ඔහු ගැන අදටත් බොහෝ දෙනෙක් කතා කරන්නේ ගොඩක් ආදරයෙන්.. ඒ ශ්‍රී ලංකා කණ්ඩායමට ඔහු කළ ඒ සේවාව ඒකට එක හේතුවක්..
ක්‍රිකට් පිටියේ නීති සම්පාදකයින් වන එංගලන්තයේ මාර්ලිබෝන් ක්‍රීඩා සමාජයේ ලෝක ක්‍රිකට් උපදේශක කමිටුවේ සභාපති ධුරයට ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක මෙන්ම මාර්ලිබෝන් ක්‍රීඩා සමාජයේ හිටපු සභාපතිවරයකු ද වන කුමාර් සංගක්කාර පත් කර තිබෙනවා..
සංගක්කාරගේ සභාපතිත්වයෙන් යුත් MCC ලෝක ක්‍රිකට් උපදේශක කමිටුව සඳහා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ වත්මන් සභාපති ජේ ෂා ද ඇතුළත් වී සිටිම කැපී පෙනෙනවා..
එමෙන්ම මෙම කමිටුවට හිටපු ක්‍රිකට් ක්‍රීඩකයින් වන ග්‍රැහැම් ස්මිත්,සෞරව් ගංගුලි,ඇන්ඩෲ ස්ට්‍රව්ස් සහ එංගලන්ත ක්‍රිකට් නායිකා හෙදර් නයිට් ද ඇතුළත්..
මෙවර ලෝක ශූරතා ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට පෙර ලබන ජුනි මස 7 සහ 8 දිනයන්හිදී එංගලන්තයේ ලෝඩ්ස් ක්‍රීඩාංගණයේදී ලෝක ක්‍රිකට් උපදේශක කමිටුවේ රැස්වීම පැවැත්වීමට නියමිතයි..