මේ කියන්න යන්නේ තවත් එක් මාරක අනතුරක් ගැන ඇසෙන අනුවේදනීය කතාවක්..
උතුරු පයාගල ප්‍රදේශයේ ඊයේ සිදු වූ මාරක අනතුරකින් ත්‍රීරෝද රථ රියදුරෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලිසිය පවසනවා..
ත්‍රීරෝද රථයක් සහ මෝටර් රථයක් එකිනෙක ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබෙනවා..
ත්‍රිරෝද රථය මෝටර් රථයක් හා ගැටී පෙරලීමෙන් එහි රියදුරු පිටිපසින් පැමිණි වෙනත් මෝටර් රථයකට යට වී තිබෙන බවයි වාර්තා වන්නේ..
අනතුරෙන් මියගොස් ඇත්තේ පයාගල - අංගංගොඩ ප්‍රදේශයේ පදිංචි 25 හැවිරිදි තරුණයෙක්..
තුවාල ලැබූ ත්‍රිරෝද රථ රියදුරු කළුතර ශික්ෂණ රෝහලට රැගෙන ගොස් ඇති අතර රෝහල්ගත කිරීමෙන් පසුව මියගොස් තිබෙනවා..
මියගිය පුද්ගලයා සිය දරුවාට බෙහෙත් ගැනීමට යමින් සිටියදියි අනතුරට පත්ව තිබෙන බවයි පැවසෙන්නේ..
මෝටර් රථ දෙකේ සැකකාර රියදුරන් දෙදෙනා අත්අඩංගුවට ගෙන තිබෙනවා..