Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Jan
23
COPD රෝගය ගැන ඔබත් දැනුවත්වෙන්න.. නොදැනුවත්කම නිසා ව්‍යාප්ත වෙන රෝගයක් ගැන විශේෂ දැනුම්දීමක්..

- COPD රෝගය ගැන ඔබත් දැනුවත්වෙන්න.. නොදැනුවත්කම නිසා ව්‍යාප්ත වෙන රෝගයක් ගැන විශේෂ දැනුම්දීමක්..Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

11 Views
පැතිරී යන සමහර රෝග ආදිය ගැන ඔබ ඒ තරම් දැනුවත් නැතුව ඇති..

ඒත් අපි ඒ වගේ නොසලකාහරින රෝග නිසා සමහරවිට හිතනවාට වඩා කරදර සිද්ධ වෙන්නත් පුළුවන්..

මේ කියන්න යන්නේ අන්න ඒ වගේ තවත් එක රෝගයක් ගැන ඇසෙන කතාවක්..

මෙරට වයස අවුරුදු 40ට වැඩි පුද්ගලයින්ගෙන් සියයට 10කට COPD හෙවත් නිදන්ගත පුප්පුෂීය අවහිරතා රෝගය පවතින බව ශ්වසන රෝග සම්බන්ධ විශේෂඥ වෛද්‍ය සමන්මලී දල්පදාතු පවසනවා.

2017 වසරේ දී සිදුකළ සමීක්ෂණයකින් මේ පිළිබඳ අනාවරණය වී ඇති බවටයි විශේෂඥ වෛද්‍යවරිය සඳහන් පැවසුවේ.

සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ ඊයේ (22) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනුයි විශේෂඥ වෛද්‍ය සමන්මලී දල්පතාදු මේ බව පැවසුවේ.

නොදැනුවත්කම නිසා මුල් අවධියේදී මෙම රෝගී තත්ත්වය සොයා නොගන්නා බවත්, 40ත් 50ත් කාලයේදී වැඩි වශයෙන් මෙම රෝගය සඳහා ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණෙන බවත්, විශේෂඥ වෛද්‍යවරිය සඳහන් කරනවා.

එහිදී ඇය මෙසේද පැවසුවා,

"ලෝකයේ මරණ අතරින් 7 වෙනි ස්ථානයේ තියෙනවා මේ රෝගය. නමුත් මම හිතනවා ඔබ මෙය පළමු වතාවට අහනවා හරි අහල නැතුව ඇති. මෙච්චර අමාරු ලෙඩක් අපි අතර තියෙනවා නම් අයි අපි දන්නේ නැත්තේ. මේකේ ප්‍රධානම බාධාව තමයි ලේසියෙන් කියන්න පුළුවන් නමක් නැති එක.

ඔබට ඇදුම රෝගය තියෙනවා ඔබ බෙහෙත් ගන්නේ නෑ. හැබැයි අවුරුදු 20ක් 30ක් යනකොට ඔබ COPD රෝගියෙක් විදියට මට එනවා. සිගරට් දුම පාවිච්චි කරනවා. ඔබ දන්නේ නෑ ඔබගේ පෙනහළුවලට කාලයක් පුරා ඩැමේජ් වෙනවා කියලා. ඔබ අවුරුදු 40 - 45 වගේ වෙද්දි ඔබ වෛද්‍යවරු සොයාගෙන යනවා. එතකොට තමා දැනෙන්න ගන්නේ මට හුස්ම ගන්න අමාරුයි කියලා. මේක හැමවෙලාවෙම දැනෙන්නේ නෑ. කන්දක් නගිද්දී පඩියක් නගිද්දී තමා දැනෙන්නේ. මේක කාටවත් කිව්වත් තේරෙන්නේ නෑ. මොකද වෙන රෝග ලක්ෂණ නෑ. ඒ නිසා මට මේක ලෙඩක් කියලා හිතෙන්නේ නෑ. හෙම්බිරිසවක්, කැස්සක් ආවම වෙන අයට වඩා අමාරුයි කියලා තේරෙනවා. ඒ කියන්නේ ඔබ COPD රෝගියෙක්. එතකොට ඉතා ඉක්මනින් පරීක්ෂණවලට යන්න පුළුවන්.

මේ රෝගය අපි අතර මුල් අවස්ථාවේ දී සැඟවිලා තියෙන්නේ. 2017 කරපු පරීක්ෂණ වලින් ලංකාවේ වයස 40ට වැඩි 10%කට මේක තියෙනවා. මේක අපි අතර තියෙනවා. අපි මේක හොයන්නේ 40 - 50 ගියාම. පෙනහළු දුර්වල වුණාම තමයි අපි මේක හොයාගන්නේ. මුල් අවස්ථාවේ දී මේක අපි හොයාගන්නේ නැත්තේ මේක ගැන අවබෝධයක් නැති නිසා. දැනුවත්ව හෝ නොදැනුවත්ව සමාජයේ මේ රෝගයට ගොදුරු වූ බොහෝ පිරිසක් ඉන්නවා.

රැකියාව නිසා මෙම රෝගය වැළඳීමට ඉඩ තියෙනවා. වඩු කර්මාන්තයේ යෙදෙන අය, ඉදිකිරීම් ක්ෂේත්‍රයේ යෙදෙන අය මාස්ක් එකක් දන්නේ නැතුව වැඩ කරනවා. ඒ අයට 40 - 42 වෙනකොට පොඩ්ඩක්වත් ඇවිදගන්න බෑ, දැන් මට හති කියනවා. අන්න ඒ තත්ත්වයට ඇවිල්ලා අපෙන් ප්‍රතිකාර ලබන්න එනවා. එතකොටත් ඒ අයට හිතාගන්න බෑ මෙච්චර ඉක්මනට හැදුනේ කොහොමද කියලා. අපිට මේක වළක්වා ගන්න පුළුවන් අනවශ්‍ය වායු දූෂණවලට ගොදුරු නොවීම සහ මාස්ක් එකක් පැළඳීම මගින්.''
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post




Master Sir
Master Sir
Wathsunu
Paata KUrullo
Ralla Weralata Adarei
Ahas
Bambarek Awith
akurata yana welawe
Sihina Genena Kumari
Raja Gedara
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top