ඔහු මේ දේවල් ගැන ඉගෙන ගත්තේ මෑතකදීයි..
ඒ විතරක් නෙවෙයි, අලුතෙන් යූටියුබ් යන්න ඉගෙන ගත්තා වගේම තමයි ඉන් විවිධ වර්ගයේ වැඩසටහන් නරඹන්නත් ඔහු පුරුදු වී සිටියා.. මේ කියන්න යන්නේ අන්න ඒ පුරුද්ද මැද වුණු අපූරු වැඩක් ගැන කතාවක්..
එදත් ඔහු පැත්තකට ගොස් යූ ටියුබ් නාලිකාවක් නරඹමින් සිටියේ කිසිම වෙනසක් නැතුවයි.. එදා කිසිදා නොදැක්ක පින්තූරයක් ජංගම දුරකතන තිරයේ දිස්ව තිබුණා... ඒ යට ඇඳුමින් සිටි කාන්තා රුවක්...
ඉංග්රීසියෙන් මොනවාදෝ ලියා තිබුණා... දැක්කම දෙපාරක් බැලිය හැකි රූපයක් නිසාම ඔහු ඒ දෙස බල සිටියේ වශී වෙලා වගේ... ඒ රූපය උඩින් ඔහුගේ ඇඟිල්ල මඳක් ඇතිල්ලිනි.. ඒ නොදැනුවත්මයි...
ඒ සමගම එක එක ජාතිය යට ඇඳුම් ඇඳගත් එක එක ජාතියේ කාන්තාවෝ මතුවුණා... මේ එන එන කාන්තා පින්තූර නතර කර ගැනීමට උත්සහා දරමින් සිටිවිටදී නිවාඩු දිනයක්වූ එදින භාර්යාව ඔහු සොයාගෙන ආවේ ජංගම දුරකතනයෙන් අලුත් කෑමක් සාදා ගැනීමට යූටියුබ් නාලිකාවක් බැලීමටයි..
ඇය ඔහුගේ ජංගම දුරකතනයට එබුණේ ඒ සඳහායි.. සැමියා කාන්තාවන්ගේ යට ඇඳි පින්තූර නරඹමින් ඉන්නවා දැක්ක නෝනාට මළ පැන්නා... ඒ ආසන්නයේ තිබුණේ කොස්සයි.. කොස්ස අතට ගත්තේ ජංගම දුරකතනයට පහර දෙන්නයි..
කොසු පහර වැදුණේ ෆෝන් එකට නොව ඔහුටයි.. ගමටම ඇසෙන්න මහ සද්දෙන් කෑගසා ගත් මොවුන් දෙදෙනාට හිටි හැටියේම මොකද මේ වුණේ කියන එක කාටත් ප්රශ්නයක් වුණා.. අවසානයේ මේ සිද්ධිය එළියට ආවේ ගෑනුන්ගේ අඩ නිරුවත් බලමින් සිටි සැමියාට බිරිඳ විසින් කොස්සෙන් ගැසුවා කියායි..