ඔවුන්ගේ මරණය ගැන මේ වෙද්දිත් බොහෝ දෙනා කම්පා වෙනවා...
අධික ණය බර වගේම තවත් කාරණා ගොඩක් මේ තීරණය පිටුපස තිබෙන්නට ඇති කියලා බොහෝ දෙනෙක් කිව්වත් මෙන්න ඒකට ඇත්තම හේතුව හෙළි වෙලා..
ඒ ගැන දැන් ඇසෙන කතාව ගැනයි මේ ඔබට කියන්න යන්නේ..
පන්නල, කංකානියම්මුල්ල රක්ෂිතයේ තිබී ඊයේ සොයාගත් මියගිය අඹු සැමි යුවලගේ සිරුරු සම්බන්ධයෙන් වූ පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු කුලියාපිටිය ශික්ෂණ රෝහලේදී අද (20) සිදු කෙරුණා.
එහිදී අනාවරණය වී ඇත්තේ යුවල වස පානය කිරීම නිසා මරණය සිදුව ඇති බවයි.
එම මරණ සම්බන්ධයෙන් මේ වන විට විවිධ තොරතුරු අනාවරණය වෙමින් පවතින බවයි පොලිසිය පවසන්නේ.
මරණවලට හේතුව අධික ලෙස ණය වීම බවයි ඔවුන්ගේ නිවැසියන් පවසා ඇත්තේ.
ඒ අනූව මියගොස් සිටින යුද හමුදා මේජර්වරයෙක් බව කියන සැමියා online මූල්‍ය ගනුදෙනු හා online සූදු ක්‍රීඩාවේ නිරතව සිටි බව වාර්තා වනවා.
මේ අතර වාර්තා වී ඇත්තේ ඔහු ඥාතින් කිහිප දෙනෙකුට හා තවත් පාර්ශ්ව කිහිපයකට රුපියල් ලක්ෂ 20, 40 සහ එවැනි වටිනාකම්වලින් ණය වී සිටි බවයි.
මේ හේතු මත මියගිය අය විසින් ලියන ලද ලිපියක් ද ඔවුන් සතුව තිබිය දී පොලිසියට හමුව තිබෙනවා.
"ජීවිතය ගොඩගන්න අපි ගොඩක් ට්‍රයි කළා... ඒත් අපිට වැරදුණා... අක්කලා කියන ඒවත් අපි දන්නවා.." යැයි කරුණු රැසක් එම ලිපියේ සඳහන්.
මොවුන් දෙදෙනා අධික ණය බරින් සහ ආර්ථික ගැටලුවලින් පෙළී ඇති බව එම ලිපියේ සඳහන් කරුණු මත සනාතවන බව පන්නල පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක දිනුක් ප්‍රියංජිත් හිරු නිවුස් වෙත පැවසුවා.
යුද හමුදා මේජර්වරයෙක් වන මියගිය පුද්ගලයා අකුරේගොඩ යුද හමුදා මූලස්ථානයේ සේවයේ නිරතව තිබෙන අතර ආරක්ෂක අමාත්‍යංශයේ ගණකාධිකාරීවරයෙක් ලෙස කටයුතුකර තිබෙන බව පැවසෙනවා.
මොහු අවසථා කිහිපයකදීම සියදිවි නසා ගන්නා බව ප්‍රකාශ කරමින් නිවෙසින් පිටව ගිය අවස්ථා තිබූ බවයි එම නිවැසියන් පවසා ඇත්තේ.
මේ යුවළට දාව උපන් වයස අවුරුදු 4ක් පමණ වන දරුවෙක් සිටින බව පැවසෙනවා.
මේ යුවළ ඉකුත් (18) නිවසින් පිටත්ව ගිය පසුව අවසන් වරට නිවසට දුරකතන ඇමතුමක් ලබාදී මිත්තණියගෙන් දරුවා පිළබඳව විමසා තිබෙනවා.
එසේ කළ බලයෙන් දුන් ඇමතුමට පසුව එම මිත්තණිය නැවත එම දුරකතනයට ඇමතුම් රැසක් ලබාගෙන තිබෙන අතර ඊට ප්‍රතිචාර දක්වා නැති බවයි පැවසෙන්නේ.
මේ අනූව පොලිසිය පැවසුවේ එම මිත්තණිය විසින් ඔවුන්ට දුරකතන ඇමතුම් 119ක් ලබාගෙන තිබෙන බවට සටහන්ව තිබූ බවයි.
මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වයස අවුරුදු 37 ක පුරුෂයෙක් හා අවුරුදු 32 ක කාන්තාවක්.
එම මියගිය පුරුෂයා යුද හමුදාවේ මේජර්වරයෙක් වන අතර කාන්තාව පාසල් ගුරුවරියක්.
මොවුන් ඊයේ (18) පෙරවරුවේ සැමියාගේ නිවසින් පිටත්ව පැමිණ තිබෙන බවයි පැවසෙන්නේ.
පසුව කංකානියම්මුල්ල රක්ෂිතය ආසන්න මාර්ගයේ යතුරු පැදිය නවත්වා අඩි කිහිපයක් කැළය ඇතුළට ගොස් තිබෙනවා.
ඒ අනුව යුවළ ඊයේ පෙරවරුවේ යුවළ වස පානය කර තිබෙන බවයි පොලිසිය හඳුනාගෙන තිබෙන්නේ.
යුවළ මියගිය ස්ථානයේ තිබී වස සහිත කුප්පියක් සහ පැණි බිම අඩංගු බෝතලයක් පොලිසිය සොයාගෙන තිබෙනවා.
මළ සිරුරු තිබූ තැනට මදක් දුරින් මාර්ගයේ ඔවුන් පැමිණි බවට සැක කෙරෙන යතුරු පැදිය හමුව තිබෙන බවයි පන්නල පොලිසිය පවසන්නේ.
එම යතුරු පැදිය සැකකටයුතු ලෙස බොහෝ වේලාවක් නවත්වා තිබීම හේතුවෙන් පොලිසියට ලද තොරතුරක් අනුවයි මළ සිරුරු සොයාගෙන තිබෙන්නේ.
සිද්ධිය සම්බන්ධයෙන් පන්නල පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක දිනුක් ප්‍රියංජිත්ගේ උපදෙස් මත වැඩිදුර පරීක්ෂණ සිදුකරනවා.