Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Jan
25
බර්මියුඩා ත්‍රිකෝණයේ අභිරහස හෙළිවෙයි?

- බර්මියුඩා ත්‍රිකෝණයේ අභිරහස හෙළිවෙයි?Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

16 Views
බර්මියුඩා ත්‍රිකෝණය ගැන අපි හැමෝම අහලා තිබෙනවා... ඒ අබිරහස ඇත්තටම මොකද්ද? අද කතා කරන්න හදන්නේ ඒ ගැනයි...

බර්මියුඩා ත්‍රිකෝණය, එහෙමත් නැත්නම් යක්‍ෂයාගේ ත්‍රිකෝණය යනු නිසි ආකාරව සීමා මායිම් සලකුණු පිළිබඳ අර්ථ දක්වා නොමැති උතුරු අත්ලාන්තික් සාගරයේ ඉතාම අභිරහස් කලාපයක් ලෙස මෙතෙක් කාලයක් පැවති ප්‍රදේශයක්. මෙහි එක් මතයකට අනුව ත්‍රිකෝණ ප්‍රදේශයේ මායිම් ලෙස ඇමරිකාවේ ෆ්ලොරීඩාව, පියුටෝ රිකෝ සහ බර්මියුඩා දිවයින සඳහන් වෙනවා. මේ බර්මියුඩා ත්‍රිකෝණයේ නම් ඊට පිවිසෙන ගුවන් යානා සහ නැව් අභිරහස් ලෙස අතුරුදහන් වෙනවා මෙන් ම ඉන්පසු බොහෝ ඒවායේ කිසිදු සාක්‍ෂියක් හෝ දකින්නට නොලැබෙන බවයි සඳහන් වෙන්නේ.

අතීත කථා

මේ කලාපය පිළිබඳ ලෝකයේ ම අවධානය යොමු වුණේ 1950 වර්ෂයේදී එඩ්වඩ් ජෝන්ස් නම් මාධ්‍යවේදියා විසින් මෙසේ අතුරුදහන්වීම් සිදුවූ විවිධ අවස්ථා පදනම් කරගනිමින් ඇසෝසියේටඩ් ප්‍රෙස් වෙත ලියන ලද ලිපියකින් පසුවයි. එහිදී ඔහු වාර්තා කර සිටියේ ඇමරිකානු නාවික හමුදාවේ ටෝපිඩෝ බෝම්බ පහක් 1945 වර්ෂයේ දෙසැම්බර් 5 දින අතුරුදන් වූ බවත් ඉන් පසු “ස්ටාර් ටයිගර්” සහ “ස්ටාර් ඒරියල්” යන වානිජ ගුවන් යානා 1948 සහ 1949 යන වර්ෂ වලදී නැතිවූ බවත් මේ සියල්ලේදී ම පුද්ගලයන් 135ක් පමණ ආගිය අතක් නැති බවයි. ඔහුගේම වචන වලින්: “මෙම කලාපය ඔවුන් සියල්ලෝ ම කිසිදු හෝඩුවාවක් නොතබා ගිලගෙන තිබෙනවා.”

“මෙම කලාපය ඔවුන් සියල්ලෝ ම කිසිදු හෝඩුවාවක් නොතබා ගිලගෙන තිබෙනවා.”

1955 දී එම්. කේ. ජෙසප් අතින් ලියැවුණු The Case for the UFO ග්‍රන්ථයේදී මෙම කලාපයේ සිදුවන දේවල් වලට වගකිව යුත්තේ පිටසක්වල ජීවීන්ම යැයි කියමින් ඔවුන් වෙත ඇඟිල්ල දිගු කෙරුණා. ඉන්පසු 1964 දී, වින්සන්ට් ගාඩිස් විසින් “බර්මියුඩා ත්‍රිකෝණය” යන වචනය හඳුන්වාදුන් අතර ඔහු ලියූ ලිපියක දැක්වෙන්නේ ජීවිත දහසකට වැඩි ප්‍රමාණයක් මහ සයුර බිලිගෙන ඇති අතර ඒවා කිසියම් රටාවකට සිදුවූ දේවල් බවයි. අනතුරුව මෙය වඩාත් කතාබහට ලක්වීමට චාල්ස් බර්ලිට්ස් විසින් රචිත ‘බර්මියුඩා ත්‍රිකෝණය’ නම් කෘතිය වඩාත් පාදක වූ අතර එය ඉතා ඉහළ අලෙවියක් සනිටුහන් කළ පොතක් බවටද පත් වුණා.

