බොහෝ දෙනෙක් දියවැඩියාව වගේ රෝගවලින් මිදෙන්න කරවිල ආහාරයට ගන්නවා..
ඒත් අපි කරවිල හදනකොට කරවිල ඇට ගැන කිසි සැලකිල්ලක් දක්වන්නේ නැහැ නේද..? කිසි වියදමක් නැතුව ගොඩක් අය නොදැනුවත්ව විසි කරන කරවිල ඇට කලා නිරෝගී වෙන ආකාරය ගැනයි මේ කියන්න යන්නේ.. ඒ විතරක් නෙවෙයි, පිළිකාව නසන්නත් කරවිල ඇය කියන්නේ දිව ඔසුවක්..
රසායනික ද්‍රව්‍ය නොයොදා තම නිවසේම ඉතා පහසුවෙන් වගා කර ගන්න පුළුවන් මේ කරවිලවලින් විසි කරන ඇට පරිභෝජනට ගැනීම ගැන ඔබත් සිතුවාද?
කරවිල මද ආහාරයට ගැනීමෙන් සිරුරේ සීනි මට්ටම පහත හෙලුවත් මේ කරවිල ඇට නිතර පරිභෝජනයෙන් කිසිදු අහිතකර බලපෑමක් නොමැති බවද පර්යේෂණ මගින් සනාත කරගෙන තිබෙනවා..
කරවිල ඇටවල අඩංගු මේද අම්ලය අධික උෂ්ණත්වයකදි වුණත් විනාශ නොවන නිසා කරවිල ඇට තම නිවසේදීම වියළා හෝ බැද ආහාරයට ගැනීමෙන් මෙම වටිනා මේද අම්ලය ශරීරයට එකතු කර ගත හැකි බවත් වෛද්‍ය පර්යේෂණ මගින් සොයා ගෙන ඇත අතර, කරවිල ඇට සතු ඇල්ෆා ස්ටියරික් ෆැටි අසිඩ් ( alpha stearic fatty acid ) සතු පිළිකා නාශක ගුණ නිසා, දැන් පර්යේෂණ මගින් සොයා ගෙන පිළිකා රෝගීන් හට මේ කරවිල ඇට වලින් යම් ඖෂධ නිෂ්පාදනයන් සාදා අති බව ඔබ දන්නවාද?
අපි නිතරම ආහාරයට ගන්න මේ ඇට අව්වේ වියලා මදක් කබල් ගා කුඩු කර එළවළු සලාද වලට එක් කර ගන්න පුළුවන්..
ගෙඩියෙන් ඇට ඉවත් කළ විගසම ආහාරයට ගන්න, මදක් තිත්ත වුණත්, දැන් ඒ රසයට දිව හුරු නිසා ගැටළුවක් නෑ..
