Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Jan
25
අලුත් වසරක්... අලුත් මාසයක අවසානයක්.. ඔබේ ලග්නයට කොහොම වෙයිද..?

- අලුත් වසරක්... අලුත් මාසයක අවසානයක්.. ඔබේ ලග්නයට කොහොම වෙයිද..?Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

12 Views
ඒ ඒ ලග්නවලට අනුව ලැබෙන සුබ අසුබ ඵල වෙනස්වෙනවා.. මේ කියන්න යන්නේ  අන්න ඒ ගැන ඇසෙන තවත් එක් කතාවක්.. 

අලුත් වසරක අලුත් මාසයක් අවසානයක්.. ඉතින් මේ සතිය ඔබට කොහොම වේවිද..? මේ කියන්නේ අන්න ඒ ගැනයි..

මේෂ

අමතර වගකීම් බහුල වෙයි

ගෘහ ජීවිතයේ කටයුතු පිළිබඳ විමසිලිමත් විය යුතු සතියකි. ඔබේ ලග්නයට අනුව මේ සතියේ සඳුගේ චාරය සිදුවන්නේ 8,9, 10 යන භාවස්ථානවලයි.

ගෘහ ජීවිතය

සැනසිලිදායක බව තරමක් දුරට අඩුකරයි. වෙනදාට වඩා වැයපස අධික වන බවක් පෙනේ. හදිසි තීරණයක් තමාට අවාසිදායක තත්ත්වයක් ඇති කරයි. පවුලේ අය අතර කැපී පෙනෙන අන්දමේ කටයුතුª කීපයක් සිදුවීමට ඉඩ ඇත. විශේෂ උත්සව අවස්ථාවකට සැලසුම් කරයි.

රැකියාව

රැකියාවේ කටයුතු සම්බන්ධ නොසන්සුන්කාරී බවක් පෙන්නුම් කරයි. එමෙන්ම රැකියාවේ කටයුතු පිළිබඳ දුරදිග සිතා බලන්න. අමතර වගකීම් බහුල රැකියා මාර්ගවලට හේතු යෙදෙන සතියකි.

අධ්‍යාපනය

උසස් අධ්‍යාපන කටයුතුවලින් විශේෂ ජයග්‍රහණ හිමිකරයි. ලේඛන කලාවට දක්ෂතා දක්වන බවක් පෙනේ. කෙසේ වුවත් ධාරණ ශක්තිය බලවත්වන කාලයක් බැවින් විශේෂ දක්ෂතා ඉස්මතුවන කාලයක් වේ.

සෞඛ්‍යය

වරින්වර ශරීර සෞඛ්‍යය දුර්වලවිය හැකි කාලයකි. සෙම් නරක්වීම නහර ගත ආබාධ ඇතිවිය හැකි කාලයකි. පාදයේ ආබාධයක් හේතුවෙන්ද පීඩා අත්කරයි.

අය 06 වැය 04

ජය අංකය - 06

ජය වර්ණය - කොළ

සුබ දවස - බදාදා


වෘෂභ

අලුත් රැකියා අපේක්ෂා ඉටුවේ

සැනසිලිදායක බව තරමක් දුරට අඩුකරන සතියක් වන අතර, මේ සතියේ සඳු ග්‍රහයා 7, 8, 9 යන භාවයන් මතින් ගමන් කරයි.

ගෘහ ජීවිතය

ගේ දොර කටයුතු පිළිබඳ වෙනස්කම් කීපයක් සිදුකරන බවක් පෙනේ. එමෙන්ම අලුත් දේ මිලදී ගැනීමකටද හේතු සැලසෙන සතියකි. පොරොන්දු ගිවිසුමක් ප්‍රමාද කරන ලකුණු පෙන්නුම් කරයි. වෙනදාට වඩා වයසින් වැඩි අය සමඟ ඇසුරට කටයුතු උදා කරයි. පියපස ඥාතියකු පිළිබඳ සතුටට පත්විය හැකි කරුණු කීපයක් සිදු කරයි.

