මේක හරි අමුතු ආදර කතාවක්.. ඔහු කැමැත්තෙන් හෝ අකමැත්තෙන් අවසානයේදී ඇයව බිරිඳ කරගෙන.. මේ අන්න ඒ ගැන ඇසෙන කතාවයි..
ඔවුන් දෙදෙනාගේ සබඳතාව පටන් ගන්නේ ඔහු පාසලේ උසස් පෙළ හදාරන කාලයේ සිටමයි.. පාසල් හාදකම් දුරදිග ගියාට ඒ හැම එකක්ම කසාදයකින් නතර වෙන්නේ නැහැ නේ.. ඒ නිසා අමාවීගේ අම්මලා තාත්තලා ඒකට ඒ තරම් කලබල වුණේ නැහැ..
ඔහොම කාලයක් ගත වෙද්දී ඇයත් පාසල් අධ්‍යාපනය අවසන් කරලා රැකියාවකට යනවා.. දැන් ඔහුගේ වයස අවුරුදු 26ක් වන අතර ඇයගේ වයස අවුරුදු 24ක්.. තවමත් ඒ හාදකම එදා වගේමයි.. පාසල් අධ්‍යාපනයෙන් පසු ඔහු සූපවේදියකු ලෙස රැකියාවක් කරන්නට වූ අතර ඇයද කාන්තා ආභරණ වෙළෙඳ සලක් පවත්වාගෙන ගියා..
එහෙත් තවමත් දෙදෙනාගේ ප්‍රේමයට ඇයගේ නිවසින් එල්ල වූයේ දැඩි විරෝධයක්. මව්පියන් සූදානම් වූයේ ඇය වෙනත් පුද්ගලයකුට විවාහකරදීමටයි.. ඒත් ඇය මොනවා කරන්නද..? මව්පියන්ගේ තීරණය ඉස්සරහා ඇය අසරණයි.. මේ ගැන ඇය පෙම්වතා වන කසුන්ට පැහැදිලි කර දෙන්නට අවස්ථා කිහිපයකදීම උත්සාහ ගත්තා.. ඒත් වැඩක් වුණේ නැහැ.. මෙය දැනගත් ඔහු ඇයගේ නිවසට ගොස් මව්පියන්ට තර්ජනය කළා..
මේ අතර ඇයගේ ඥාති සොහොයුරියක් හදිසියේ අසනීප වී ගාල්ල නගරයේ පෞද්ගලික රෝහලකට ඇතුළු කළ අතර ඇය සාත්තුවට ළඟ සිටියා.. ඥාති සොහොයුරිය සුවය ලබා ත්‍රිරෝද රථයක නැගී ඇය සමග යාමට පිටත්වුණා..
ගාල්ල නගරයේ සිට ටික දුරක් යනවිට පසු පසින් පැමිණි වාහනයක් ත්‍රිරෝද රථයේ මග හරස්කොට නතර කළේ ඒ දෙදෙනාටම හිතන්නවත් වෙලාවක් ඉතුරු කරලා නෙවෙයි.. එයින් බැස ගත් ඇයගේ පෙම්වතා ඇය ඇද තමා පැමිණි වාහනයට දමා ගත්තා.. ඥාති සොහොයුරිය මේ සිද්ධිය අකුරන් නෑර නිවසට ගොස් කිවා..
ඇයගේ පෙම්වතා ඇය හෝටල් කාමරයකට ගෙන ගිය අතර ඥාති සොහොයුරියගේ පියා පොලිසියට ගොස් සිද්ධිය පැමිණිලි කළා... හෝටල් කාමරයට ගියත් ඔහු බලාපොරොත්තු වූ දේ ඉටුකර ගැනීමට ඇය ඉඩ දුන්නේ නැහැ... උදයේ පෙම්වතා ඇය විවාහ රෙජිස්ටාර්වරයකු වෙත කැඳවා ගෙන ගියේ මිතුරන් දෙදෙනෙකුද සමඟයි..
මනමාලයාගේ පාර්ශ්වය වෙනුවෙන්ද මනාලියගේ පාර්ශ්වය වෙනුවෙන්ද අත්සන් කරනු ලැබුවේ මනමාලයා සමඟ ආ ඔවුන් දෙදෙනායි..
විවාහය ලියාපදිංචි කිරීමෙන් පසු දෙදෙනා යළිත් හෝටල් කාමරයට ගිය අතර මිතුරෝද විසිර ගියා.. ඇයගේ නිවසින් කළ පැමිණිල්ලකට අනුව පසුදින උදෑසනම ඔහු තම බිරිඳ සමග විවාහ සහතිකයත් රැගෙන පොලිසියේ පෙනී සිටින්නට ගියේ මව්පියන් කළ දේට පලිගන්න ලෙසින්..