ජනාධිපතිවරයා වෙනුවෙන් ජනාධිපති මන්දිර දෙකක් පමණක් තබා ගැනීම රජයේ බලාපොරොත්තුව බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජතිස්ස සඳහන් කරනවා.
අද පැවති අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.
ඒ අනුව කොළඹ පිහිටි ජනාධිපති මන්දිරය සහ මහනුවර පිහිටි ජනාධිපති මන්දිරය ජනාධිපතිවරයාගේ රාජ්‍ය තන්ත්‍රික කටයුතු වෙනුවෙන් රඳවා ගැනීමට බලාපොරොත්තු වන බවයි අමාත්‍යවරයා පවසන්නේ.
දිවයිනේ අනෙකුත් ප්‍රදේශවල පිහිටා ඇති ජනාධිපති මන්දිර සහ මැති ඇමතිවරුන් වෙනුවෙන් ඇති නිල නිවාස රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය මගින් ලබා දෙන වාර්තාවක් අනුව ප්‍රයෝජනය කටයුත්තක් සඳහා ගන්නා බවත් ඔහු සඳහන් කරනවා.