මේ කියන්න යන්නේ පාසල් යන ඔයාට සතුටු හිතෙන පුවතක් ගැන.
තෝරාගත් පාසල් සිසුන් , පිරිවෙන්වල ගිහි පැවිදි සිසුන් හා සීල මාතාවන් සඳහා පාසල් පාවහන් යුගලක් ලබා දීමේ වැඩසටහන ක්‍රියාත්මක කිරීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා.
2015 වර්ෂයේ සිට තෝරාගත් පාසල් සිසුන් සඳහා පාසල් පාවහන් යුගලක් ලබා දීමේ වැඩසටහන අධ්‍යාපන අමාත්‍යංශය මඟින් ක්‍රියාත්මක කර ඇති අතර, 2020 වර්ෂයේ සිට 2023 වර්ෂය දක්වා තෝරාගත් පිරිවෙන්වල ගිහි පැවිදි සිසුන් හා සීල මාතාවන් ද එම වැඩසටහන යටතට ගෙන තිබෙනවා.
මෙසේ පාසල් පාවහන් මිලදී ගැනීමට රුපියල් 3000 ක තිලිණ පතක් ලබා දීමටයි කැබිනට් අනුමැතිය හිමිව තිබෙන්නේ.