මේ කියන්න යන්නේ ලෝකයේ බොහෝ තැන්වල කතාබහ වෙන දෙයක් ගැන ඇසෙන තවත් එක් කතාවක්..
සමලිංගික විවාහ, අද වෙනකොට ඒ ගැන සමාජය තුළ නිර්මාණය වන කතිකාවත් වෙනස් වෙනවා.. මේ කියන්නේ අන්න ඒ වගේ තවත් එක් කතාවක්..
දකුණු ආසියානු රටක් ලෙස තායිලන්තය අද (23) සිට සමලිංගික විවාහ නීතිය පිළිගෙන තිබෙනවා..
මෙම නව නීතිය පසුගිය වසරේ සම්මත කර ඇති අතර එම විවාහ නීතිය අද සිට ක්‍රියාත්මක වීමට නියමිතයි..
මෙම නීතිය යටතේ සමාලිංගික යුවළන්ට නීතිමය, මූල්‍යමය, හා වෛද්‍ය අයිතීන් ලබාදෙන අතර වත්කම් කළමනාකරණය කිරීම සහ උරුම කරගැනීමටත්, දරුවන් හදා ගැනීමටත් සමාන අයිතිවාසිකම් හිමිවන බවයි වාර්තා වන්නේ..
ඒ අනුව සමලිංගික විවාහක යුවල 180 දෙනෙකු අද විවාහ ගිවිස ගැනීමට නියමිත බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ..