මේ දවස්වල දිගින් දිගටම අස්වැසුම ගැන විවිධ කතා අසන්න ලැබුණා..
අස්වැසුම ආධාර ක්‍රියාවලිය සමාලෝචනය කිරීමට රජය තීරණය කර තිබෙනවා...
මුදල් සහ ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය හර්ෂන සූරියප්පෙරුම විසින් මේ බව පැවසුවා..
ඔහු අද පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් කියා සිටියේ ඒ සඳහා සුදුසුකම් ඇති නමුත් තවමත් ඒ සඳහා ප්‍රතිලාභ ලැබී නැති අයවලුන් ඇතුළත් කර ගැනීම සඳහා මේ වන විට පරීක්ෂණ ආරම්භ කර ඇති බවයි..