රැකියාව

රැකියාවේ කටයුතු සම්බන්ධව පැවැති වගකීමකින් නිදහස සැලසේ. අලුත් රැකියා අපේක්ෂාවෙන් සිටින අයට සුබදායකයි. තැන තැන ඇවිදිලි ඇති කරන කටයුතු කීපයක් යෙදේ. උගත්කමට සරිලන රැකියා මාර්ගවලට හේතු යෙදේ.

අධ්‍යාපනය

ඉගෙනීමට දක්ෂතාවයක් ඇතත්, යම් යම් බාධා මතුවිය හැකි කාලයකි. දැනුම, බුද්ධිය වර්ධනය වන කටයුතු කීපයක් යෙදේ. පොතට පතට ළැදි කාලයක් වන අතර අලුත් දේ ඉගෙනීමට කටයුතු උදාකරයි.

සෞඛ්‍යය

ශරීර සෞඛ්‍යයට වරින්වර බාධා මතු කරයි. නිතර ඇතිවන උරහිස සම්බන්ධ ආබාධයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවෙයි. හදිසි සෞඛ්‍ය පරීක්ෂණයකට භාජනය වීමට සිදුවන සතියකි. ඖෂධ පාවිච්චියේදී සැලකිලිමත්වන්න.

අය 06 වැය 05

ජය අංකය - 04

ජය වර්ණය - තැඹිලි

සුබ දවස - සිකුරාදා


මිථුන

ගනුදෙනුවලදී පරෙස්සම්වන්න

වගකීම් බහුල කරන සතියක් වන අතර මේ සතියේ සඳු ග්‍රහයා 6,7,8 යන භාවයන් මතින් ගමන් කරයි.

ගෘහ ජීවිතය

විශ්වාසවන්ත බැඳීමකට කරුණු ඇති කරයි. වෙනදාට වඩා පවුලේ කටයුතු පිළිබඳ සොයා බැලීමක් කළයුතු බවක් පෙනේ. මුදල් ගනුදෙනුවලදී වංචා රැවටිලිවලට හසුවීමට ඉඩ ඇති බැවින් දුරදිග බලා කටයුතු කරන්න. ගේ දෙර අලංකාරය වෙනුවෙන් වෙහෙසෙන බවක් පෙනේ.

රැකියාව

රැකියාවේ කටයුතුවල ඉදිරි දියුණුවක් දැකිය හැකි කාලයකි. රැකියා කටයුතු වෙනුවෙන් දුරබැහැර ප්‍රදේශයකට යෑමට සිදුවෙයි. කරගෙන යන රැකියාවට අමතර ලැබීම් හිමිකරන මාර්ග යෙදෙන බවක් පෙනේ.

අධ්‍යාපනය

ඉගෙනීමේ කටයුතු බොහෝ දුරට සාර්ථක කරන කාලයකි. උසස් අධ්‍යාපන කටයුතු හේතුවෙන් අමතර මුදල්වැයවීමක් සිදුකරයි. වෙනදාට වඩා පොතපත කියවීමට රුචිකත්වයක් දක්වයි. පැවැති දුර්වලතා කීපයක් මඟහැරී යන බවක් පෙනේ.

සෞඛ්‍යය

හතිය, පීනස, මහන්සිය වැනි පපුවේ පීඩා මතුවිය හැකි කාලයකි. වෙනදාට වඩා ජලය සම්බන්ධ කටයුතුවලින් මෙන්ම බරවැඩ කිරීමෙන්ද පරිස්සම්විය යුතු කාලයකි. හදිසි වෛද්‍ය ප්‍රතිකාර පතන සතියකි.

