විදේශ ගමන් බලපත්‍රය ගැන ඇසෙන විශේෂ ආරංචියක් ගැනයි මේ කියන්න යන්නේ..
දකුණු ආසියාවේ 4 වැනි ශක්තිමත්ම විදේශ ගමන් බලපත්‍රය, ශ්‍රී ලංකා විදේශ ගමන් බලපත්‍රය යැයි ‘හෙන්ලේ’ විදේශ ගමන් බගපත්‍ර දර්ශකය පවසනවා..
එය ගෝලීය වශයෙන් 96 වැනි ස්ථානයට පත්ව ඇති අතරම, එය 2023 දී 100 වැනි ස්ථානයේ පසුවූ බවත් එම දර්ශකය සඳහන් කරනවා.. 2022 දී 102 වැනි ස්ථානයේ සිටි ශ්‍රී ලංකා විදේශ ගමන් බලපත්‍රය අඛණ්ඩව ප්‍රගතියක් ප්‍රදර්ශනය කරන බව ද ‘හෙන්ලේ’ විදේශ ගමන් බගපත්‍ර දර්ශකය පවසනවා..
ශ්‍රී ලාංකිකයන්ට ගමනාන්ත 44කට වීසා රහිතව ගමන් කිරීමේ හැකියව ඇති බවත් කලාපීය සහ ගෝලීය ලැයිස්තුවේ පහළින් ඇෆ්ගනිස්තානය කලාපීය වශයෙන් 8 වන සහ ගෝලීය වශයෙන් 106 වන ස්ථානයට පත්ව ඇති අතර ගමනාන්ත 26 කට පමණක් ප්‍රවේශ විය හැකියි..