ඔහු ගැන අද මුළු ලෝකයම කතා වෙනවා.. මේ කියන්න යන්නේ කවුරු ගැනද..?
ලොවක් කතා කරන ඩොනල්ඩ් ට්‍රම්ප් ගැන ඇසෙන අලුත්ම ආරංචිය මෙන්න..
අමෙරිකාවේ 47 වැනි ජනාධිපතිවරයා ලෙස දිවුරුම්දීමට නියමිත ඩොනල්ඩ් ට්‍රම්ප් මේ වනවිටත් පෙරලිකාර තීන්දු රැසක් ක්‍රියාත්මක කිරීමට සූදානමින් සිටින බව වාර්තා වනවා..
සංක්‍රමණිකයින් සම්බන්ධ නීති මෙන්ම, ටික් ටෝක් යෙදවුම තහනම් කිරීමට අදාළ තීන්දු තීරණ ද ඊට ඇතුළත්...
ඩොනල්ඩ් ට්‍රම්ප් අමෙරිකානු ජනාධිපතිවරයා ලෙස දිවුරුම්දීමේ උත්සවය එරට වේලාවෙන් අද පස්වරුවේ පැවැත්වීමට නියමිතව තිබෙනවා.. අධික ශීත කාලගුණය හේතුවෙන් මෙවර දිවුරුම්දීමේ උත්සවය කැපිටල් ගොඩනැගිල්ල තුළදී පැවැත්වෙන අතර අමෙරිකානු ජනාධිපති පදවි ප්‍රාප්ති උත්සවයක් ගෘහස්ථව පැවැත්වෙන්නේ වසර 40කට පසුවයි..
සෑම සිව් වසරකටම වරක් පැවැත්වෙන අමෙරිකානු ජනාධිපතිවරණයෙන් තේරී පත්වන නව ජනාධිපතිවරයාගේ පදවි ප්‍රාප්ති උත්සවය පැවැත්වෙන්නේ ජනාධිපතිවරණ දිනයෙන් දින 75කට පසුවයි..