අය 06 වැය 04

ජය අංකය - 09

ජය වර්ණය - කොළ

සුබ දවස - බ්‍රහස්පතින්දා


කටක

උත්සාහයෙන් කටයුතු කරයි

පැවැති බලාපොරොත්තුවක් ඉටුවෙමින් පවතින සතියක් වන අතර මේ සතියේ සඳු ග්‍රහයා 5,6,7 යන භාවයන් මතින් ගමන් කරයි.

ගෘහ ජීවිතය

පවුලේ කටයුතුවලදී මූලිකත්වයක් ගැනීමට සිදුවෙයි. ඉදිරි වැඩපිළිවෙළක් වෙනස් කරන සතියකි. විදෙස් ගතවීමක් සම්බන්ධ කටයුතුවලට අඩිතාලමක් ඇති කරයි. සහෝදර පක්ෂයෙන් උදවු උපකාර හිමිකරන කාලයකි. දනට පිනට ළැදිව කටයුතු කරන බවක් පෙනේ. පැවැති කරදර බාධා කීපයක් මඟහැරී යයි. උත්සාහයෙන් කටයුතු සිදුකරන සතියකි.

රැකියාව

රැකියාවේ කටයුතු සම්බන්ධ වෙනදාට වඩා දුරදිග සිතා බලන්න. ප්‍රමාද වූ රැකියා බලාපොරොත්තුවක් ඉටුවන බවක් පෙනේ. එමෙන්ම ස්වයං රැකියා කටයුතුවල නියැළී සිටින අයට සුබදායකයි. අණ දෙන ක්ෂේත්‍රයේ, පිරිස්පාලන කටයුතු සම්බන්ධ රැකියා මාර්ගවලට හිමිකම් ඇති කරයි.

අධ්‍යාපනය

ඉගෙනීමේ කටයුතුවල දියුණුවක් දැකිය හැකිය. යමක් ධාරණය කරගැනීමේ ශක්තිය ඇති කරයි. මෙතෙක් පසුබාමින් සිටි ගණිත අංශයේ, තාක්ෂණික අංශයේ කටයුතුවල ප්‍රගතියක් දැකිය හැකි බවක් පෙනේ.

සෞඛ්‍යය

ශාරීරික වෙහෙස, මහන්සිය ඇති කරයි. රුධිරගත සීනි මට්ටම කෙරෙහි සැලකිලිමත් වන්න. පාදයේ ආබාධයක් හේතුවෙන් පීඩා ඇති කරන කාලයකි.



අය 07 වැය 06

ජය අංකය - 04

ජය වර්ණය - කහ

සුබ දවස - බදාදා


සිංහ

දුරබැහැර ගමනක්

වෙනදාට වඩා කඩිසර, එඩිතර ගතියෙන් කටයුතු සිදුකරන සතියක් වන අතර, මේ සතියේ සඳු ග්‍රහයා 4,5,6 යන භාවයන් මතින් ගමන් කරයි.

ගෘහ ජීවිතය

වගකීම් බහුල කරන කටයුතු කීපයක් යෙදෙන සතියකි. වෙහෙසකාරි කටයුතු කීපයකට සම්බන්ධවීමට සිදුවෙයි. දුරබැහැර ගමනකට කටයුතු සූදානමක් ඇති කරයි. අනාථ අසරණ අයකුට ඇප උපස්ථාන කිරීමට අවස්ථාව උදා කරයි. අලුත් ගේදොර මිලදී ගැනීමකට කටයුතු උදාකරයි.

රැකියාව

රැකියාවේ කටයුතු සම්බන්ධ අවිවේකී බවක් ඇති කරයි. නිතර කලා ක්ෂේත්‍රයේ කටයුතුවලට සම්බන්ධ රැකියා මාර්ගවල නිරතවන කාලයකි. කැපවීමෙන් උනන්දුවෙන් රැකියාවේ කටයුතුවල නිරත වෙයි.

