නව රජයේ අමාත්‍යවරුන්ගේ කාර්යයන් සහ ප්‍රතිපත්ති සම්පාදන ක්‍රියාවලිය ශක්තිමත් කිරීම සඳහා පහසුකම් සැලසීම වෙනුවෙන් වන උපදෙස් මාලාවක් නිකුත්කර තිබෙනවා.
ජනාධිපති ලේකම් ආචාර්ය එන්.එස්. කුමානායකගේ අත්සනින් යුතු මෙය සියලුම අමාත්‍යංශ ලේකම්වරුන් වෙත යොමුකොට ඇතැයි සඳහන්.
මේ අනූව අමාත්‍යංශ සඳහා උපදේශකවරු පත්කර ගැනීම, ස්වේච්ඡා උපදේශකවරුන් පත්කර ගැනීම, සෑම අමාත්‍යවරයකුටම ස්වකීය අමාත්‍යංශයේ කාර්යය හා කර්තව්‍යයන් සම්බන්ධයෙන් ප්‍රතිපත්තිමය තීරණ ගැනීමට සහය වීම පිණිස උපදේශකවරයෙක් හෝ කණ්ඩායමක් පත් කර ගත හැකියි.
එම පිරිස සඳහා පහසුකම් සැලසීමට අදාල උපදෙස් පරිදි ක්‍රියා කළයුතු අතර උපදේශකවරුන් ලෙස පත් වන පිරිස අදාළ අමාත්‍යංශයේ විෂයය පථය සම්බන්ධයෙන් ප්‍රාමාණික උගතුන්, පර්යේෂකයන්, වෘත්තීයවේදීන්, පුරවැසි සංවිධාන නියෝජිතයින් හෝ මහජන නියෝජිතයින් විය යුතු බව සඳහන්.
උපදේශක මණ්ඩලය සඳහා පත් කිරීමේ බලය විෂය භාර අමාත්‍යවරයා සතු වන අතර එම පත් කිරීම් සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩල සටහනක් මඟින් අමාත්‍ය මණ්ඩලය දැනුවත් කළ යුතුයි.
ඒ අනූව අමාත්‍යවරුන්ගේ සහ නියෝජ්‍ය අමාත්‍යවරුන්ගේ සහාය කාර්යය මණ්ඩලයක් පත් කර ගත යුතු බව දැක්වෙනවා.
ඒ සඳහා උපරිම සංඛ්‍යාව නො ඉක්ම විය යුතු බවත්, අදාල තනතුරු නාමය හා තනතුරු සංඛ්‍යාවද දක්වා තිබෙනවා.
මේ අතරට පෞද්ගලික ලේකම්, සම්බන්ධීකරණ ලේකම්, මාධ්‍ය ලේකම්, මහජන සම්බන්ධතා නිලධාරී, පුද්ගලික සහකාර, කළමනාකරණ සහකාර, කාර්යාල කාර්ය සහායක, වශයෙන් එකතුව 15ක් ලෙසයි දැක්වෙන්නේ.
මේ අතර වාහන, ඉන්ධන, දුරකතන ඇතුලු දීමනා සම්බන්ධයෙන්ද එහි සඳහන්.
මෙම සීමාවන්ට යටත්ව අමාත්‍යවරුන්ගේ සහ නියෝජ්‍ය අමාත්‍යවරුන්ගේ කාර්යාල, අමාත්‍යංශ උපදේශක මණ්ඩල, සහ අමාත්‍යවරුන්ගේ සහ නියෝජ්‍ය අමාත්‍යවරුන්ගේ සහය කාර්ය මණ්ඩල කඩිනමින් ස්ථාපිත කොට රජයේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමට සහයෝගය අපේක්ෂා කරන බවයි ජනාධිපති ලේකම් ආචාර්ය එන්.එස්. කුමානායක දන්වා තිබෙන්නේ.