සිරුරේ තැන්පත් මේදය ඉක්මනින් අඩු කරගන්න අපි කවුරුත් කැමතියි.
සිරුරේ මේදය ඉක්මනින් අඩු කරගන්නට හැකි වඩාත් සාර්ථකම ප්‍රතිඵල සහිත මේ පාන වර්ග ඔයා දන්නවාද බලන්නකෝ...
කුරුඳු මීපැණි පානය
බොහෝ දෙනෙකුගේ ශරීරයේ මේදය තැන්පත් වන්නේ උදරය ආශ්‍රිත ප්‍රදේශයේ. සිරුරේ හැඩය වෙනස් වීම මෙන් ම රෝග රාශියකට අත වැනීමක් ද මේ නිසා සිදු වෙනවා. කුරුඳු මීපැණි පානය උදරය ආශ්‍රිත මේදය ඉතා ඉක්මනින් අඩු කරනවා. එමෙන් ම සිරුරේ පරිවෘත්තීය ක්‍රියා මනා ලෙස සිදු කරන්නටත් උපකාරී වෙනවා. පිටතින් එක වෛරස් සහ බැක්ටීරියාවලින් ඔබ ආරක්ෂා කරමින් ප්‍රතිශක්තිකරණ පද්ධතියේ යහ පැවැත්මටත් කුරුඳු මීපැණි පානය උපකාරී වෙනවා. ප්‍රතිඔක්සිකාරක ගුණයෙන් ද මෙම පානය යුක්ත වනවා.
හදන්නේ මෙහෙමයි
කුරුඳු තේ හැන්දක් සහ මී පැණි තේ හැන්දක් උණු වතුර කෝප්පයක විනාඩි 10ක් තම්බා උදෑසන පානය කරන්න.
දෙහි මීපැණි පානය
දෙහිවලට ඔබේ සිරුරේ මේදය ඉක්මනින් අඩු කරන්නට හැකියාව තිබෙනවා. පරිවෘත්තීය ක්‍රියා නිසි පරිදි සිදු කරන්නට උදව් දෙන්නටත් දෙහිවලට පුළුවන්. දෙහි ඔබේ ශරීරයේ ප්‍රතිශක්තිය ද වැඩි කරනවා. ආහාර ජීර්ණ පද්ධතියේ මනා ක්‍රියාකාරිත්වයටද දෙහි මීපැණි පානය උපකාර වනවා. ප්‍රතිඔක්සිකාරක ගුණයෙන් යුතු නිසා සමේ නීරෝගීමත්බවත් ඉහළ නංවනවා.
හදන්නේ මෙහෙමයි
දෙහි ගෙඩියකින් බාගයක යුෂ සහ මීපැණි තේ හැන්දක් ගෙන මද උණුසුම් වතුර කෝප්පයක මිශ්‍ර කර උදෑසන පානය කරන්න.
ඉඟුරු මීපැණි පානය
ඉඟුරු අඩංගු පානවර්ගවලට කුස පිරුණු ස්වභාවයක් ගෙන දෙනවා. එමගින් ආහාර වේලකට පෙර පානය කිරීමෙන් ආහාර ප්‍රමාණය අඩුවෙන් ගන්නට සිදු වෙනවා. ඉඟුරු ප්‍රතිශක්තිය ඉතා හොඳින් වඩවනවා. රුධිර සංසරණ පද්ධතියේ යහ පැවැත්මටත් ඉඟුරු හේතු වෙනවා. ඉඟුරුවලට ඔබේ මානසික පීඩාව සමනය කරන්නටත් පුලුවන්.
හදන්නේ මෙහෙමයි
ඉඟුරු කැබැල්ලක් හොඳින් තලා වතුර කෝප්පයක දමා උණු කර මීපැණි තේ හැන්දක් එක් කර පානය කරන්න.
සෞඛ්‍යමත් ආහාර වේලක් සමග මේ පානයක් උදෑසන පානය කරනවා නම්, අනවශ්‍ය මේදය ඉක්මනින් අඩු කරගැනීම තව දුරටත් ගැටලුවක් නොවෙයි.
මේ කිසියම් ම අමුද්‍රව්‍යකින් ඔබට අසාත්මිකතා ඇති කරනවා දැයි හොඳින් සැලකිලිමත් විය යුතුයි. මීපැණි අධික උෂ්ණත්වයේ දී සමහර අයට අසාත්මිකතා ඇති කරනවා. එමෙන් ම ඔබ ගර්භනී නම්, ගැස්ට්‍රයිටිස්වලින් පෙළෙන්නේ නම්, ඔබ කිසිසේත් මේවා භාවිතා කිරීම සුදුසු වන්නේ නැහැ.
අන්තර්ජාලයෙන්...