අධ්‍යාපනය

ධාරණ ශක්තිය බලවත් වන කාලයකි. සියුම් දේවල් පවා හොඳට මතකයේ තබා ගනී. පොත්පත් ලිවීමට, කියවීමට දක්ෂතාවයක් දක්වයි. දහම් අධ්‍යාපනික කටයුතුවලින් ජයග්‍රහණ හිමිකරයි.

සෞඛ්‍යය

ශරීර සෞඛ්‍යය අතින් එතරම් යහපත් කාලයක් නොවනු ඇත. වරින්වර ඇතිවන ක්ලාන්ත ගතියක් හේතුවෙන් ප්‍රතිකාර ලබා ගනී. ලේ විෂවීමක් හෝ චර්මගත ආබාධයකින් පීඩා විඳින කාලයකි. ආහාරපාන ගැනීමේදීද සැලකිලිමත්විය යුතු කාලයකි.

අය 07 වැය 05

ජය අංකය - 04

ජය වර්ණය - කොළ

සුබ දවස - සිකුරාදා


කන්‍යා

නීති ගැටලුවකින් නිදහස්

විශේෂ සැලසුමක් වෙනුවෙන් වෙහෙසෙන සතියක් වන අතර මේ සතියේ සඳු ග්‍රහයා 3,4, 5 යන භාවයන් මතින් ගමන් කරයි.

ගෘහ ජීවිතය

තරමක් දුරට අවිවේකී බවක් ඇතිකරන සතියකි. අතමිට මුදල් ගැවසුණත් වැය පස අධිකවන බවක් පෙන්නුම් කරයි. අමනාප වූ සහෝදරයකු සමඟ මිතුරුවීමට අවස්ථාව සැලසේ. වගකීම් බහුලවන අන්දමේ කටයුතු කීපයක් යෙදීමට ඉඩ ඇත. ගේ දොර කටයුතු ක්‍රමවත් ලෙස කරගෙන යෑමට වෙහෙසක් දරන බවක් පෙනේ. නීති ගැටලුවකින් නිදහස් වන සතියකි.

රැකියාව

ශාස්ත්‍රීය කටයුතු සම්බන්ධ රැකියා මාර්ගවලට හේතු ඇතිකරයි. එමෙන්ම අලුත් ව්‍යාපාර කටයුත්තකට අතගැසීමට අවස්ථාව උදා කරයි. විසිතුරු බඩු අලෙවිය සම්බන්ධ රැකියා මාර්ගවල නිරතවන කාලයකි.

අධ්‍යාපනය

මෙතෙක් කරගෙන ආ අධ්‍යාපන කටයුතුවලට බාධාකාරි බවක් ඇතිකරයි. විශේෂ පාඨාමාලවක් හැදෑරීමට අමතර මුදලක් වැයකරන කාලයකි. නිවෙසින් බැහැරව අධ්‍යාපන කටයුතුවල නිරතවීමට සිදුවන බවක් පෙනේ.

සෞඛ්‍යය

උෂ්ණාධික රෝගයක් හේතුවෙන් පීඩාකාරි බවක් ඇති කරයි. එමෙන්ම නිතර හටගන්නා මුත්‍රගත ආබාධයකට ප්‍රතිකාර ලබා ගනී. හදිසි වැටීම්, තැලීම් වැනි සුළු සුළු අනතුරුවලට ලක්වීමට ඉඩ ඇති සතියකි.

අය 06 වැය 05

ජය අංකය - 02

ජය වර්ණය - දම්

සුබ දවස - බදාදා


තුලා

සිතේ සැහැල්ලුවක්

විනෝදකාමී කටයුතු කෙරෙහි සිත යොමුකරන කාලයක් වන අතර, මේ සතියේ සඳු ග්‍රහයා 2,3,4 යන භාවයන් මතින් ගමන් කරයි.

