හැටන් නගරයේ පිහිටි ආපන ශාලාවකින් පුද්ගලයෙකු විසින් ඊයේ (21) දහවල් ආහාරයට ගත් බත් පිගානේ මියගිය කැරපොත්තෙක් සිට තිබෙනවා.
දිවා ආහාරය ලබාගනිමින් සිටියදී පිගානේ මියගිය කැරපොත්තෙකු සිටිම සම්බන්ධයෙන් ආපනශාලාවේ සේවකයන්ට දැනුම් දුන් නමුත් ඒ සම්බන්ධයෙන් කිසිදු තැකීමක් නොකළ නිසා පාරිභෝගිකයා විසින් පොලිස් හදිසි ඇමතුම් ඒකකය වෙත දැනුම් දීමෙන් පසු හැටන් පොලිසියේ නිලධාරින් විසින් එම ආපනශාලාව වෙත ගොස් විමර්ෂණයක් සිදු කර ඒ සම්බන්ධයෙන් හැටන් දික්ඔය නගර සභාවේ මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා වෙත දැනුම් දී තිබුණා.
ඒ අනුව එම ආපනශාලාව අපිරිසිදුව පවත්වාගෙන යාම ඇතුළු චෝදනා හතරක් යටතේ එහි හිමිකරුට හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ නෛතික පියවර ගැනීමට කටයුතු කර තිබෙන බව හැටන් දික්ඔය නගර සභාවේ මහජන සෞඛ්‍ය පරික්ෂක සෞන්දර් රාගවන් පැවසුවා.
හැටන් නගරයේ මෙවැනිම ආකාරයෙන් අපිරිසිදු අයුරින් ආපනශාලා පවත්වාගෙන ගිය ආපනශාලා හිමියන් රැසකට එරෙහිව මේ වන විට නෛතික පියවර ගෙන ඇති බවයි මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා පැවසුවේ.