Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Jan
25
"ලේ ගලන තුවාලවලින් යුතුව පිරිමි කෙනෙක් ගේට්ටුවෙන් එළියට ආවා..." සයිෆ්ගේ සැත්කම හිතුවාට වඩා දරුණු එකක්.. සිද්ධියෙන් දින කිහිපයකට පසු ඇසෙන කතාව මෙන්න..

- "ලේ ගලන තුවාලවලින් යුතුව පිරිමි කෙනෙක් ගේට්ටුවෙන් එළියට ආවා..." සයිෆ්ගේ සැත්කම හිතුවාට වඩා දරුණු එකක්.. සිද්ධියෙන් දින කිහිපයකට පසු ඇසෙන කතාව මෙන්න..Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

8 Views
ජනප්‍රිය බොලිවුඩ් නළු සයිෆ් අලි ඛාන්.. ඔහු ගැන පසුගිය දවස්වල ගොඩක් පුවත් මැවුණා..  ඔහු ලෝකයක් හඳුනන තරුවක්.. 

ඒ විතරක් නෙවෙයි ඔහු ජීවත් වෙන්නේ ඉන්දියාවේ සුඛෝපභෝගී තට්ටු නිවාස සංකීර්ණයකයි.. එතරම් ආරක්ෂාවක් ඇති තැනක ජීවත්ව සිටියදී පවා ඔහුට මේ වගේ ඉරණමක් අත්වුණේ කොහොම ද කියන එක ගොඩක් දෙනෙක් කතා වුණා.. ඉතින් මේ ඒ ගැන ඇසෙන තවත් එක් කතාවක්..

නළු සයිෆ් අලි ඛාන් පිහි ඇනුමකට ලක්වීම පසුගිය දිනවල සිනමා ක්ෂේත්‍රයේ මහත් අවධානයක් දිනා ගත් සිදුවීමක් වුණා.. සයිෆ්ට මේ ආකාරයෙන් පිහියෙන් ඇන තිබුණේ මුම්බායිහි පිහිටි ඔහුගේත්, කරීනාගේත් නිවස කොල්ල කෑමට පැමිණි සොරෙකු විසිනුයි.. පසුගිය 16 වැනි දින අලුයම් කාලයේයි මෙම සිද්ධිය සිදුව තිබුණේ..

නිවසට ඇතුළු වූ කොල්ලකරු එහි සිටි කිසියම් සේවිකාවකට පහරදීමට උත්සාහ කළ බව පැවසෙන අතර එම අවස්ථාවේ සායිෆ් මැදිහත්ව තිබූ බව පැවසෙනවා.. ඔහු පිහි ඇනුමට ලක්ව තිබුණේ එහිදීයි.. සයිෆ්ගේ සිරුරේ හය පොලකට පිහියෙන් ඇන තිබූ බව මාධ්‍ය වාර්තාවල සඳහන් වුණා.. ඔහුගේ කොඳු නාරටියටත් හානි සිදුව තිබූ බව සඳහන්..

සිද්ධිය සිදුවන අවස්ථාවේ සයිෆ්ගේ බිරිය කරීනාත් නිවසේ සිටි බව පැවසෙනවා.. කෙසේ නමුත් පිහි ඇනුම් කෑ සයිෆ්, රෝහලට ගෙන ගොස් තිබුණේ ත්‍රි රෝද රථයකින්.. මෙම ත්‍රි රෝද රථය පැදවූ රියැදුරා කළ විස්තරයක් ද මාධ්‍ය තුළ පළ වී තිබුණා..

ඔහු සඳහන් කර තිබුණේ එදින අලුයම 2 ට පමණ තමා රිය පදවාගෙන යමින් සිටියදී කාන්තාවක් කුලී රියක් නතර කර ගැනීමට උත්සාහ කරන ආකාරය ඈත සිට දුටු බවයි.. නමුත් කිසිදු රථයක් එහි නැවැත්වූයේ නැති බව ද ඔහු පවසා තිබුණා.. අවසානයේ තමා රිය හරවාගෙන එම ස්ථානය වෙත ගිය බවත් පිරිමි කෙනෙකු ලේ ගලන තුවාලවලින් යුතුව සිටිනු දුටු බවත් ඔහු තවදුරටත් කියා තිබුණා..