ගෘහ ජීවිතය

උසස් පිරිසකගේ ඇසුරට පාත්‍රවන සතියකි. වෙනදාට වඩා සිතේ සැහැල්ලුවෙන් කටයුතු සිදුකරයි. පැවැති ණය බරකින් නිදහස්වීමට කටයුතු උදා කරයි. එඩිතර ගතිපැවතුම් ඇති කරයි. දුරදිග බලා ගන්නා තීරණ කීපයක් සාර්ථක කරයි. විවාහ අපේක්ෂාවෙන් සිටින අයට සුබදායකයි. අලුත් දේ මිලදී ගැනීමට කටයුතු උදාකරයි.

රැකියාව

මෙතෙක් උදාසීන ලෙස කරගෙන ගිය රැකියා කටයුතු වෙනදාට වඩා උත්සාහකින්, උනන්දුවකින් කරගෙන යන බවක් පෙන්නුම් කරයි. රැකියාවේ වගකීමක් තමා පිට පැවැරෙන කාලයක් වන අතර හොඳින් වගකීම් ඉටුකරන බවක්ද පෙන්වයි.

අධ්‍යාපනය

උසස් අධ්‍යාපන කටයුතුවලට යහපත්ය. හොඳින් මතක තබාගැනීමේ ශක්තිය ඇති කරයි. අලුත් දේ ඉගෙනීමට කටයුතු උදා කරයි. එමෙන්ම උසස් අධ්‍යාපන කටයුතු වෙනුවෙන් පදිංචියෙන් පිට වාසයට හේතු යෙදේ.

සෞඛ්‍යය

ශරීර සෞඛ්‍යය බාධා ඇතිකරයි. උගුරේ ආබාධයක් හේතුවෙන් පීඩා අත්කරන බවක් පෙනේ. වෙනදාට වඩා ආහාරපාන ගැන සැලකිලිමත්වන්න. අතේ පයේ ඇතිවන හිරිගතියක් හේතුවෙන්ද පීඩා අත්කරයි.

අය 07 වැය 05

ජය අංකය - 04

ජය වර්ණය - දම්

සුබ දවස - සිකුරාදා


වෘශ්චික

තනතුරු හෝ ස්ථාන වෙනසක්

හදිසි තීරණ තමාට අවාසිදායක තත්ත්වයක් ඇතිකරන සතියක් වන අතර, මේ සතියේ සඳු ග්‍රහයා 1, 2 , 3 යන භාවයන් මතින් ගමන් කරයි.

ගෘහ ජීවිතය

මෙතෙක් ඇතිව තිබූ මතගැටුමක් සමතයකට පත්කරයි. සහෝදරාදීන්ට ළැදිව කටයුතු සිදුකරයි. පවුලේ අය අතර කැපී පෙනෙන අන්දමේ කටයුතු කීපයක් සිදුවීමට ඉඩ ඇත. වෙහෙස ඇති ගමනකට කටයුතු සූදානමක් ඇති කරයි. නැති වූ දෙයක් නැවත හිමිකරන කාලයකි.

රැකියාව

රැකියාවේ කටයුතු සම්බන්ධ වගකීම් වැඩිකරයි. තනතුරු වෙනසක් හෝ ස්ථාන වෙනසක් සිදුවීමට ඉඩ ඇත. අලුත් වෙළෙද ව්‍යාපාරයක් ඇරඹීමට සූදානමක් ඇති කරයි. අවිවේකී වුවත් රැකියාවේ කටයුතු නිසි ආකාරයෙන් කරගෙන යන බවක් පෙනේ.

අධ්‍යාපනය

තරඟකාරි කටයුතු කීපයකට සම්බන්ධවීමට සිදුවන සතියකි. මෙතෙක් උදාසීන ලෙස කරගෙන ගිය අධ්‍යාපන කටයුතු උනන්දුවකින් කරගෙන යන බවක් පෙනේ. ගණිත අංශයෙන් කටයුතුවලින් විශේෂ නිපුණතා දක්වයි.

