අමෙරිකානු දේශපාලනයේ වඩාත් රැඩිකල් චරිතයක් ලෙස ප්‍රකට ඩොනල්ඩ් ට්‍රම්ප් එරට 47 වැනි ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දුන් වග මේ වන විට බොහෝ දෙනා අතර කතාබහ වන පුවතක් බවට පත්වෙලා..
ඔහු අමෙරිකානු ජනපති ධුරය හොබවන දෙවැනි අවස්ථාව මෙයයි...
මෙම දිවුරුම් දීමට සමගාමීව අමෙරිකාව ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ඉවත් වීම ඇතුළු ආන්දෝලනාත්මක විධායක නියෝග 200කට පමණ ට්‍රම්ප් අත්සන් තැබුවා..
ඩොනල්ඩ් ට්‍රම්ප් දිවුරුම් දීමේ උත්සවය ආරම්භ වුණේ වොෂින්ටන් හි ලෆායට් චතුරස්‍රයේ පිහිටි ඓතිහාසික සාන්ත ජොන් දේවස්ථානයේ පැවැති දේව මෙහෙයෙන්..
ඊට ට්‍රම්ප් ද සමග බිරිඳ මෙලෙනියා ට්‍රම්ප් එක්ව සිටියා..
අනතුරුව ට්‍රම්ප් ධවල මන්දිරයේ පැවැති තේ පැන් සංග්‍රහයකට එක්වූ අතර ඔවුන් පිළිගනු ලැබුවේ ධුරයෙන් නික්ම යන ජනපති ජෝ බයිඩ්න් සහ බිරිඳ ජිල් බයිඩ්න් විසින්..
එම තේපැන් සංග්‍රහයට උප ජනාධිපති ධුරයට නම් කර සිටින ජේ.ඩී.වාන්ස් සිය බිරිඳ වන ඌෂා වාන්ස් ද එක් වූ අතර ඔවුන් පිළිගනු ලැබුවේ හිටපු උප ජනපතිනි කමලා හැරිස් සහ ඇයගේ සැමියා විසින්..
අනතුරුව ජෝ බයිඩ්න් සමග ඩොනල්ඩ් ට්‍රම්ප් ජනපති පදවි ප්‍රාප්ති උත්සවයට සහභාගි වීම සඳහා පිටව ගියා..
කෙසේවෙතත් හිටපු ජනාධිපති බැරක් ඔබාමා සිය බිරිඳ වන මිෂෙල් ඔබාමා නොමැතිව උත්සවයට එක්ව සිටීම විදෙස් මාධ්‍යවල දැඩි කතාබහට ලක්වුණා..
ලොව ධනවත්ම පුද්ගලයින්ගේ ලැයිස්තුවේ පෙරමුණේ පසුවන ඉලෝන් මස්ක්, ජෙෆ් බේසොස් මෙන්ම මාර්ක් සකර්බර්ග් ඇතුළු ධන කුවේරයින් සහ ලොව පුරා රාජ්‍ය තාන්ත්‍රිකයින් විශාල පිරිසක් උත්සවයට එක්ව සිටියා...
අනතුරුව ට්‍රම්ප් සිය දිවුරුම් දීමට පෙර බිරිඳ මෙලෙනියා ට්‍රම්ප් සිප ගැනීමත් මෙහිදී දැඩි අවධානයක් දිනාගත්තා...
එම අවස්ථාවෙන පසු පැමිණ සිටි පිරිස ඇමතූ ඔහු පැවසුවේ මේ වගේ කතාවක්..
"අද පටන් අපේ රට සශ්‍රීක වී ලොව පුරා ගෞරවයට පාත්‍රවනු ඇත. ට්‍රම්ප් පරිපාලනයේ සෑම දිනයක්ම ඉතා සරලව අමෙරිකාවට මුල්තැන දී කටයුතු කරනවා. මෙතැන් සිට අමෙරිකාවේ පරිහානිය අවසන් වනවා. ඉතිහාසයේ ඕනෑම ජනාධිපතිවරයෙකුට වඩා මා පරීක්ෂාවට සහ අභියෝගයන්ට ලක්ව ඇති අතර ඒ තුළින් මා බොහෝ දේ ඉගෙන ගත්තා. මගේ අරමුණ නැවැත්වීමට කැමැත්තෙන් සිටි පිරිස් මගේ නිදහස උදුරා ගැනීමටත් මගේ ජීවිතය නැති කිරීමටත් උත්සාහ ගත්තා. මීට මාසයකට පෙර පෙන්සිල්වේනියා හිදී ඝාතකයෙකුගේ උණ්ඩයක් මාගේ කන පසාරු කරගෙන ගමන් කළා. එහෙත් එදා මට දැණුනා වගේම අදටත් මා විශ්වාස කරනවා මගේ ජීවිතයේ ගැලවුණේ යම් හේතුවක් නිසා බව. අමෙරිකාව නැවත ශ්‍රේෂ්ඨ ජාතියක් බවට පත්කරන්න දෙවියන් වහන්සේ මා ගලවා ගනු ලැබුවා. ඒ වගේම අද දිනයේ මා අත්සන් කරනවා විදේශීය මත්ද්‍රව්‍ය ජාවාරම් කණ්ඩායම් ත්‍රස්තවාදීන් ලෙස නම් කිරීමේ නියෝගයටත්. මෙතැන් සිට එක්සත් ජනපද රජයේ නිල ප්‍රතිපත්තිය වන්නේ ස්ත්‍රී සහ පුරුෂ දෙපාර්ශ්වයන් පමණි. පිරිමින් සහ ගැහැණු. ඒ වගේම මෙතැන් සිට අපි මෙක්සිකානු බොක්ක, අමෙරිකානු බොක්ක ලෙස නම වෙනස් කරනවා. අනුවණ තෑග්ගක් ලෙස අප ලබාදුන් පැනමා ඇළ සම්බන්ධයෙන් පැනමාව අපට දුන් පොරොන්දු කඩකර තිබෙනවා. චීනය විසින් පැනමා ඇළ අද පාලනය කරනවා. නමුත් අප එය චීනයට දුන්නේ නැහැ. අපි එය පැනමාවටයි ලබාදුන්නේ. ඒ නිසා අප නැවත එය ලබාගන්නවා. අපගේ බලයෙන් සියලු යුද ගැටුම් නවතා දමනවා."