හැමෝම බලාසිටි වාහන ආනයනයට ඉදිරියේදී මොනවා වේවිද..? මේ ඒ ගැන ඇසෙන තවත් එක් කතාවක්..
වාහන ආනයනය සඳහා පනවා තිබූ තහනම පෙබරවාරි 1 සිට ඉවත් කෙරෙන බවට ජනපති අනුර කුමාර දිසානායක පවසා තිබෙනවා.. ජනාධිපතිවරයා මේ බව පැවසුවේ දැනට රජය සතු සුඛෝපභෝගී වාහන වෙන්දේසි කිරීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් සිදුකළ ප්‍රකාශයක් අතරවාරයේදීයි..
දැනට ක්‍රියාත්මක ක්‍රමවේදවලට අනුව සුඛෝපභෝගී වාහන වෙන්දේසි කිරීමට රජය සැලසුම් කර ඇති බව ද ජනාධිපතිවරයා මෙහිදී පවසා තිබුණා.. එසේම කොටස් ලෙස මිල ගණන් සමථයකට පත් වූ පසු එය සිදුකිරීමට අපේක්ෂිත බවයි වාර්තා වෙන්නේ..
එසේම ආනයන සීමා ඉවත් කිරීමෙන් පසු ආරම්භක කාලසීමාව තුළ වාහන මිල ගණන් විශාල වශයෙන් වැඩි වීමේ ඉඩකඩක් පවතින බවටද ඇතැමුන් පවසන පසුබිමකයි ජනාධිපතිවරයා මෙසේ ප්‍රකාශ කර ඇත්තේ..