සෞඛ්‍යය

උදරගත ආබාධයක් හේතුවෙන් පීඩාගෙන දෙන සතියකි. වරින්වර හදිසි වෛද්‍ය ප්‍රතිකාර පැතීමටද සිදුවෙයි. අධි රුධිර පීඩන තත්ත්වය කෙරෙහිද සැලකිලිමත්වන්න.

අය 07 වැය 08

ජය අංකය - 02

ජය වර්ණය - කොළ

සුබ දවස - සිකුරාදා


ධනු

ව්‍යාපාරවලින් වාසි

වෙනදාට වඩා උනන්දුවකින් කටයුතු සිදුකරන සතියක් වන අතර මේ සතියේ සඳු ග්‍රහයා 12,1, 2 යන භාවයන් මතින් ගමන් කරයි.

ගෘහ ජීවිතය

විශේෂ කෙනකුගේ හමුවීමක් සිදුකරයි. වෙනදාට වඩා උත්සාහවන්ත කටයුතු සිදුකරයි. අමතර ලැබීම් සහිත කාලයකි. අතරමඟ නවතා දමා තිබූ කටයුතු කීපයක් නැවත ආරම්භයට සැලසුමක් ඇති කරයි. සතිය මැද කාලයේදී අලුත් ඥාතිමිත්‍රාදීන් දැන හඳුනා ගැනීමට අවස්ථාව උදාකරයි.

රැකියාව

රැකියාවේ කටයුතු අතින් දියුණුවක් දැකිය හැකි කාලයකි. මෙතෙක් ප්‍රමාදවෙමින් පැවැති රැකියා ස්ථිරවීමක් සම්බන්ධ බලාපොරොත්තුවක් ඉටුකරයි. වගකීමකින් රැකියාවේ කටයුතු කරගෙන යන බවක් පෙනේ. ව්‍යාපාර කටයුතුවලින්ද වාසිදායක තත්ත්වයක් ඇති කරයි.

අධ්‍යාපනය

ඥාන ශක්තිය වැඩි දියුණු කරයි. උසස් දැනුමකින් යුක්ත කාලයකි. අමතර පාඨාමාලාවක් හැදෑරීමට වෙහෙසෙන කාලයකි. විදෙස් අධ්‍යාපනයකට සැලසුමක් ඇතිකර ගන්නා බවක් පෙනේ.

සෞඛ්‍යය

ශාරීරික වෙහෙස, මහන්සිය ඇති කරන සතියකි. චර්මගත ආබාධයකින් පීඩා විඳින බවක් පෙනේ. එමෙන්ම පීනස වැනි සෙම් රෝග හිසට පපුවට බලපාන්න ඉඩ තිබේ. ජලයෙන් මෙන්ම ශීතල ආහාරපාන ගැනීමේදී පරිස්සම් වන්න.

අය 06 වැය 04

ජය අංකය - 02

ජය වර්ණය - තැඹිලි

සුබ දවස - සිකුරාදා



කුම්භ

ගැටලු නිරවුල්

විශේෂ කෙනකුගේ හමුවීමක් සිදුවීමට ඉඩ ඇති සතියක් වන අතර මේ සතියේ සඳු ග්‍රහයා ගමන් කරන්නේ 10,11, 12 යන භාවස්ථානවලය.

ගෘහ ජීවිතය

අමතර ලැබීම් හිමිකරන මාර්ග කීපයක් යෙදේ. වෙනදාට වඩා යනඑන ගමන් ගැන සැලකිලිමත්වන්න. ආර්ථික අතින් දියුණුවක් දැකිය හැකි කාලයකි. විවාහකයන්ට සුබදායකයි. පැවැති ගැටලු කීපයක් නිරවුල් කර ගැනීමට හැකිවෙයි. සමාජසේවා කටයුතුවලට යොමුවන කාලයක් වන අතර, නිලතල දැරීමටද අවස්ථාව උදාකරයි.

