මූල්‍ය වංචාවලට හසුවෙන ඕනෑතරම් පුද්ගලයින් ගැන මීට පෙර අවස්තා කිහිපයකදී දැනගන්න ලැබුණා..
ඒ නිසා දිවයිනේ ඇතැම් ප්‍රදේශවලින් අසන්න දකින්න ලැබුණේ, විවිධ අවාසනාවන්ත සිදුවීම්..
ඒ කතා අතරේ මේ කියන්න යන්නෙත් අන්න ඒ වගේ තවත් එක් කතාවක්..
ආර්ථිකයෙන් පීඩාවිඳින තමන්ව ණය උගුල් මාෆියාවකට හසුකර නොයෙකුත් මානසික වධ හිංසාවලට ලක්කරමින් දිවි නසා ගැනීමට පවා සිත්දෙන ඔන්ලයින් ණය ජාවාරම්කරුවන් ගෙන් තමන්ව බේරා ගැනීමට මැදිහත් වෙන්නයි ඉල්ලා පුද්ගලයන් පිරිසක් ජනාධිපති මහජන සම්බන්ධතා අංශයට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති බවට වාර්තා වෙනවා...
ඔන්ලයින් හරහා ක්ෂණිකව ණය ලබාදී මහා පරිමාණයෙන් ජනතාවට මූල්‍ය වංචා සිදුකරන මෙම ජාවාරම්කරුවන්ට එරෙහිව රජයේ අවධානය යොමුවිය යුතු බවත් මෙම ණය උගුලට හසුවූ තමන් ඉතා අසරණ තත්ත්වයකට පත්ව ඇති බවත් රජය මැදිහත් වී මීට කඩිනමින් විසඳුම් ලබාදෙන ලෙසත් ඔවුහු ඉල්ලා සිටිනවා..
මෙම ඔන්ලයින් ණය ජාවාරමට හසුවූ කාන්තාවන් ලක්ෂ දෙකක් පමණ මහත් පීඩාවිඳින බවත් මේ හේතුවෙන් විශාල සමාජ ව්‍යසනයක් පවුල් කුටුම්භ බිඳ වැටීම්වලට පවා හේතු වී ඇති බවත් ඔවුහු පෙන්වා දෙනවා..
රුපියල් පන්දහසක ණය මුදලක් ලබාගත්තද ඉතාම කෙටි දින කිහිපයක් තුළ තමන්ව ලක්ෂය ඉක්මවූ ණයකරුවෙක් බවට පත්කර එම මුදල කෙසේ හෝ ලබා ගැනීමට ඔවුන් විවිධ උපක්‍රම යොදන බව ද ඔවුහු පවසනවා..
ඉතාම සුළු මුදලක් ක්ෂණිකව ලබාදුන්න ද ගෙවීම පැහැරහරින හෝ ගෙවීම ප්‍රමාදවන ණයකරුවන්ට එරෙහිව මෙම ජාවාරම්කාර ජාලය විසින් නොයෙකුත් මානසික තාඩන පීඩන පමුණුවන බව ද අධිකරණ නියෝග සහිත ව්‍යාජ ලිපි ලේඛන හා චෝදනා පත්‍ර යොමුකරමින් විවිධ බලපෑම් සිදුකරන බවයි වැඩිදුරටත් දැනගන්නට ලැබෙන්නේ...
‘විනාඩි පහෙන් ලෝන්’ එකක් මැයෙන් ෆේස්බුක් සමාජ මාධ්‍ය හරහා ලැබෙන පෝස්ටුවට ‘ක්ලික්’ ඔබා අවතීර්ණ වීමෙන් මෙම ජාවාරම්කරුවන් නිර්මාණය කරන ලද ඇප් එක ඩවුන්ලෝඩ් වෙනවා..
එහි ඇති කෙටි ආකෘති හතර සම්පූර්ණ කිරීමත් සමඟ තමන් සතු ජංගම දුරකථනයේ සියලු දත්තයන් ෆේස්බුක් ගිණුමේ තොරතුරු හා වි්‍ද්‍යුත් ලිපිනයේ අඩංගු සියලු තොරතුරු මෙම ජාවාරම්කරුවන් අතට පත් වෙනවා..
ණය ඉල්ලුම්කරුගේ සියලු පෞද්ගලික දත්තයන් ක්ෂණිකව ග්‍රහණය කරගන්නා ඔන්ලයින් ණය ජාවාරම්කරුවන් එම දත්තයන් උපයෝගි කරගනිමින් ණය ගෙවීම් ප්‍රමාද කරන හෝ පැහැරහරින පුද්ගලයන්ට එරෙහිව ඉතා අමානුෂික ලෙස ක්‍රියා කරන අතර, තමන් ඉතා වංචනික පුද්ගලයකු හැටියට ඡායාරූප හා ජීවදත්ත ඇතුළත් කරුණු සමග දුරකථනයේ ඇති සියලු අංකවලට කෙටි පණිවිඩ සහ පෝස්ටු නිකුත් කෙරෙනවා.. එමෙන්ම නීතිපති කාර්යාලයේ, නීතිඥයින් ලෙසින් මෙන්ම පොලිස් නිලධාරීන් ලෙසින් ද ව්‍යාජව පෙනී සිටින මෙම ජාවාරම්කරුවන් ණය ලබාගත් පුද්ගලයින්ට දුරකථන හරහා වාචික බලපෑම්කරණය ද එල්ල කරන බව මෙම ණය ලබාගත් පුද්ගලයින් පවසනවා..
මෙම ඔන්ලයින් ණය දීමේ ජාවාරම නීත්‍යනුකූල නොවන බවත් ඒවා නීති විරෝධී ක්‍රියාවක් බවත් නීතිවේදින් පෙන්වා දෙනවා..
ඉලෙක්ට්‍රොනික් ගනුදෙනු පනතට අනුව ඔන්ලයින් හරහා ගනුදෙනු කළ හැකි වුවත් 2019 වසරේ සිට බල පැවැත්වෙන පරිදි ඔන්ලයින් හරහා මූල්‍ය ණය ආයතන පවත්වාගෙන යාමට ශ්‍රී ලංකා මහ බැංකුවේ විශේෂ අවසර බලපත්‍රයක් ලබාගත යුතු බව නීති විශාරදයන් සඳහන් කරන්නේ.. මෙම ඔන්ලයින් ණය දීමේ ජාවාරම නීති විරෝධී බව නීතිඥ පාර්ශ්වය ද පෙන්වා දෙනවා..
දිවයින පුවත්පත ඇසුරෙන්..