මේ කාලයේදී බර්මියුඩා ත්‍රිකෝණයේ අධි චුම්බක ක්‍ෂේත්‍රයක් තිබිය හැකි අතර එමඟින් ගුවන් යානා සහ නැව්වල රේඩාර් පද්ධතිවලට බාධා සිදුකරමින් එම කලාපය පසුකර යන්නන් මුහුදේ ඇති සුළියක් මඟින් ගිල්වා ගනු ලබන බව වැනි නානාප්‍රකාර මතිමතාන්තර පළ වුණා. එයට එම කලාපයේදී මාලිමාවේ චුම්භක උතුර වෙනුවට සත්‍ය උතුර පෙන්වන බවට කියැවුණු මතයන්ද පදනම්ව තිබුණා. කොහොමනමුත්, ලැරී කූෂ් රචනා කළ “බර්මියුඩා ත්‍රිකෝණයේ අභිරහස විසඳුවා” නමින් 1975 දී නිකුත් කළ ග්‍රන්ථයේ සඳහන් වූයේ මේ පිළිබඳව සඳහන් වන සියළුම තොරතුරු සහ නානාප්‍රකාර හානිවීම්යැයි සඳහන් කරන ඉලක්කම්වල කිසිදු පදනමක් නැති බවත් ඒ පිළිබඳ නිසි ආකාර පර්යේෂණ සිදු කොට නැති අතර “අභිරහස්” ලෙස ඔවුන් හඳුන්වන ඇතැම් දේවල් කිසිවක් සැබැවින් එහි සිදුවී ඇති ඒවාවත් නොවන බව යි. බර්ලිට්ස් වැනි රචකයන්ට සහ බර්මියුඩා ත්‍රිකෝණ සංකල්පය හෝ මිථ්‍යාව වැළඳගෙන සිටි අයටද මෙම තර්කයන් බිඳ ගැනීමට නොහැකි වූ අතර එකල බොහෝ මාධ්‍යයද හුරුව සිටියේ ඒ ආසන්නයේ සිදුවන සාමාන්‍ය සුළි කුණාටු නිසා හානියට පත්වන ජීවිත හානි ද බර්මියුඩා අභිරහසෙහි ගිණුමට බැර කිරීමටයි. එසේ ම බොහෝ ප්‍රබන්ධ හා චිත්‍රපට නිශ්පාදකයන් ද මේ අගනා අවස්ථාව මඟහැර ගත්තේ නැහැ.

අභිරහස විසඳීම

එහෙත් මෑතදී නාසා ආයතනය විසින් ගත් චන්ද්‍රිකා ඡායාරූප අධ්‍යයනය කරමින් කළ නවතම පර්යේෂණවලින් හෙළිවී ඇත්තේ ෆ්ලොරීඩා වෙරළින් කිලෝමීටර 240ක් පමණ ඔබ්බෙහි බහාමාස් දූපත් ආසන්නයේ කිලෝමීටර් 32 සිට 88 තරම් ප්‍රමාණයේ අසාමාන්‍ය ෂඩාස්‍රාකාර වළාකුළු තිබෙන බවයි. සාමාන්‍යයෙන් අපි නිතර දකින වළාකුළු අහඹු වශයෙන් ව්‍යාප්තව තිබුණත් මෙහි දකින්නට ලැබුණු වළාකුළුවල ඍජු දාරයන් තිබීම සැබැවින් අසාමාන්‍ය අවස්ථාවක්. එහෙත් එය දුර්ලබ අවස්ථාවක් නොවන්නේ, මීට සමාන ආකාරයේම වළාකුළු එක්සත් රාජධානියේ උතුරු මුහුද ඔබ්බෙහි ද තිබෙන නිසා යි. එම ප්‍රදේශයේ සුළඟේ වේගය පැයට කිලෝමීටර් 160ක් පමණ වන අතර එය මීටර් 14ක් පමණ උසින් යුත් රළ පහරක් ඇති කරන්නට තරම් ඊට ශක්තිය තිබෙනවා.

වැදගත් ම ප්‍රවෘත්තිය නම්, ඇරිසෝනා විශ්ව විද්‍යාලයේ රැන්ඩි සර්වනි විසින් පවසන පරිදි මෙම ආකාරයේ සමුදුර ඉහළින් තිබෙන ෂඩාස්‍රාකාර වළාකුළුවල වායු බෝම්බ ඇති කිරීමේ හැකියාව පවතින බව යි.

“මයික්‍රෝ පිපිරුම්කාරක ලෙස හඳුන්වන දේවල් එක්වීමෙන් ඇතිවන මෙම වායු බෝම්බ වළාකුළෙහි පහත ම පෘෂ්ඨයෙන් පැමිණ සයුරෙහි පතිත වන අතර ඇතැම්විට ඒවා ඉතා විශාල ප්‍රමාණවලින් ඇති වෙමින් එකිනෙක සමඟ ප්‍රතික්‍රියා කිරීමට ද උත්සාහ දරනවා.”යි ඔහු වැඩිදුරටත් පවසනවා.

ඉතින් මේ අනුව පැහැදිලි වන්නේ මෙම බර්මියුඩා ත්‍රිකෝණය යන බරපතල කථාවට වෙනුවට කාලගුණය සම්බන්ධ නව සංසිද්ධියක් ලොවට දායාදවී ඇති බවයි. වැසි වැස්සොත් ගඟ ගලයි වගේ වැසි ඇදහැලීම දෙවියන් විසින් සිදුකරන එකකැයි දෙවියන් යදිමින් සිට, අනතුරුව වැසි ඇදහැලෙන්නේ ජලවාශ්ප එකතු වීමෙන් සෑදෙන වළාකුළු වලින්ය යන කාරණාව හඳුනාගැනීම වගේ දෙයක් තමයි මෙහිදී සිදුව තිබෙන්නේ.

අන්තර්ජාලයෙන්... 
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins









Recent Gossip Post




Master Sir
Master Sir
Wathsunu
Paata KUrullo
Ralla Weralata Adarei
Ahas
Bambarek Awith
akurata yana welawe
Sihina Genena Kumari
Raja Gedara
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top