Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Jan
20
ඔවුන් දෙදෙනාම කලබලයෙන් නිවසට කතා කරලා දරුවාගේ සුවදුක් විමසලා.. අවසානයේ සිද්ධවෙලා තියෙන්නේ කිසිම කෙනෙක්ට හිතාගන්නවත් බැරි දෙයක්..

- ඔවුන් දෙදෙනාම කලබලයෙන් නිවසට කතා කරලා දරුවාගේ සුවදුක් විමසලා.. අවසානයේ සිද්ධවෙලා තියෙන්නේ කිසිම කෙනෙක්ට හිතාගන්නවත් බැරි දෙයක්..Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

6 Views
මේ කියන්න යන්නේ තවත් කම්පනයක් ඇති කරන පුවතක් ගැන කතාවක්.. 

පන්නල, කංකානියම්මුල්ල රක්ෂිතයේ තිබී මියගිය තරුණ යුවලකගේ සිරුරු දෙකක් ඊයේ පෙරවරුවේ සොයාගෙන තිබෙනවා..

එම මරණ සම්බන්ධයෙන් මේ වන විට තොරතුරු රැසක් අනාවරණය වී ඇතැයි පොලිසිය පවසනවා..

මියගිය අය විසින් ලියන ලද ලිපියක්ද ඔවුන් සතුව තිබියදී පොලිසියට හමුව තිබෙනවා..

''ජීවිතය ගොඩගන්න අපි ගොඩක් ට්‍රයි කළා... ඒත් අපිට වැරදුණා... අක්කලා කියන ඒවත් අපි දන්නවා..'' යැයි එම ලිපියේ සඳහන්..

මොවුන් දෙදෙනා අධික ණය බරින් සහ ආර්ථික ගැටලුවලින් පෙළී ඇති බවද එම ලිපියේ සඳහන් බවයි පොලිසිය හිරු නිවුස් වෙත පැවසුවේ..

ස්ථානිය ලක්ෂණ අනුව මරණයට හේතුව වස පානය කිරීමක් බවටයි පොලිසිය හඳුනාගෙන ඇත්තේ..

මෙලෙස සියදිවි නසාගෙන ඇත්තේ යුද හමුදා මේජර්වරයකු වන අනුක්කනේ කුඹුක්කොටුව වත්ත පදිංචි සමරසිංහ පතිරණගේ ජානක චතුරංග නමැති 38 හැවිරිදි පුද්ගලයකු සහ ඔහුගේ බිරිඳ වන දේශානි අනුරාධිකා නමැති 32 හැවිරිදි කාන්තාවක්... ඇය ගුරුවරියක්...

සැමියා කුලියාපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවට තහවුරු වී තිබෙන අතර බිරියගේ හැඳුනුම්පත අනූව ඇය කඩුවෙල ප්‍රදේශයේ පදිංචිකාරියක්.

මොවුන් පසුගියදා පෙරවරුවේ සැමියාගේ නිවසින් පිටත්ව පැමිණ තිබෙන බවයි පැවසෙන්නේ.

පසුව කංකානියම්මුල්ල රක්ෂිතය ආසන්න මාර්ගයේ යතුරුපැදිය නවත්වා අඩි කිහිපයක් කැළය ඇතුළට ගොස් තිබෙනවා.

ඒ අනූව යුවළ ඊයේ පෙරවරුවේ යුවළ වස පානය කර තිබෙන බවයි පොලිසිය හඳුනාගෙන තිබෙන්නේ.

යුවළ මියගිය ස්ථානයේ තිබී වස සහිත කුප්පියක් සහ පැණි බීම අඩංගු බෝතලයක් පොලිසිය සොයාගෙන තිබෙනවා.

මළ සිරුරු තිබූ තැනට මදක් දුරින් මාර්ගයේ ඔවුන් පැමිණි බවට සැක කෙරෙන යතුරු පැදිය හමුව තිබෙන බවයි පන්නල පොලිසිය පවසන්නේ.

එම යතුරුපැදිය සැකකටයුතු ලෙස බොහෝ වේලාවක් නවත්වා තිබීම හේතුවෙන් පොලිසියට ලද තොරතුරක් අනූවයි මළ සිරුරු සොයාගෙන තිබෙන්නේ.

මේ යුවළට දාව උපන් වයස අවුරුදු 4ක් පමණ වන දරුවෙක් සිටින බව පැවසෙනවා.

මේ යුවළ ඊයේ නිවසින් පිටත්ව ගිය පසුව අවසන් වරට නිවසට දුරකතන ඇමතුමක් ලබාදී මිත්තණියගෙන් දරුවා පිළබඳව විමසා තිබෙනවා.

එසේ කළබලයෙන් දුන් ඇමතුමට පසුව එම මිත්තණිය නැවත එම දුරකතනයට ඇමතුම් රැසක් ලබාගෙන තිබෙන අතර ඊට ප්‍රතිචාර දක්වා නැති බවයි පැවසෙන්නේ.

මේ අනූව පොලිසිය පැවසුවේ එම මිත්තණිය විසින් දුරකතන ඇමතුම් 119ක් ලබාගෙන තිබෙන බවට සටහන්ව තිබූ බවයි.

මොවුන් විසින් නිරතුරුවම මවුපියන්ගෙන් පවා මුදල් ඉල්ලා සිට ඇති බව නිවැසියන් පොලිසියට පවසා තිබෙනවා.

මළ සිරුරු සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු හෙට පැවැත්වෙන බවයි පොලිසිය හිරු නිවුස් වෙත පැවසුවේ.

සිද්ධිය සම්බන්ධයෙන් පන්නල පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරනවා.
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post




Master Sir
Master Sir
Wathsunu
Paata KUrullo
Ahas
Bambarek Awith
akurata yana welawe
Sihina Genena Kumari
Raja Gedara
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top