මේ කියන්න යන්නේ බොහෝ දෙනෙක් දැනගන්න පුන පුනා බලා සිටි තවත් විශේෂ කාරණයක් ගැන කතාවක්..
විදුලි බිල අඩු වීමට සාපේක්ෂව භාණ්ඩ මිල අඩු වීම ඉදිරි සති දෙකෙන් පසු සිදුවන බව, සමස්ත ලංකා කුඩා කර්මාන්තකරුවන්ගේ සංගමය සඳහන් කරනවා..
පසුගිය 17වැනිදා සිට බලපැවැත්වෙන පරිදි කර්මාන්ත ක්ෂේත්‍රයේ විදුලි බිල30%කින් අඩු කිරීමට මහජන උපයෝගිතා කොමිසම විසින් කටයුතු කළ බවද එම සංගමයේ සභාපති නිරුක්ෂ කුමාර මහතා සඳහන් කළා..
මේ අනුව ඊයේ (20දා) සිට නිෂ්පාදනය කරන භාණ්ඩවලට අදාළ විදුලි පරිවැය අඩු වී තිබෙන බවත්, එහි වාසිය ලෙස භාණ්ඩ මිල 5%ත් 10%ත් අතර මුදලකින් අඩු වන බවද පැවසුවා..
මේ ආකාරයට නිෂ්පාදනය කරන භාණ්ඩ සති දෙකක් පමණ වන විට වෙළෙඳ පොළට නිකුත් වන බවත්, මේ අනුව අදාළ සහනය ජනතාවට හිමිවන බවද කියා සිටියා..
මීට අමතරව කොණ්ඩා කැපීම, වාහන පිරිසිදු කිරීම වැනි සේවා සැපයීම්වල ගාස්තුව පවා ක්‍රමානුකූලව අඩු වන බවත්, විදුලි ගාස්තු අඩු කිරීම තුළින් කර්මාන්තකරුවන්ට යම් සහනයක් ලැබී තිබෙන බවද සඳහන් කළා...
දිනමිණ පුවත්පත ඇසුරෙන්..