මේ අනතුර ගැන ඊයේ බොහෝ දෙනෙක් කතා කළා.. මේ කියන්න යන්නේ අන්න ඒ ගැන ඇසෙන තවත් එක් කතාවක්..
පන්විල පොලිස් වසමේ හුළුගඟ බැද්දේගම මාර්ගයේ බැද්දේගම පාලම අසල සිදුවූ රිය අනතුරින් පසු මොරගහ ඔයට වැටී අතුරුදන්ව සිටි ජීප් රථයේ රියැදුරුගේ මළ සිරුර ඊයේ පෙරවරුවේ සොයාගත් බව පොලීසිය පවසනවා..
ප්‍රාඩෝ වර්ගයේ ජීප් රථය මාර්ගයෙන් ඉවතට පැන අඩි 300ක පමණ බෑවුමක් ඔස්සේ මොරගහ ඔයට පෙරළීමෙන් අනතුර සිදුවූ අතර එහි ගමන්ගත් විශ්‍රාමික විදුහල්පතිවරයකු හා ඔහුගේ බිරිය එම ස්ථානයේදීම මරණයට පත්වුණා..
ජීප් රථයේ ගමන් ගත් තවත් දෙදෙනකු තුවාල ලබා මහනුවර ජාතික රෝහලට ඇතුළත් කෙරුණු අතර රියැදුරු සම්බන්ධයෙන් තොරතුරක් සොයා ගැනීමට නොහැකියි..
ජීප් රථය පහළට පෙරළෙන අවස්ථාවේ ඔහු ඉන් විසිවී ගොස් මොරගහ ඔයට වැටෙන්නට ඇති බවට ඇති වූ සැකය මත සිදුකළ සෝදිසි මෙහෙයුමක දී මළ සිරුර ජීප් රථය තිබූ ස්ථානයේ සිට අඩි 200ක් පමණ පහලින් තිබී සොයා ගැනීමට පොලීසිය, නාවික හමුදාව හා ප්‍රදේශවාසීන් සමත්ව තිබෙනවා...
ගැමුණු හරිශ්චන්ද්‍ර නමැති රියදුරු ද මියගිය ගුරු යුවළගේ ඥාතියෙක්... මියගොස් ඇත්තේ බැද්දේගම තවලම්තැන්නේ පදිංචි 82 හැවිරිදි විශ්‍රාමික විදුහල්පතිවරයෙකු වන කපුරුකැටියේ ප්‍රේමසුන්දර හා ඔහුගේ බිරිය වන 77 හැවිරිදි ආර්.ජී. කරුණාවතී නමැති විශ්‍රාමික ගුරුමාතාවක්...
තෙල්දෙණිය කොට්ඨාස භාර ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ රොෂාන් අමරසිංහගේ මෙහෙයවීමෙන් පන්විල පොලීසිය අනතුර සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වනවා..