"ලේ ගලන තුවාලවලින් යුතුව පිරිමි කෙනෙක් ගේට්ටුවෙන් එළියට ආවා. තවත් තුන් හතර දෙනෙකුත් ඔහු සමඟ සිටියා. පිරිමි කෙනාගේ බෙල්ලෙන් සහ පිට ප්‍රදේශයෙන් තමයි වැඩියෙන්ම ලේ ගැලුවේ. ඔහුව රියට පටවා ගත් පිරිස තීරණය කළා ලීලාවතී රෝහලට යන්න. මම ඔවුන්ව එතැන බස්සලා යන්න ගියා. පස්සේ තමයි මම දැන ගත්තෙ තුවාල ලබා සිටියේ සයිෆ් අලි ඛාන් කියලා." රියැදුරා ඒ ආකාරයෙන් සිද්ධිය ගැන විස්තර කර තිබුණා..

මෙම සටහන ලියන අවස්ථාව වනවිට සයිෆ් අනතුරුදායක තත්ත්වයෙන් මිදී ඇති බව වාර්තා වුණත් දිගටම ඔහු වෛද්‍යවරුන්ගේ අධීක්ෂණය යටතේ සිටින බව සඳහන් වුණා.. ඔහුගේ කොඳු ඇට පෙළ ආසන්නයේ ඇනී තිබූ පිහි තලයක් ඉවත් කිරීමට බරපතළ සැත්කමක් කළ බවත් මාධ්‍ය වාර්තා කර තිබුණා.. එය අඟල් දෙකහමාරක් පමණ දිග පිහි තලයක් බවයි පැවසුණේ..

සිද්ධිය සම්බන්ධයෙන් මුම්බායි පොලීසිය 30 හැවිරිදි පුද්ගලයකු අත්අඩංගුවට ගෙන තිබුණා.. ඔහුගේ නම මොහොමඩ් ෂරිෆුල් ඉස්ලාම් ෂේසාද්.. ඔහු බංග්ලාදේශ ජාතිකයෙකු බවයි පොලීසිය පවසා තිබුණේ.. මෙම පුද්ගලයා තමා කළ අපරාධය පිළිබඳව පොලීසිය හමුවේ පාපොච්චාරණයක් කර ඇතැයි සඳහන්.. තමා පිහියෙන් ඇන්නේ සයිෆ් අලි ඛාන්ට බවක් ඔහු දැනගෙන සිට නැති බව පොලීසිය පවසනවා..

පොලීසිය තවදුරටත් පවසා තිබූ ආකාරයට සැකකරු බංග්ලාදේශයේ සිට ඉන්දියාවට පැමිණ තිබුණේ මෙයට මාස අටකට පමණ පෙරයි..

සයිෆ් සහ කරීනා වාසය කරන්නේ මුම්බායි හි බන්ද්‍රා නමැති ප්‍රදේශයේ පිහිටි සුඛෝපභෝගී තට්ටු නිවාස සංකීර්ණයකයි.. එම නිවස මෙයට වසර කිහිපයකට පෙර සයිෆ් මිල දී ගෙන තිබුණේ ඉන්දියානු රුපියල් කෝටි 24කට බව සඳහන්.. එය ලංකා රුපියල් කෝටි 82කට ආසන්න මුදලක්..

කරීනා කපූර් ද සිද්ධිය පිළිබඳව නිවේදනයක් නිකුත් කර තිබුණා.. එම දිනය ඔවුන්ගේ ජීවිතවල ඉතාම අභියෝගාත්මක දිනයක් වූ බව ඇය පවසා තිබෙනවා.. “තවමත් අප මේ සිදුවූ දේ තේරුම් ගැනීමට උත්සාහ කරමින් සිටිනවා” යැයි ද ඇය එහි සඳහන් කර තිබුණා.

මෙම දුෂ්කර අවස්ථාවේ අනවශ්‍ය අනුමානයන් පළකිරීමෙන් වළකින මෙන් තමා මාධ්‍යවලින් ඉතා ගෞරවයෙන් සහ නිහතමානීව ඉල්ලා සිටින බවත් කරීනා පවසා තිබෙනු දැකිය හැකි වුණා..

ඉහත සඳහන් කළ සැකකරුට එරෙහිව පොලීසිය එල්ල කරන චෝදනා ඔහුගේ නීතිඥයකු ප්‍රතික්ෂේප කර ඇති බවක් පුවත්පත මුද්‍රණයට යන අවස්ථාව වනවිට පළ වී තිබූ ඇතැම් මාධ්‍ය වාර්තාවල දැක්වුණා..



සිළුමිණ පුවත්පත ඇසුරෙන්... 
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post




Master Sir
Master Sir
Wathsunu
Paata KUrullo
Ahas
Bambarek Awith
akurata yana welawe
Sihina Genena Kumari
Raja Gedara
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top