රැකියාව

රැකියාවේ කටයුතු සම්බන්ධ විවිධ ගැටලු මතුවිය හැකි කාලයකි. ප්‍රධානීන් සමඟ ඇතිවන මතභේදයක් හේතුවෙන් සිත්තැවුල් ඇතිකරයි. එහෙත් ව්‍යාපාර කටයුතුවල නියැළී සිටින අයට වෙනදාට වඩා අතමිට සරුකරන බවක් පෙනේ.

අධ්‍යාපනය

මෙතෙක් උදාසීන ලෙස සිදුවූ අධ්‍යාපන කටයුතු යළි ප්‍රබෝධයකින් කරගෙන යන බවක් පෙන්නුම් කරයි. සෞන්දර්යාත්මක කටයුතුවලට විශේෂ දක්ෂතාවයක් දක්වයි.

සෞඛ්‍යය

සෙම් රෝග, පපුව, පෙනහැල්ල ආශ්‍රිත හට ගන්නා ආබාධ හේතුවෙන් පීඩා ගෙන දෙන බවක් පෙනේ. පරම්පරාගත රෝගයක් ඉස්මතුවිය හැකි කාලයකි. ආහාරපාන ගැනීමේදී සැලකිලිමත්වන්න.

අය 07 වැය 06

ජය අංකය - 03

ජය වර්ණය - කහ

සුබ දවස - සඳුදා



මීන

යන එන තැන කැපී පෙනේ

උත්සාහයෙන් කටයුතු සිදුකරන සතියක් වන අතර, මේ සතියේ සඳු ග්‍රහයා 9,10, 11 යන භාවයන් මතින් ගමන් කරයි.

ගෘහ ජීවිතය

යන එන තැන කැපී පෙනෙන අන්දමේ කටයුතු කීපයක් සිදුකරයි. මෙතෙක් පැවැති වගකීමකින් නිදහස උදාකරයි. තමාගෙන් ලාභ ප්‍රයෝජන පතා දුර ඥාතීයකුගේ පැමිණීමක් සිදුවීමට ඉඩ ඇත. මෙතෙක් පැවැති දේපළ ගැටලුවක් නිරවුල් කර ගැනීමට කටයුතු උදාකරයි. පොරොන්දු ගිවිසුමක් සාර්ථක කරන සතියකි.

රැකියාව

රැකියාවේ කටයුතු සම්බන්ධ සුබදායක පුවතක් අසන්න ලැබේ. රැකියා ස්ථිරවීමක් පිළිබඳ බලාපොරොත්තුවක් ඉටුවන ලකුණු පෙන්නුම් කරයි. ස්වයංරැකියා කටයුතුවල නියැළී සිටින අයට සුබදායක සතියකි. අමතර ලැබීම් හිමිවන රැකියාමාර්ගවලට හේතු යෙදේ.

අධ්‍යාපනය

උසස් අධ්‍යාපන කටයුතු සම්බන්ධ අවිවේකී බවක් ඇති කරයි. අධ්‍යාපන කටයුතු වෙනුවෙන් දුර පළාතකට යාමට සිදුවන කාලයකි. දහම් අධ්‍යාපනික කටයුතු සම්බන්ධ වැඩි නැඹුරුතාවයක් දක්වයි.

සෞඛ්‍ය

හිස, පපුව ආශ්‍රිත ඇතිවන ආබාධ තත්ත්වයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවෙයි. හදිසි වැටීම් තැලීම්වලට ඉඩ ඇති කාලයක් බැවින් එදිනෙදා කටයුතුවලදී පරිස්සම් වන්න.

අය 06 වැය 05

ජය අංකය - 03

ජය වර්ණය - ළා කොළ

සුබ දවස - බ්‍රහස්පතින්දා
...සුබසෙත පුවත්පත ඇසුරෙන්...
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post




Master Sir
Master Sir
Wathsunu
Paata KUrullo
Ralla Weralata Adarei
Ahas
Bambarek Awith
akurata yana welawe
Sihina Genena Kumari
Raja Gedara
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top